|

ජනතා බලය පාවාදෙන විපක්ෂයක් එපා – රටේ රාළ

පලාත් පාලන මැතිවරණ ප්‍රතිඵල දැන් රටට රහසක් නෙවෙයි.මැතිවරණය තියපු පලාත් පාලන ආයතන 339 යෙන් 265ක් මාලිමාව ජයග්‍රහණය කරලා තිබුණා.ඒ වගේම සජබය පලාත් පාලන ආයතන 14 ක් ජයග්‍රහණය කළා.ඊට අමතරව දෙමළ ජාතික සන්දානය 35ක්,මුස්ලිම් කොංග්‍රසය 06ක්,සමස්ථ ලංකා මහජන කොංග්‍රසය 03 ක් සහ ස්වාධීන කණ්ඩායමක් හපුතලේ නගර සභාව ජයග්‍රහණය කරලා තිබුණා.මාලිමාව දිනාගත්ත පලාත් පාලන ආයතනවලින් 116ක තමයි එයාලට ප්‍රත්නයක් නැතිව බලය පිහිටවන්න පුළුවන්.
ඊළඟට සජබය දිනපු සභා 14 ම එයාලට බලය පිහිටවන් බෑ.ආණ්ඩුව වගේම විපක්ෂයට බොහෝ තැන්වල එකම ඉරණම තමයි අත්වෙලා තියනවා. මාලිමාව එයාලා දිනලා 50% සම්පූර්ණ කරගන්න බැරිවුන පලාත් පාලන ආයතනවල බලය පිහිටවන්න උත්සාහයක් ගන්නවා.දැනට ඒ සභාවට පත්වෙලා ඉන්න ස්වාධීන මන්ත්‍රීවරුන් එක්ක සහ සමහර පක්ෂවල මන්ත්‍රීවරුන් එක්ක පෞද්ගලිකව සාකච්ඡා කරමින් ඉන්නවා.එයාලට ඔෆර් දෙනවා.
රටේ රාළ එන තොරතුරුවලට අනුව ඒ උත්සාහය සමහර තැන්වලදී සාර්ථක වෙලත් තියනවා.ඒක පැත්තකින් දේශපාලන පක්ෂයක් විදිහට මාලිමාව දරණ ඒ උත්සාහය අගය කරන්න ඕනි.ඒ උත්සාහය හචලා දකින්න වෙන්නේ එයාලා ඒ වැඩේ කරන්න හදන්නේ ප්‍රතිපත්තිමය කරුණු මත නෙවෙයි.ගනු දෙනු මතයි.දේශපාලන පක්ෂයක් නිර්මාණය කරන්නේම රාජ්‍ය බලයත් එක්ක ගනුදෙනු කරන්න.එක්කෝ රාජ්‍ය බලය ලබ ගන්න,නැත්තං රාජ්‍ය බලය ලබා ගත්තට පස්සේ ඒ බලය ආරක්ෂා කරගන්න.
රාජ්‍ය බලය ගත්තට පස්සේ වෙස්සන්තර වෙලා රාජ්‍ය බලය දීලා ගිය දේශපාලන පක්ෂ ගැන අපි අහලා නෑ.හැබැයි මෙතනදි විප්ෂයට ඒ උනන්දුව අවශ්‍ය ප්‍රමාණයට තියනවද කියන ප්‍රශ්නය තියනවා.අඩුම ගානේ විපක්ෂය බහුතර බලය හිමිකරගෙන තියෙන පලාත් පාලන ආයතනවල බලය පිහිටවන්නේ කොහොමද කියලා විදිමත් සාකච්ඡාවක් නෑ.තැන තැන එහෙම සාකච්ඡා සිද්ධ වෙනවා ඇති.හැබැයි සියල්ල සම්බන්ධීකරණය කරගෙන ටාගට් එකට යන පිරිසක් මෙතන පේන්නේ නෑ.
සජබය අය සාකච්ඡා කරන්නේ සජබය මුලික කරගෙන සභා පිහිටවීමක් ගැන විතරයි.සජිත් කියන්නේ ජනතාව පණිවිඩයක් දීලා තියනවලු වේපක්ෂයට එකතු වෙන්න කියලා.ඒකට අනුව විපක්ෂයට නායකත්වය දෙන්න සජිත් සුදානම්ලු. ඕවට තමයි කියන්නේ සජිත් බයිලා කියලා. පොහොට්ටුව දැනටත් තමන්ට ඒ පලාත් පාලන ආයතනවල රිමෝට් එක තියනවා කියනවා විතරයි.රිමෝට් එකෙන් වැඩක් ගන්න පාටක් පේන්නේ නෑ.දිලිත් කියන්නේ එයාලා කිසිම පක්ෂයක් එක්කම එකතු වෙන්නේ නෑ කියලයි. එජාපයේ ප්‍රධාන ලේකම් තලතා යම් උත්සාහයක් ගන්න බව පෙනුනත් එජාපයට මේ මධ්‍යස්ථ භූමිකාව ඉෂ්ඨ කරන්න පුළුවන් කමක් නෑ.ඒ වැඩේ කරන්න එක පැත්තකින් පුටුවට සුදුසුකම් තිබුණත් පුටුවේ නායකයෙක් ඊට ඉදිරිපත් වෙන බවක් පේන්නේ නෑ.
පොදුජන එක්සත් පෙරමුණේ මහ ලේකම් ලසන්ත අලගියවන්න,ඒ වගේම අනුර ප්‍රියදර්ශන යාපා වගේ මධ්‍යස්ථ මතධාරීන්ට මේ අවස්ථාව විවෘතව තියනවා.
ජනතාව විපක්ෂයට දීලා තියෙන මේ ජයග්‍රහණය විපක්ෂයක් විදිහට අතට ගන්නේ නැතිව සියල්ල මාලිමාවට පුජා කරන වෙස්සන්තර විපක්ෂයක් බවට මේ විපක්ෂය පත්වෙන්නත් බැරි නෑ.සජබයට හිමි ප්‍රාදේශීය සභාවල බලය පිහිටවගන්න බැරි උනොත් ඒක සජිත්ගේ දේශපාලනයට එල්ලවෙන තදබල පහරක්. විපක්ෂය මේ අවස්ථාව අතාරිනවා නම් ඉන්න පලාත් පාලන මන්ත්‍රීලා මාලිමාවත් එක්ක ඩීල් එකක් දාගන්න එක නතර කරන්න බෑ.
දැනටමත් ඒක සිද්ධ වෙමින් තියෙන්නේ විපක්ෂයේ කොන්ද පණ නැති නිසයි.ඇත්තටම විපක්ෂය සමගියෙන් ඒ අවස්ථාව ගන්නේ නැත්තං විපක්ෂය කරන්නේ තමන්ට ඡන්දය දුන්න ජනතාව පාවදීමක්. විපක්ෂයේ ඉන්න පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම්වල ඉන්නේ හොරු කියලා මාලිමාව විසින් කරපු අපහාසය ඒ පක්ෂ සහ කණ්ඩායම්වලට අමතක වෙන්න බෑ.වරදාන වරප්‍රසාදවලට තමන්ට හොරා කියපු අයත් එක්ක රෙදි ඇදගෙන නං එකතු වෙන්න ඔය කිසිම මන්ත්‍රී කෙනෙකුට බෑ.
මෙතන සන්ධානය මොකවත් හැදෙන්නෙ නෑ. මෙතන හැදෙන්නේ විපක්ෂයට බහුතර බලය හම්බ උන පලාත් පාලන ආයතන ටික කොහොමද පවත්වාගෙන යන්නේ කියන එකඟතාවයක් නිර්මාණය කරගැනීම විතරයි.ඒකත් බැරි නං මේක නපුංසක විපක්ෂයක් හැර වෙන මොකද්ද?මොකද අපේ රටේ දේශපාලන වශයෙන් එකඟතා හැදෙන්නේ ප්‍රතිපත්තිවලට අදාලව නෙවෙයි. අභියෝගයට අදාලවත් නෙවෙයි.තනතුරුවලට අදාලවයි.
මහ නගර සභාවල නම් නගරාධිපති,නියෝජ්‍ය නගරාධිපතිකමට අදාලවයි.ප්‍රාදේශිය සභාවක නං සභාපති,උප සභාපති කියන තනතුරුවලට අදාලවයි.විපක්ෂය මේ අවස්ථා පැහැර හරිනවා කියන්නේ එයාලට ආව ලොකු අවස්ථාවක් මඟ හරිනවා කියන එකයි.විපක්ෂයට ආපු පලාත් පාලන ආයතනවලට බලය අරන් මාලිමාවේ බොරුවට අභියෝග කරමින් ආදර්ශමත් පලාත් පාලන ආයතන බවට ඒවා පත් කරන්න පුළුවන් නම් ඒ විපක්ෂයට දැවැන්ත දේශපාලන වාසියක් හදා ගන්න පුළුවන් අවස්ථාවක්.මාලිමාව ගහලා තියන හොර ලේබල් ගලවගන්න පුළුවන්.
එහෙම සභාවලට ආණ්ඩුව කෙනිහිලිකම් කරනවා නම් ඒක වෙනම දේශපාලන මාතෘකාවක් බවට පත් කරන්නත පුළුවන්.කොළඹ මහ නගර සභාවේ බලය විපක්ෂ එකමුතුවකින් පිහිටවන්න පුළුවන් නම්.කොළඹ නගරයේ අභියෝගට උත්තරයක් එයාලට හදන්න පුළුවන් නම්.ඒ ගැන රටේම අවධානය යොමුවෙනවා.හැබැයි ඉතින් පිහිටවලා ටික දවසක් යනකොට ගහ මරා ගන්නවා නං ඉතින් ඒ සභා පිහිටවීමෙන් වැඩක් නෑ.මෙතනදී ඇතැම් විපක්ෂයේ අය මෙහෙමත් හිතනවා වෙන්න පුළුවන්.
විපක්ෂයට බලය තියන සභාවලුත් මාලිමාව අතට පත්වෙන්න ඇරලා බලා ඉන්නවා.ඊට පස්සේ මාලිමාවට ඇණ ගන්න ඇරලා ඒ වාසිය ගන්නවා කියලා.ඇත්තටම මාලිමාවේ ඉහල නායකයන් මේ ඇණ ගන්න විදිහට මේ ළමා සොල්දාදුවෝ කොහොම ඇණ ගැනිල්ලක් ඇණ ගනීද?බිමල් නං කියන්නේ මේ ළමා සොල්දාදුවෝ ටිකත් එක්ක ලොවෙත් නැති විදිහට ගම හදනවා කියලා.ගම හැදීම කෙසේ වෙතත් ලොවෙත් නැති විදිහට ගම විනාශ නං කරයි.
විපක්ෂය එතනදී හිතන්න ඕනි මේකයි.ජවිපෙ මේ සියලු සභාවල බලය ගන්න හදන්නේ එයාලගේ තියන කන්සෙප්ට් එක රටටම බස්සන්න.ඒ වෙන මොකවත් නෙවෙයි තනි පක්ෂ පාලනයකට සදහා යන මේ ගමනේ පහලම තැනුම් ඒකකය වෙන ගමේ කොට්ඨාශ සභාව හදලා ගමේ බලය අතට ගන්න.ගමේ බලය කියන්නේ රටේ බලයයි.ඒකයි රටේ රාළ කියන්නේ ගමේ ආණ්ඩුව ජවිපෙ අතට පත්වෙන්න ඇරලා බලා ඉන්නවා කියන්නේ තමන්ට ඡන්දය දුන්න ඡන්දදායකයා පාවාදීමක් වගේම ජවිපෙ පොල් පොට් සංස්කෘතියට අනුබල දීමක්.
ඒක කරන්න විපක්ෂයට කිසිම අයිතියක් නෑ.
හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මිට
රටේ රාළ.
May be an image of 5 people and dais

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *