|

මැතිවරණ ප්‍රතිඵලය මුල්කරගෙන අනුර – ටිල්වින් මත ගැටුමක – රටේ රාළ

පලාත් පාලන මැතිවරණ ප්‍රතිඵලයෙන් දේශපාලන පක්ෂවලට දැවැන්ත දේශපාලන පණිවිඩයක් දීලා තියනවා.ඇත්තටම ඒ රතු එලි ආණ්ඩුවට විතරක් නෙවෙයි විපක්ෂයටත් අදාලයි.හැබැයි ඒවා තේරුම් ගත්ත බවක් ආණ්ඩුව පැත්තෙන්වත් විපක්ෂය පැත්තෙන්වත් පේන්නේ නෑ.ඒක නිසා ජනවරමට පටහැනිව ආණ්ඩුව මෙන්ම විපක්ෂය කටයුතු කරමින් ඉන්නවා.ආණ්ඩුව ප්‍රජාතන්ත්‍ර විරෝධීව තමන්ට බලය හිමිව නැති පලාත් පාලන ආයතනවල මන්ත්‍රීවරුන් සල්ලිවලට අරන් පලාත් පාලන ආයතනවල බලය පිහිටවන්න හදනවා.
ඒ වගේම විපක්ෂයට වැඩි බලයක් ඇති තැන්වලදීවත් පොදු හතුරා හදුනාගෙන තීරණ ගන්න බවක් විපක්ෂය පැත්තෙන් පේන්නේ නෑ. විශේෂයෙන්ම මේ මොහොතේ පාර්ලිමේන්තුව නියෝජනය නොකරන දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම්වල මන්ත්‍රීවරුන් ඉතා විශාල ලෙස මුදල්වලට විකිණෙමින් තියනවා.ඒවා ගැන ඒ පක්ෂවල නායකයන් අනූගමනය කරන්නේ බොහෝම නිහඩ පිලිවෙතක්.ඒ නිහඩ බැවින් එයාලා කරන්නේ වැඩේ අනුමත කරන එකද කියන ප්‍රශ්නයත් පැන නගිනවා.
මෙතනදී එන බරපතල සැකය තමයි පහල සෙට් එක විකුණලා තමන්ට එරෙහිව යන පරීක්ෂණ හා නඩු කටයුතු ටික ශේප් කරගන්න හදනවාද කියන සැකය මතුවෙනවා.මොකද පහුගිය කාලේ ආණ්ඩුව විවේචනය කරපු කීපදෙනෙක්ම මේ වෙනකොට හොයා ගන්නත් නෑ.නැත්තම් දැඩි විදිහට නිහඩයි. එයාලාගේ පක්ෂවල මන්ත්‍රීවරුන්ගේ සහය දෙනවා නම් එයාලගේ ප්‍රශ්න ගැනත් සුභවාදී ප්‍රතිචාර දක්වන්න ආණ්ඩුව සුදානම් බවට පණිවිඩය දැනටමත් එයාලට එවලා තියනවා.
ඊළඟට නව තත්වයට ගැලපෙන විදිහට ආණ්ඩුව වෙනස් වෙන්න ඕනි කියන සංවාදයත් ආණ්ඩුව ඇතුලේ ඇවිත් තියනවා.ඒ වෙනුවෙන් ආණ්ඩුවේ කරන ව්‍යුහාත්මක වෙනස්කම් සම්බන්ධ සාකච්ජාවක් ඇතුලේ පටන් අරන්.මේ සාකච්ජාව සමස්ථ ආණ්ඩුවම සහභාගී නොවුනත් ජවිපෙ සහ මාලිමාවේ ඉහල පෙලේ නායකයන් අතර මේ සාකච්ජාව සිදුවෙලා තියනවා.අනුර ඒ පාර්ශව දෙකේ කොටස්කාරයෙක් නොවී ජනාධිපති විදිහට මැදිහත්වෙලා තියනවා.
මොකද ජවිපෙට සහ මාලිමාවට තියෙන කෝකටත් තෛලය අනුර විතරයි.ජවිපෙ සහ මාලිමාව අතර කෙරෙන සංවාදය ක්‍රමයෙන් බරපතල තැනකට යමින් තියනවා.මේ සංවාදය පාර්ශවකරුවන් වෙලා ඉන්න එක කණ්ඩායමක් තමයි ටිල්වින් නායකත්වය දෙන පැලවත්ත කණ්ඩායම.එතකොට ඔයාලට හිතෙයි අනිත් කණ්ඩායම හරිනිගේ මාලිමා කණ්ඩායම කියලා.ඇත්තටම මෙතනදී නම් හරිනිට ඒ තරම් ලොකු බලයක් තියෙන බව පේන්නේ නෑ.
හරිනිට ගොඩක් දුරට තිබුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන්ගේ බහුතර බලයක් නෙවෙයි.හරිනි නියෝජනය කළේ සමාජ බලයේ පංගුවක්.දැන් ඒක හරිනිට නෑ.හරිනි විසින්ම ඒක නැති කරගෙන. මෙතන අනිත් කණ්ඩායම බවට වෙලා තියෙන්නේ අනුරට සමීප මාලිමාවේ කණ්ඩායම් බව පේනවා. මේ පාර්ශව දෙක අතර විවෘත සහ ආභයන්තරිකව සාකච්ජා ගණනාවක් වෙලා තියනවා.ඒවායේදී මේ කණ්ඩායම් දෙකම හිටලා තියෙන්නේ එකිනෙකට පරස්පර අන්ත දෙකක.
එතනදී සාකච්ජාවෙලා තියෙන්නේ මැතිවරණ ප්‍රතිඵලයෙන් දීලා තියෙන පණිවිඩය අනුව වෙනස් වෙන්නේ කොහොමද කියන එක ගැනයි.එක පැත්තකින් මාලිමාවේ කණ්ඩායම නිදහස්ව වැඩ කරන්නට අවශ්‍ය බව කියද්දී ටිල්වින් ඇතුළු කණ්ඩායම සියල්ල ජවිපෙට මධ්‍යගත කළ යුතුයි කියන තැනක ඉන්නවා.ඇත්තටම මේ අන්ත දෙකෙන් කොයි අන්තයට ගියත් වැරදියි.හැබැයි මේ පාර්ශ්ව දෙකට කවදාවත් මැද තැනකට එන්න බෑ.
මොකද එයාලා මූලධාර්මික වශයෙන්ම අන්තවාදීන් වෙලා ඉවරයි.මාලිමාව ඉල්ලන නිදහස්වාදය ඇතුලේ නිර්මාණය වෙන්නේ ඉතිහාසයේ හිටපු මජර මහජන නියෝජිතයාම තමයි.සියලු වරප්‍රසාද සහිත මන්ත්‍රීවරයෙක්.එයාට ආසනයක්.නිදහසේ වැඩ කිරීමේ අවස්ථාව,ඥාති සංග්‍රහ,මැරකම එක්ක යන ගමනක්.ටිල්වින් පාර්ශවයෙන් කියන්නේ ඒ සියල්ල පැලවත්තට මධ්‍යගත වෙන්න ඕනි කියලයි.මන්ත්‍රී වැටුප පැලවත්තට ඇවිත් පැලවත්තේ කොටස් අරන් නැවත මන්ත්‍රීට දෙන වැඩපිලිවෙලක්.
සියලු අමාත්‍යාංශ පැලවත්තට හරහා අධීක්ෂණය වන වැඩපිලිවෙලක්.ටිල්වින්ගේ අණට කීකරු ආණ්ඩුවක්.මේ ගැටුම දැන් දෙපැත්තේම හැදිලා. ජවිපෙ බොල්ෂෙවික්වරු තමන්ගේ බලය තහවුරු කරගන්න ජවිපෙ යාන්ත්‍රණය පාවිචිචි කරගැනීමට උත්සාහයක්ම යෙදිලා තියනවා.අනුරගේ කණ්ඩායම රාජ්‍ය යාන්ත්‍රණය පාවීචිචි කරගෙන ඒ වැඩේ කරන්න උත්සහ කරමින් ඉන්නවා.අනුර සැලකිය යුතු විශ්වාසයක් ජනාධිපති ලේකම් මත තියලා තියනවා.ඇත්තටම දැන් සටන තියෙන්නේ ටිල්වින් සහ අනුර අතරයි.
අනුර හදන්නේ බෝල්ෂෙවික් බන්ච් එක කඩාගෙන ඉස්සරහට යන්න.ඒකට අනුර එක්කත් ඇතුලේ ජවිපෙ ටීම් එකක් ඉන්නවා.ඒක නිසා අපට හොඳ හොඳ සෙල්ලම් එලිවෙන යාමෙට බලාගන්න පුළුවන්.හැබැයි මෙතනදී එකක් කියන්න ඕනි. ජවිපෙ ඇතුලේ අභයන්තර අර්බුදයක් නිර්මාණය වෙනවා කියන්නේ ඉතාමත් බරපතල තත්වයක්. ජවිපෙ ඇතුලේ තියෙන්න මතවාදී ගැටුම උඩ දිවීම විසින් මතවාදය වෙනුවෙන් මිනී මරණ තත්වයක් උනත් ඇති වෙන්න පුළුවන්.
ඒ අද්දැකීමට මුහුණ දුන්න රටේ රාළලා නං ජිවිත බාරගන්න වාසනාවන්ත වුනා.යකට පොලු,ආයුධ විතරක් නෙවෙයි අසූච්චි පැකටා,වස,විෂ පවා ආයුධ විදිහට පාවිචිචි කරපු ඉතිහාසයක් ටිල්වින්ගේ ජවිපෙට තියනවා.කෝකටත් අනුරට ජනාධිපති ආරක්ෂක අංශය තියෙන හින්දා හොඳයි.
හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මීට
රටේ රාළ.
May be an image of 2 people and beard

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *