|

රනිල් – සජිත් එකතුව රටේ ඉල්ලීමක්ද? – රටේ රාළ

එක්සත් ජාතික පක්ෂ සහ සමගි බලවේග අතර එකතුවක් ගැන ආයෙත් සාකච්ඡාවක් පටන් අරන් තියනවා.සමහරු ඒක පක්ෂ දෙකේ එකතුවක් විදිහටත් හදුන්වනවා.තවත් සමහරු ඒක ඒකාබද්ධ ක්‍රියාමාර්ගයක් විදිහටත් හදුන්වනවා.මේ සම්බන්ධව එජාප සහ සජබය අතර සාකච්ඡා වට ගණනාවක් පහුගිය කාලය පුරාම පවත්වලා තියනවා.දැන් නං වැඩේ positive කියලයි ආරංචි.
එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සම්බන්ධව රටේ රාළගේ සාථාවරය විටින් විට කියලා තියනවා.
රටේ රාළ කවදාවත් එජාපයේවත්,ශ්‍රිලනිපයේවත් සාමාජිකයෙක් වෙලා හිටලා නෑ වගේ ඉදිරියට වෙන්න බලාපොරොත්තුවකුත් නෑ.ඒ වගේම ඒ පක්ෂ දෙකෙන් බිඳිලා බිහිවුනු සමගි ජන බලවේගයේවත් පොදුජන පෙරමුණේවත් සමාජිකත්වය අරගෙනත් නෑ ගන්න බලාපොරොත්තුවකුත් නෑ.රටේ රාළ දිගටම හිටිය මතය තමයි නිශ්චිත විකල්පයක් නැතිව මේ පක්ෂ දෙක කඩපු එක මහ අපරාධයක් කියලා.ඒ වෙනුවෙන් අද එජාපයේ ඉන්න නායකයන්ටත් සහ සජබයේ ඉන්න නායකයන්ටත් රටේ රාළට බරපතලම විවේචනයන් තියනවා.
ඒ වගේම ශ්‍රිලනිපයේ අද ඉන්න නායකයන්ටත්,පොදුජන පෙරමුණේ ඉන්න නායකයන්ටත් ඒහා සමාන විවේචනයක් තියනවා.හැබැයි දැන් උද්ගතවෙලා තියන දේශපාලන තත්වයත් එක්ක හිතුවොත් පරණ කතා ඇඳගෙන ඒවා හෝද හෝද මඩේ දාලා වැඩක් නෑ.දැන් අපි බලන්න ඕනි මේ දේශපාලන අවස්ථාවට සාපේක්ෂව උත්තරය මොකද්ද කියලා.එදා 2022 දී ගෝඨාභය රට දාලා පැනලා යනකොට රනිල් ඇවිත් රට බාරගැනීම අපි බාරගත්තේ ඒ අර්ථයෙන්.එහෙම නැතිව රනිල්ගෙන් මොනවා හරි ඉල්ලාගෙන පස්සෙන් යන්න නෙවෙයි.
එහෙම ගිහිල්ලත් නෑ යන්නෙත් නෑ.ඒ නිශ්චිත අවස්ථාවේ රටට උත්තරය උනේ රනිල් නිසා රට ඒ උත්තරය බාරගත්තා. ජනාධිපතිවරණයෙන් පස්සේ අනුර අපේ රටේ නායකයා කීයලා පක්ෂ විපක්ෂ කවුරුත් බාරගත්තා.ඒක නිසා කෙනෙක් ඉතිහාසය ඇතුලේ තියලා පට්ට ගහන්න අපිට ඕනි නෑ.ඒක රනිල්ටත් එහෙමයි,අනුරටත් එහෙමයි,සජිත්ට එහෙමයි.නාමල්ට,දිලිත්ට ඔය ඕනි කෙනෙකුට එහෙමයි.ඊළඟට අපි කවදාවත් ගල් ගැහුණ පුර්ව නිගමනවල හිටලා නෑ.පහුගිය ඉතිහාසය පුරාම රටේ රාළ සටන් කළේ විපක්ෂයේ එකතුවක් වෙනුවෙන්.
ඇත්තටම විපක්ෂයට කොන්දේසි විරහිතව එකතු වෙන්න කාරණා ගොඩක් මාලිමා ආණ්ඩුව හදලා දීලා තියනවා.ප්‍රශ්න තියෙන්නේ මාලිමාවෙන් එච්චර සපෝට් එකක් දීලා තියෙද්දී මෙයාලට තවත් එකතු වෙන්න බැරිවුනේ ඇයි කියන එකයි.ඒ වගේම පිටින් ඉඳන් අපි මොනවා කිව්වත් ඔය පක්ෂවලට බෙදිලා ඉන්න අය එයාලාගේ පක්ෂයේ කණ්නාඩිය දාගෙනයි ඉන්නේ. එයාලා කොහොමත් ප්‍රශ්න දිහා බලන්න පක්ෂග්‍රාහීව.ඒක අපි දන්නවා.ඒක නිසා අපි පිට ඉඳන් කොච්චර බලපෑම් කලත් අවස්ථාව එනකම් ඉන්න වෙනවා.
රටේ රාළ හිතන්නේ එජාප සජබ එකතුවකට අවශ්‍ය වටපිටාව දැන් සම්පුර්ණ වෙලා තියනවා කියලයි.ඒකට අවශ්‍ය භූ දේශපාලන තත්වයන් දැන් නිර්මාණය වෙලා තියනවා.රට තවත් ආර්ථික,සමාජීය අර්බූදයක් වෙත ඇදීයමින් තියනවා.මාලිමා ආණ්ඩුවට මේ කිසිම ප්‍රත්නයකට උත්තර නෑ.ඒ නිසා අනුර ඇතුළු ආණ්ඩුවේ ජනප්‍රියත්වය දැන් ලෙල්ලටම හිදිලා.ජනතාව විකල්පයක් හොයමින් ඉන්නවා.ඔය වගේ තත්වය කියන්නේ දේශපාලන ව්‍යාපාරයකට නැගිටින්න හොඳ අවස්ථාවක්.
ඒ අවස්ථාව පාව්චිචි කරන්න දේශපාලන තේරෙන ඕනි කෙනෙක් යොමුවෙනවා.ඔයාලා දකින්න ඇති අපේ රටේ දේශපාලනය ඉතාමත් කෙටි කාලයක් ඇතූලත සක්‍රීය වෙනවා.මේක ප්‍රයෝජන ගතයුතු අවස්ථාවක්.ඒ මනස සජබ එජාප නායකයන්ට තියෙන්න ඕනි.දේශපාලන වශයෙන් හිතද්දී ඇත්තටම වෙන්න ඕනි එජාප සජබ එකතුවකින් නැවත එජාපය නිර්මාණය වීමයි.ඒත් පවතින සැකයන්,අවිස්වාසයන් නිසා ඒක එකපාරට කරන්න බෑ.එතෙන්ට යන ගමනට ආරම්භය පියවර තියන්න වෙන්නේ ඒකාබද්ධ ක්‍රියාමාර්ගයකින් තමයි.
ඒකට පලවෙනි පස් පිඩැල්ල කපන එක තමයි වැදගත්.දැන් බහින්න ඕනි වැඩේට මිසක් තනතුරු බෙදා ගන්න නෙවෙයි. නායකයෝ පත් කරගන්න නෙවෙයි.නායකයෝ හැදෙන්නේ වැඩ ඇතුලෙයි.රනිල්ද නායකයා,සජිත්ද නායකයා කියන ප්‍රශ්නය මේ මොහොතේම ගැනීම වැරදියි.එහෙම ගන්නවා නම් රනිල් නායකයා කරගෙන හැමදාම විපක්ෂයට වෙලා එජාපයට ඉන්න පුළුවන්,සජිත් නායකයා කරගෙන ඒත් හැමදාම විපක්ෂයට වෙලා සජබයටත් ඉන්න පුළුවන්.ඒක නිසා රටේ රාළ එජාප සහ සජබ නායකයන්ගෙන් ඉල්ලන්නේ මේ වෙලාවේ රට ඉස්සරහින් තියලා තීරණ ගන්න කියලයි.
