ලංවිම සභාපති ඉල්ලා අස් වී නෑ – අමාත්‍යංශය කියයි
විදුලිබල මණ්ඩලයේ සභාපති ආචාර්ය තිලක් සියඹලාපිටිය මහතාගේ ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් මාධ්‍ය තුළ සංසරණය වන වාර්තා බලශක්ති අමාත්‍යාංශයේ මාධ්‍ය අංශය ප්‍රතික්ෂේප කර තිබේ.
පෞද්ගලික හේතූන් මත විදේශගත වීමට සැලසුම් කර ඇති බැවින්, සභාපතිවරයා සිය නිවාඩුව දැනුම් දෙමින් ජනාධිපතිවරයාට ලිපියක් ඉදිරිපත් කර ඇති බව අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ඩේලි මිරර් පුවත්පතට ප්‍රකාශ කොට ඇත.
“ලංවිම සභාපතිවරයාගේ ඉල්ලා අස්වීම පිළිබඳ පලවන කරන මාධ්‍ය වාර්තාවල කිසිදු සත්‍යතාවයක් නොමැත,” එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන් යුත් ජාතික ජන බලවේග රජය යටතේ ආචාර්ය සියඹලාපිටිය මහතා පසුගිය වසරේ සැප්තැම්බර් 26 වන දින විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා ලෙස පත් කරන ලදී.
