|

බටලන්ද කොමිෂන් වාර්තාව තුල අනුරගේ වගකීම – රටේ රාළ

රනිල් බටලන්ද කොමිෂන් වාර්තාව ගැන රනිල්ගේ අදහස ගිය 16 වෙනිදා සරලව ඉදිරිපත් කළා.රනිල් එතනදී පොහොර සංස්ථාවේ ගොඩනැගිලි පැවරීම සම්බන්ධව තමන්ට චෝදනාවක් එල්ලවෙලා තියන බව විතරක් පිලිගත්තා.ඒ හැර අනෙක් සියලු වැරදි රනිල් ජවිපෙ මත පැටෙව්වා.රනිල් කියන විදිහට ඒ ප්‍රදේශයේ තියන කර්මාන්ත ශාලාවල ආරක්ෂාව සදහා ආරක්ෂක අංශ ස්ථානගත කරන්නයි පොහොර සංස්ථාවේ ගොඩනැගිලි පාවිච්චි කරලා තියෙන්නේ.
රනිල් ඒවා ලබාදීලා තියෙන්නේ ආරක්ෂක නියෝජ්‍ය ඇමති රන්ජන් විජයරත්නගේ ඉල්ලීමක් අනුව බවත් රනිල් කිව්වා.ඉන්දු – ලංකා ගිව්සුමෙන් පස්සේ ජවිපෙ රට තුල ඇති කරපු භිෂණයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ වගකීම ජේආර් විසින් කැබිනට් මණ්ඩලයට පවරලා තිබුණ බවත් රනිල් කිව්වා. රනිල් එතනදී රජය පැත්තෙන් සිදුවූ සියල්ල කැබිනට් එකේ සාමූහික වගකීමක් බව පෙන්නන්න හැදුවා.රනිල් කියන්නේ දශක තුනකට වඩා පැරණි මේ වගේ වාර්තාවක් ගැන ලෝකේ කොහේවත් පාර්ලිමේන්තුවක විවාද කරලා නෑ කියලයි.රනිල් කියන කතාව ඇත්ත වෙන්න පුළුවන්.
හැබැයි කාලීන අවශ්‍යතාවයක් සදහා එහෙම සංවාදයක් කිරීම වරදක් කියලා රටේ රාළ නං දකින්නේ නෑ.යම් දවසක බටහිර යටත් විජිතවාදීන් අපේ රටට කරපු විනාශය සම්බන්ධව විවාදයක් කරන්න අපේ පාර්ලිමේන්තුවට සීමාවක් තියෙන්න බෑ.ඩොනල්ඩ් ට්‍රම්ප් බලයට පත්වීමත් එක්ක මෙච්චර කල් ඇමරිකන් ජනතාවට රහසක් විදිහට තිබුණ කෙනඩි ඝාතනයේ සහ මාටින් ලූතර් ඝාතනයේ විමර්ශන වාර්තා මුදාහරින්න ට්‍රම්ප් නියෝග කළා.
ඒ තර්කය දෙකෙන් රනිල් නගපු තර්කයට පදනමක් නැති බව පේනවා.කොහොම උනත් රනිල් කරපු පැහැදිලි කිරීමෙන් එකක් හිතාගන්න පුළුවන්.රනිල් හිතාමතාම සියලු points දුන්නේ නෑ. ඒවා ඉස්සරහදී ගන්න තියාගත්ත බවක් පෙනුනා. මොකද තවමත් මේ ගැන තියෙන්නේ සමාජය සංවාදයක් විතරයි.ඊට අදාල පාර්ලිමේන්තු විවාදයවත්,නීතිමය ක්‍රියාමාර්ගවත් තවම ආරම්භ වෙලා නෑ.
රනිල් කලේ තමන්ට එන්නේ බොහොම පොඩි චෝදනාවත් බව කියමින් සමස්ථ චෝදනාව ජවිපෙ මත පටවපු එකයි.මෙතනදී රනිල්ගේ උපක්‍රමය පැහැදිලියි.රනිල්ට ඕනි මේක බටලන්දේ සීමාවෙන් එලියට ගන්න.බටලන්දෙන් එලියට ගත්තට පස්සේ චෝදනා වැලක් ජවිපෙට එල්ල කරන්න පුළුවන්. රනිල් හදන්නේ එතැනට සටන පළල් කරගන්න. එතකොට බොහෝ ඝාතනවල වගකීම ජවිපෙට බැර කරන්න පුළුවන්.
දළදා මාලිගාවට පහරදීම,විජය කුමාරතුංග ඝාතනය,කොටිකාවත්තේ සද්ධාතිස්ස හාමුදුරුවෝ ඝාතනය,මහාචාර්ය ස්ටැන්ලි ඝාතනය,තේමිස් ගුරුගේ ඝාතනය ඇතුළු ඝාතන වැලක චෝදනා ජවිපෙට එල්ල වෙනවා.ඒ වගේම එදා විනාශ උන රාජ්‍ය දේපළ විශාල ප්‍රමාණයක වගකීමත් ජවිපෙ මත පැටවෙනවා.බටලන්ද වධකාගාරය ලේ රනිල්ගේ ඇඟේ තවරන්න යන ජවිපෙට අන්තිමට වෙන්නේ ඊට වඩා ලේ ප්‍රමාණයක් තමන්ගේ ඇඟේ ගාගන්න.
ජවිපෙ අද මේ වනතුරු ප්‍රචණ්ඩ දේශපාලනයෙන් අයින් වෙලා නෑ.88/89 නෙවෙයි පහුගිය කාලෙත් ජවිපෙ ලේ පිපාසිතයෝ ගොඳුරු හොයමින් රටේ රාළලා පස්සේ පැන්නුවා.ජවිපෙ වධකයන් 2008 දී අපිව හොයාගෙන ආපු හැටි තවමත් මතකයි. ජවිපෙ තවමත් ප්‍රචණ්ඩත්වය අත්හැර නැති බව රටේ රාළ වගකීමෙන් කියනවා.2008 තරම් මෑතකදීත් ජවිපෙ තමන්ගේ දේශපාලන ප්‍රතිවාදීන් ඝාතනය කිරීමේ සැලසුම් සකස් කළා.හැබැයි තමන්ගේ ඇතුලේ තියන ප්‍රචණ්ඩත්වය සඟවාගෙන ලෝකයට බණ කියන්න ජවිපෙට පුළුවන්.
තවමත් රට නොදන්න අභයන්තර සංවිධායකයන් විශාල ප්‍රමාණයක් ජවිපෙ ඇතුලෙ ඉන්නවා.ඕනිම වෙලාව මෙහෙයවන්න පුළුවන් අභයන්තර මැර කල්ලි ජවිපෙ සතුයි.පැලවත්තේ අණ ලැබුණු සැනින් එයාලා ක්‍රියාත්මකයි.කොහොම උනත් බටලන්ද කොමිෂන් වාර්තාව කියන්නේ ජවිපෙ සහ රජය අතර පැවති සටනේ එක පුංචි කොටසක් විතරයි.හැබැයි ජවිපෙ කෲරත්වයට ලක්වෙලා බය නිසා කට පියාගෙන ඉන්න අයගේ කතාව තවමත් එලියට ඇවිත් නෑ.
ජවිපෙට වගේ නොසන්සිදෙන වෛරයක් වෙන කිසිම දේශපාලන ව්‍යාපාරයකට නෑ.ඒත් අපි ජවිපෙට වෛර කරන්නේ නෑ.රටේ රාළ මේ තත්වය යටතේ ඉතා වගකීමෙන් අනුරගෙන් එක ඉල්ලීමක් කරනවා.මතුවෙලා තිබෙන බටලන්ද කතාව ඇතුලේ අනුරටත් නියම අවස්ථාවක් ඇවිත් තියනවා.ඒ අවස්ථාව ගන්න තරම් අනුර බුද්ධිමත් වෙයිද කියලා කියන්න රටේ රාළ දන්නේ නෑ.ඒ අවස්ථාව ගන්න නං අනුරලා කරන්න හදන මේ ඒක පාර්ශ්වික වෛරී මැදිහත්වීමෙන් අයින් වෙන්න ඕනි.සමස්ථ 88/89 කාලය පුරාම සිදුවූ සිදුවීම් සම්බන්ධව සත්‍ය සෙවීමේ පූර්ණ බලය සහිත ජනාධිපති කොමිෂමක් පත් කරන්න ඕනි.
ඒ කොමිෂම හරහා දෙපාර්ශ්වයේම වින්දිතයන්ට සාධාරණය ඉෂ්ඨ කරන්න ඕනි.ඒක දඩුවම් නියම කිරීමට කොමිෂමක් නෙවෙයි.දෙපැත්තේම වින්දිතයන්ට සිදුවු අසාධාරණයට වන්දි ගෙවන, සියල්ලන්ට සමාව දෙන සහ නැවත ඒ වගේ ගැටුම් ඇති නොවීම සදහා ගතයුතු ක්‍රියාමාර්ග නිර්දේශ කිරීමේ කොමිෂමක්.88/89 අරගලය සම්පුර්ණයෙන්ම නිර්මාණය උනේ සිංහල බෞද්ධ සමාජය ඇතුලේ.ඊට පරිභාහිරින් නිර්මාණය උන දෙමල බෙදුම්වාදී අරගලයක් තිබුණා.හැබැයි ඒක එලියට පෙනුනේ සහ පෙන්නුවේ සිංහල,දෙමල ගැටුමක් විදිහටයි.
අදත් ඒ උත්සාහය තියනවා.88/89 අරගලය ඇතුලේ එකම ජන කණ්‌ඩායමක් තමවමත් එකිනෙකාට වෛර කරගන්නවා නම් උතුරේ,නැගෙනහිර සහ වතුකරයේ දෙමල සහ මුස්ලීමී ජනතාව ඇතුලේ ජාතික සමගිය ගැන විශ්වාසය ගොඩනගන්නේ කොහොමද?බටලන්ද හරහා මතුවෙලා තියෙන ප්‍රශ්නය නිවැරදිව කලමණාකරණය කරනවා නම් ජාතික සමගිය වෙනුවෙන් නිවැරදි ප්‍රවේශයක් ගැනීමේ අවස්ථාවක් තියනවා.මේ මොහොතේ ඒ වැඩේ කරන්න පුළුවන් අනුරට විතරයි.අනුරට ඒ අවස්ථාව ගන්න ටිල්වින්ලා වගේ මූලධර්මවාදීන් ඉඩ දෙයි කියලා හිතන්න බෑ.
හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මිට
රටේ රාළ.
May be an image of 4 people and dais

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *