ධනවාදය හා ආරක්ෂණවාදය – ඉකොනොමැට්ටා
| |

ධනවාදය හා ආරක්ෂණවාදය – ඉකොනොමැට්ටා

සංසන්දනය සඳහා 2023 වසර ගත්තොත්, ලෝක බැංකු දත්ත අනුව, ඇමරිකා එක්සත් ජනපදයේ ඒක පුද්ගල ආදායම ඩොලර් 82,769ක්. ඇමරිකා එක්සත් ජනපදය කියන්නේ එම වසරේදී (හෝ ආසන්න වසරකදී) ලෝකයේ වැඩිම ඒක පුද්ගල ආදායමක් පැවති රට නෙමෙයි. තවත් රටවල් දහයක් පමණ මේ ලැයිස්තුවේ ඇමරිකාවට වඩා උඩින් ඉන්නවා. නමුත් ඒ “රටවල්” වලින් බාගයක් පමණම ලක්ෂයකට අඩු ජනගහණයක් ඉන්න කුඩා…

මාලිමා ආණ්ඩුව මත කඩා පාත් වූ බටලන්ද මරාලය – සී ජේ අමරතුංග
|

මාලිමා ආණ්ඩුව මත කඩා පාත් වූ බටලන්ද මරාලය – සී ජේ අමරතුංග

  බටලන්ද කොමිසන් සභා වාර්තාව පිළිබඳ අලුතින් ඇති වූ විවාදය සහ දේශපාලන ගැටුමේ විපාක පිළිබඳව බොහෝ දෙනා ප්‍රශ්න කරති. එය රනිල් වික්‍රමසිංහ මහතාට බලපාන ආකාරය ගැන මීට පෙර ලිපියක් මගින් සාකච්ඡා කළෙමු. මේ උත්සාහය මාලිමා හෙවත් ජාතික ජන බලවේගයේ ආණ්ඩුව මත එහි බලපෑම පිළිබඳව කෙටියෙන් විග්‍රහයක යෙදීමට ය. එම වාර්තාව මගින් රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව…

රනිල්ට ආදරෙන්… | Chinthana Dharmadasa
|

රනිල්ට ආදරෙන්… | Chinthana Dharmadasa

අද රනිල්ගෙ උපන්දිනේ. රනිල් කියන්නෙ ලංකාවෙ මං ගරු කරන විසල් දේශපාලන චරිත පෙලක අවසානතමයා කියලයි මං දකින්නෙ. ඒ වගේම අපේ රට ආර්ථික වශයෙන් බංකොලොත් වුනු වෙලාවෙ රනිල් නොහිටියා නම් වෙන කිසි කෙනෙකුට ඒ හැරවුම ගන්න පුළුවන්කමක් නෑ. ඒකට හේතුව ඉතාම ලස්සනට දීප්ති වීඩියෝවක පැහැදිලි කරනවා. රනිල්ගෙ ඕටිස්ටික් ස්වභාවය. අවට සමාජයේ හෝ ෆේස්බුක් එකේ හෝ තව…

බටලන්දට ගිනි තැබීමෙන් රනිල්ට වෙන්නේ කුමක් ද ? – සී ජේ අමරතුංග
|

බටලන්දට ගිනි තැබීමෙන් රනිල්ට වෙන්නේ කුමක් ද ? – සී ජේ අමරතුංග

  බටලන්ද කොමිසන් වාර්තාව යළි කරලියට පැමිණීමත්, එහි බොහෝ කරුණු ජනගත වීමත් සමග එයින් රටට ලබාගත හැකි පාඩම් රාශියක් ඇතත්, බොහෝ දෙනාගේ අවධානය යොමු වී ඇත්තේ එහි කෙටි කාලින බලපෑම පිළිබඳව ය. මෙයින් රනිල් වික්‍රමසිංහ මහතාට සහ මාලිමා ආණ්ඩුවට සිදුවන බලපෑම ගැන බොහෝ දෙනා ප්‍රශ්න කරති. එමෙන් ම, තම තමන්ගේ අදහස් නැතහොත් පුරෝකථන ඉදිරිපත් කරති….

දේශබන්දු, පොලිසිය වගවීම හා වගකීම – අජිත් පැරකුම් ජයසිංහ
|

දේශබන්දු, පොලිසිය වගවීම හා වගකීම – අජිත් පැරකුම් ජයසිංහ

තවමත් පොලිස්පති වන දේශබන්දු තෙන්නකෝන් ඉතාම නරක පොලිස් නිලධාරියකු ලෙස හඳුන්වනු ලැබේ. ඔහුගේ කාලය තුළ බොහෝ වැරදි ක්‍රියා සිදු කර ඇත. ඇතැම් වැරදි ඔහු ඍජුව මෙහෙයවා ඇත. මීට කලින් සිටි පොලිස් නිලධාරීන් විසින් ද මෙවැනිම වැරදි කර ඇත. දේශබන්දු හා ඔවුන් අතර වෙනස දේශබන්දු අසු වීම පමණි. දේශබන්දු පිටුපස රාජපක්ෂලාගේ, ටිරාන් අලස්ගේ මෙන්ම රනිල් වික්‍රමසිංහගේ…

මදැයි ‘බටලන්ද’ බලන්න ගියා | කුසල් පෙරේරා
|

මදැයි ‘බටලන්ද’ බලන්න ගියා | කුසල් පෙරේරා

“බටලන්ද” යැයි දැන් කියන්නේ ඒ ගමේ පිහිටා ඇති රජයේ පොහොර සංස්ථාවේ නිවාස සංකීර්ණයට නොවේ. දැන් “බටලන්ද” කියන්නේ අවුරුදු 35 ට එහා 1988-90 යුගයේ හමුදා කාණ්ඩයක් විසින් ඒ නිවාස සංකීර්ණයෙහි පවත්වා ගෙන ගිය, දැන් එහි නොමැති වධකාගාරයකට ය. එය විශේෂ වන්නේ ඒ කාලයේ ජනාධිපති රණසිංහ ප්‍රේමදාසගේ ආණ්ඩුවේ කැබිනට් ඇමතිවරයෙකු වූ රනිල් වික්‍රමසිංහ ඔහුගේ පෞද්ගලික විධාන යටතේ…

බටලන්දෙන් උගත යුතු පාඩම් – සී ජේ අමරතුංග 
|

බටලන්දෙන් උගත යුතු පාඩම් – සී ජේ අමරතුංග 

  දැන් ප්‍රධාන විවාදය බවට පත්ව තිබෙන්නේ බටලන්දයි. බටලන්ද කොමිසන් සභා වාර්තාව පාර්ලිමේන්තුවට ආණ්ඩුවෙන් ඉදිරිපත් කොට විවාදයකට ද දින නියම කොට තිබේ. මෙරට දේශපාලනයේ පැවති සහ පවතින බොහෝ ප්‍රශ්න සහ ඛේදනීය තත්ත්වයන් අවබෝධ කරගැනීම සඳහා බටලන්ද කොමිසන් සභා වාර්තාව වැදගත් ලේඛනයකි. එය මෙරට පැවති භීෂණ යුගයක එක් නිදර්ශකයකි. එම යුගයේ රටේ දේශපාලන ප්‍රචණ්ඩත්වය ඉහළ ම…

ජවිපෙ නිරුවත බටලන්දෙන් වැසිය හැකිද? – රටේ රාළ
|

ජවිපෙ නිරුවත බටලන්දෙන් වැසිය හැකිද? – රටේ රාළ

බටලන්ද කොමිෂන් සභා වාර්තාව සම්බන්ධ සාකච්ජා තවමත් ජනප්‍රිය මාතෘකාවක්.ගොඩක් දුරට අප්‍රියෙල් මුල් පාර්ලිමේන්තු සතියේ ඒ සම්බන්ධ විවාදය පැවැත්වෙයි.කොමිෂන් වාර්තාවට අදාලව නීතිමය ක්‍රියාමාර්ග ගන්න බව ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වාත් කියනවා. කොමිෂන් වාර්තාවේ තියන සාක්ෂිවලට අමතරව පිටතින් සාක්ෂි ගොනුකරන බවත් ටිල්වින් කිව්වා. බටලන්ද කොමිෂන් වාර්තාව ගැන පක්ෂ නායකයන් තමන්ගේ ස්ථාවරයන් ඉදිරිපත් කරලා තියනවා.එතනදී ගොඩක් අය අදහස්…

2924 දී ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල ආදායම ඩොලර් 4500 ඉක්මවා යයි
|

2924 දී ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල ආදායම ඩොලර් 4500 ඉක්මවා යයි

2024 වසරේ දී ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල ආදායම ඩොලර් 4519ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වෙයි. මෙය මෙරට ඒක පුද්ගල ආදායමේ වාර්තා වී ඇති ඉහළම අගය යි. මෙය 2017 වසරේ වාර්තා වූ ඩොලර් 4290 ක්  සංඛ්‍යාවෙන් පසු ඇති වූ වර්ධනයකි. මේ අනුව ශ්‍රී ලංකාව ඉහළ මැද ආදායම් ලබන රටක් බවට පත්වෙයි. විශාල ආර්ථික අර්බුදයකින්…

ආර්ථික වර්ධනය – 2024 – ඉකොනොමැට්ටා
| |

ආර්ථික වර්ධනය – 2024 – ඉකොනොමැට්ටා

පසුගිය 2024 වර්ෂය තුළ, 2023 වසරට සාපේක්ෂව, ශ්‍රී ලංකාවේ ආර්ථිකය 5.0%කින් වර්ධනය වී තිබෙනවා. මෙය 2017 වර්ෂයෙන් පසුව වාර්තා වන ඉහළම ආර්ථික වර්ධන වේගයයි. කෘෂිකාර්මික අංශය 1.2%කින් වර්ධනය වී ඇති අතර, කර්මාන්ත අංශය 11.0%කින්ද, සේවා අංශය 2.4%කින්ද වර්ධනය වී තිබෙනවා. මේ අනුව පෙනී යන්නේ 5.0% වර්ධනයට ප්‍රධානම හේතුව කර්මාන්ත අංශය නැවත යථා තත්ත්වයට පැමිණීම බවයි….

2024 ආර්ථික වර්ධනය සියයට 5 ක් දක්වා ඉහළට
|

2024 ආර්ථික වර්ධනය සියයට 5 ක් දක්වා ඉහළට

2024 වර්ෂයේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය සියයට 5කින් වර්ධනය වී ඇති බව ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි. වර්ෂය තුළ දිගින් දිගට වැඩි වූ ආර්ථික වර්ධන වේගය අවසන් කාර්තුවේ දී සියයට 5.4 ක් දක්වා ඉහළ ගොස් තිබේ. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මුලින් පුරෝකථනය කර තිබුණේ 2024 ආර්ථික වර්ධනය සියයට 1.8 ක් පමණක් වනු ඇති බව යි. ඒ…

බටලන්ද කොමිෂන් වාර්තාව තුල අනුරගේ වගකීම – රටේ රාළ
|

බටලන්ද කොමිෂන් වාර්තාව තුල අනුරගේ වගකීම – රටේ රාළ

රනිල් බටලන්ද කොමිෂන් වාර්තාව ගැන රනිල්ගේ අදහස ගිය 16 වෙනිදා සරලව ඉදිරිපත් කළා.රනිල් එතනදී පොහොර සංස්ථාවේ ගොඩනැගිලි පැවරීම සම්බන්ධව තමන්ට චෝදනාවක් එල්ලවෙලා තියන බව විතරක් පිලිගත්තා.ඒ හැර අනෙක් සියලු වැරදි රනිල් ජවිපෙ මත පැටෙව්වා.රනිල් කියන විදිහට ඒ ප්‍රදේශයේ තියන කර්මාන්ත ශාලාවල ආරක්ෂාව සදහා ආරක්ෂක අංශ ස්ථානගත කරන්නයි පොහොර සංස්ථාවේ ගොඩනැගිලි පාවිච්චි කරලා තියෙන්නේ. රනිල් ඒවා…