යම් විදිහකින් එජාපය එක්සත් උනොත් ඒ කුඩය යටට තව ගොඩක් අය එයි.එතකොට විපක්ෂය නියෝජනය කරන වමේ බලවේග වන ශ්‍රීලනිපයට සහ පොහොට්ටුවටත් එකතු වෙන්නත් බලකරනවා.ඒ සියල්ල එකතු කරපු විපක්ෂයේ පොදු සන්ධානයක් ගැන අනාගතයේදී හිතන්න පුළුවන්.රටේ රාළගේ තක්සේරුව අනුව නම් මේ ආණ්ඩුව 2029 වෙනකන් යන්න තියන ඉඩ ඉතාමත් අඩුයි.තව මාස දහයක් ඇතුලත දැවැන්ත ජනතා නැගිටීමක් වෙනවා.
ඒ වෙලාවට විපක්ෂයයේ ශක්තිමත් සන්ධානයක් හැදිලා නොතිබුණොත් සමහරවිට මේ වෙච්චි වැඩේටම ආපහු වෙලා අනුර කුමාර දිසානායක වගේ තවත් බෝනික්කෙක් බලයට එන්න පුළුවන්.ඒක නිසා එක්කෝ මාස දහයකින් මේක බාරගන්න වෙයි. සමහරවිට මාලිමාවේ කණ්ඩායමක් එක්ක අතර මැද ව්‍යුහයකට යන්න වෙයි.ඇත්තටම ඒ වගේ වෙලාවකදී පලපුරුදු කණ්ඩායමක් විදිහට ඉන්නේ එජාප සහ සජබය ආතුලේ විතරයි.එයාලගේ ආර්ථික දැක්කම ඇතුලේ ලොකු වෙනස්කම් නෑ.
ඒක නිසා මේ මොහොතේ ආර්ථික අර්බුදයට උත්තරය තියෙන්නේ ඒ කඳවුරේ.ඒ ආර්ථික වැඩපිලිවෙල ගැන රනිල්ට වගේම රවී කරුණානායකට,හර්ෂ ද සිල්වාට,කබීර් හෂීම්ට,එරාන් වගේ අයට දැක්මක් තියනවා.අපි එකඟ උනත් නැතත් එයලගේ ක්‍රමය සම්බන්ධව එයාලට A to Z අද්දැකීමක් තියනවා.ඒ වගේම මේ වෙලාවේ තවත් බරපතලම ප්‍රශ්නයක් වන අපේ රටේ විදේශ ප්‍රතිපත්ති හැඩ්ල් කරන්න පුළුවන් අය ඉන්නේ එතන.ඇමතිකම් කරලා පළපුරුද්දක් එයාලට තියනවා.
ඒ වගේ දක්ෂ දේශපාලන චරිත ටිකක් විපක්ෂයේ ඉන්නවා.අපේ රටේ සුළු පක්ෂවල බහුතර නියෝජනය තියෙන්නෙත් විපක්ෂයට. රටේ රාළ නං බලන්නේ 2029 දිහා නෙවෙයි.ළඟ එන ප්‍රශ්නයට උත්තරය මොකද්ද කියලයි.ඒකට උත්තරයක් ඉස්සෙල්ලා හොයන්න ඕනි.ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ඇතුලෙන් ඒකට උත්තරයක් හොයනවා නං ඒකට වැඩි අවස්ථාව තියෙන්නේ එජාප සජබ එකතුවක් ඇතුලෙයි.
මේ තත්වය දක්ෂ විදිහට කලමණාකරණය කිරීමේ වගකීම තියෙන්නේ එජාපය පැත්යෙන් රනිල්ට සහ තලතාටයි.සජබ පැත්තෙන් ඇත්තටම තියෙන්නේ සජිත්ට,රංජිත් මද්දුම බණ්ඩාර වගේ අයට.හැබැයි මේ අවස්ථාව ආයෙත් විනාශ කරගන්නේ නැතිව ඉළක්කයට ගෙනියන එක එජාප සඡබය ඇතුලේ ඉන්න මධ්‍යස්ථ මතධාරීන්ගේ වගකීමක්.

හරි එහෙම් ගිහින් එන්නම්.

ජයවේවා.

මිට

රටේ රාළ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *