ලංවිම සභාපතිත් ඉල්ලා අස්වෙයි ! දේශපාලන ඇඟිලිගැසීම් නිසා වැඩ කරන්න බැරිලු !!

ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති ආචාර්ය තිලක් සියඹලාපිටිය මහතා තනතුරින් ඉල්ලා අස් වී ඇති බව වාර්තා වෙයි.
දේශපාලන සහ වෙනත් බලපෑම් නිසා සිය ධුරයේ වැඩ කටයුතු කළ නොහැකි වීම නිසා ඒ මහතා ඉල්ලා අස් වී ඇතැයි කියති.
විදුලිබල මණ්ඩලයේ සභාපති ලෙස ආචාර්ය තිලක් සියඹලාපිටිය මහතා පත්කරන ලද්දේ ජනාධිපති අනුර කුමාර දිසානායක රජයේ පළමු පත්වීම්වලින් එකක් වශයෙනි.
