|

මැතිවරණ පරාජයේ අනුරගේ කොටස – රටේ රාළ

” මැතිවරණ ප්‍රතිඵලය මුල්කරගෙන අනුර – ටිල්වින් මත ගැටුමක ” ලිපියෙන් රටේ රාළ කිව්වේ මැතිවරණ ප්‍රතිඵලය විසින් මාලිමාව සහ ජවිපෙ ඇතුලේ ඇති කරලා තියන තත්වයයි.ඇත්තටම ජවිපෙ සහ මාලිමාව ඇතුලෙන් හිරිවැටිලා.මේ පරාජයේ වගකීම ජවිපෙ සහ මාලිමාවේ නායකයින් සාමුහිකව බාර ගන්නවා වෙනුවට එයාල දැන් කරමින් ඉන්නේ එකිනෙකා මත වරඳ පටවාගැනීමයි.මේ පරාජයේ අඩු වැඩි වශයෙන් වගකියන්න ඕනි අය ඉන්නවා.
එතනදී පැලවත්තට එහෙමත් නැත්තං ටිල්වින්ගේ පාර්ශ්වයට පැවරෙන්නේ ලොකු වගකීමක්.දැන් අනුර හදන්නේ සියල්ල පැලවත්ත පිටි පටවලා තමන්ගේ අභිමතය පරිදි අලුත් ගමනක් පටන් ගන්න.ඒ ගමන හරි හෝ වැරදි අනුරගේ පැත්තෙන් නව ප්‍රවේශයක් ගන්න හදන එක නං හොදයි.ඒක ඉදිරියේදී නව කැබිනට් සංශෝධනයක් සහිත, පැලවත්තේ බලපෑම අඩු,නිදහස්වාදී ලිබරල් චින්තනයක් සහිත එකක් වෙයි.
හැබැයි මෙතනදී අනුර කරන ලොකු වැරැද්දක් තියනවා.ඒ තමයි නව ප්‍රවේශයකට යන්න ඉස්සෙල්ලා තමන්ගේ පැත්තෙන් උන අඩුපාඩුව හදුනාගෙන ඒකට පිලියම් නොයෙදීමයි.මොකද අනුර නව ප්‍රවේශය ගන්න හදන්නේ පෙර වැරදි මල්ලම ටිල්වින්ගේ පිට මත පටවලයි.අනුර නව ප්‍රවේශයක් ගන්නවාට රටේ රාළ එකඟ උනත් තමන්ගේ අඩුව නොදැක ගන්නා හැම පියවරකින්ම අනුර තවත් විනාශයකට පාරක් කපා ගන්නවා.
අනුර නව ප්‍රවේශයක් අරන් අලුතින් පටන් ගන්න හැදුවත් අනුර මේ මාස හතට මේ රට ගෙනත් තියපු තැනක් තියනවා.අනුරගේ නව ප්‍රවේශය සාර්ථකද අසාර්ථකද කියලා තීරණය වෙන්නේ රටේ ප්‍රශ්නයට අනුර දෙන උත්තරයත් එක්කයි.අනුර ජනාධිපති විදිහට දිවුරුම් දුන්න දවසේ කිව්වේ මම විශ්ව කර්මයෙක් නෙවෙයි කියලයි.හැබැයි පහුගිය කාලේ අනුර වැඩ කරපු විදිහෙන් ජෙප්පෝ සහ ජෙබයියෝ නං හිතාගෙන හිටියේ අනුර විශ්ව කර්මයෙක් කියලයි.
ඒකට හේතුව 2022 බංකොලොත් රටක් බාරගෙන 2023.2024 වර්ෂ දෙක ඇතුලත රනිල් කරපු විශ්ව කර්ම වැඩටික හින්දයි.2024 ජාත්‍යන්තර මූල්‍ය ආයතනවල පුරෝකතනවලට අනුව අපේ රටේ අපේක්ෂිත ආර්ථික වර්ධනය වේගය 4.4%යි.හැබැයි රනිල් අනුරට රට බාරදෙනකොට අපේ රටේ ආර්ථික වර්ධන වේගය 5% පහු කරලා තිබුණා. ඇත්තටම ඒක විශ්ම කර්ම වැඩක් තමයි. ලෝකයත් පුදුම වෙද්දී අනුරලා කළේ රනිල්ට අපහාස කරපු එකයි.
රනිල් කෝටි ගානක කජු කාලා රටේ මුදල් නාස්ති කළා කිව්වා.රනිල් ලෝකෙ වටේ සවාරි ගහලා රටේ සල්ලි නාස්ති කළා කිව්වා.රනිල්ගේ ආණ්ඩුවේ ඇමතිලා තෙල් ලීටරයෙනුත් කොමිස් ගැහුවා කිව්වා.රනිල් හොරු ආරක්ෂා කලා කිව්වා.මේ සියල්ල කරමින් රනිල් හැබැයි අනුරට බාර දුන්නේ 5% ක ආර්ථික වර්ධන වේගය තියෙන රටක්.අනුර රට බාර අරන් රනිල් හදපු ආර්ථික පදනම මත බඩ පිනුම් ගහමින් වහසි බස් දෙඩුවා.රනිල් 2024 ගෙනාපු ආර්ථික සංවර්ධනයේ ප්‍රථිපලය 2025 මුල් කාර්තුව වෙනකම් ආවා.
ඒක උඩ උඩපනිමින් හිටපු අනුරට දැන් අභියෝග ඇවිත්.මෙතනින් එහාට අනුරගේ උදව්වට රනිල් නෑ.අනුර රනිල් වගේ කජු කෑවෙත් නෑ.රනිල් වගේ පිට රට ගියෙත් නෑ.රනිල් වගේ සල්ලි නාස්ති කලෙත් නෑ.රනිල්ගේ ආණ්ඩුවේ ඇමතිලා වගේ කොමිස් ගැහුවෙත් නෑ,හොරු ඇල්ලුවෙත් නෑ.අඩුම ගානේ රටට කියලා මොකුත්ම කරලත් නෑ.රටේ සල්ලි නාස්තිකරපු හාදයා රටේ ආර්ථික වර්ධනය 5% ට ගෙනෙද්දී රටේ සල්ලි නාස්ති නොකර රැකපු හාදයා රටේ ආර්ථික වර්ධනය වේගය 3.3% – 3.9% දක්වා කඩා වට්ටවලා.
දැන් ඔයාලටත් තේරෙනවා මෙතන අවුලක් තියනවා කියලා.එක්කෝ අපටත් හොරෙන් අනුර හොරකම් කරලා,රටේ මුදල් නාස්ති කරලා. ඇත්තටම අනුර රටේ මුදල් හොරකම් කළා තමයි. රටේ මුදල් නාස්ති කළා තමයි.ඒ ගැන චෝදනා අනුරට දැනටමත් එල්ලවෙලා.හැබැයි මේ ප්‍රශ්නයට හේතුව ඒක නෙවෙයි.මේ වෙන මොකවත් නෙවෙයි. මේ අනුරගේ නොහැකියාවයි,බැරිකමයි,නැත්තං බෙලහීනතාවයයි.අනුරගේ බැරිකම අපි කාටත් වැඩිය හොදින් දන්නේ අනුරයි.
මෙතන උනේ තමන්ගේ බැරිකම දන්න අනුර ඒ බැරිකම තේරුම් අරන් ඊට සූදානම් වෙනවා වෙනුවට අනුර කළේ බැරිකම වහන එකයි. අනුරගේ ජීවිතයේ තියෙන පෞද්ගලික බැරිකම්, අඩුපාඩු අපි දන්නවා.අපිට ඒවා අදාල නෑ.හැබැයි රාජ්‍ය පාලනයේ අනුරගේ බැරිකම මේ රටේ හැම පුරවැසියෙකුටම අදාලයි.ඒක ටිල්වින් පිට දාලා බේරෙන්න අනුරට බෑ,ටිල්වින් උල තිබ්බා කියලා අනුරට ඒ පුළුවන් වෙන්නේ නෑ.අනුර ජනාධිපති උන තැන ඉදන් හැසිරුණේ තඹුත්තේගම බයියෙක් විදිහටයි.
අනුර ළඟ ගොඩක් ප්‍රශ්නවලට තිබුණේ කිරිහාමි පන්නයේ උත්තරය.ඒක නිසා අනුර කරන කරන හැමදේම ඇණ ගත්තා.ඇත්තටම අනුර සමාන කරන්න පුළුවන් ඉතිහාසයේ නම් රාජ සභාවේ හිටපු අන්දරේට.ඒ තරම් අනුර රට හිනැස්සෙව්වා. වර්තමානයේ අනුර සමාන කරන්න පුළුවන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට.ගෝඨාභයට විතරමයි.අනුරත් ගෝඨාභය වගේම අර්බුදයට උත්තර හෙව්වේ නෑ.අනුර කළේ අර්බුදය රටේ ජනතාවගෙන් වසන් කරන එකයි.
ගෝඨාභයට ඒ වසන් කිරීම කරන්න පුළුවන් උනේ අවුරුදු දෙක හමාරයි.අනුරට එච්චරවත් බෑ.ඒක නිසා අනුර කරන්න යන රීෂපල් එකවත්, පැලවත්තේ බලපෑම අඩු කිරීමවත්, නිදහස්වාදයවත් ඔය ප්‍රශ්නයට උත්තරය නෙවෙයි. ඒවායින් තාවකාලික සහනයක් අනුරට එයි.හැබැයි ලඟ එන ආර්ථික අර්බුදයට ඒක උත්තරයක් නෙවෙයි.අනුර දැන්වත් පියවරක් පිටිපස්ට තියන්න ලෑස්තියි නම් අනුරට තව එකම එක අවස්ථාවක් තියනවා.
ඕනිම අර්බුදයක් ඉස්සරහා මේ රටේ ව්‍යවස්ථාවෙන් පිට යන විසදුමකට යන්න අපි ලෑස්ති නෑ.අනුර දැන් ඒ වගේ විසදුමකට ලෑස්ති වෙන්න ඕනි.එහෙම නැත්තං අනුරට වෙන්නේ තවත් ගෝඨාභය කෙනෙක් විදිහට ගෙදර යන්න.
හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මීට
රටේ රාළ.
May be an image of 2 people

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *