ජාතික අයවැය 2026 – ඉකොනොමැට්ටා
ඉදිරි (2026) වසර සඳහා වන මධ්‍යම රජයේ අයවැය පිළිබඳ යෝජනා මේ වන විට ඉදිරිපත් කර තිබෙනවා. මෙය “ජාතික අයවැය” ලෙස හඳුන්වා ඇතත්, ඇත්ත වශයෙන්ම මෙය මධ්‍යම රජයේ අයවැයයි. අයවැය යෝජනා පිළිබඳව දැනට කෙටියෙන්ම කිව හැක්කේ මෙය මැදිකාලීනව රටේ ආර්ථික ස්ථායීතාව තහවුරු කර ගැනීමට මුල් තැන දෙන අතරම, දිගුකාලීන ආර්ථික වර්ධනය පිළිබඳවද යම් අවධානයක් යොමු කර…
