හම්බන්තොට චීන පිරිපහදුව තවදුරටත් ප්‍රමාදයි ; තවත් ප්‍රශ්න ඇතැයි ‘සිනොපෙක්’ කියයි.
හම්බන්තොට ඉදිකිරීමට ගිවිසුම් අත්සන් කළ පිරිපහදුව ඉක්මනින් ඉදි කිරීමට තමන් සුදානම් නමුත් ඒ සඳහා තවත් ප්‍රශ්න කිහිපයක් විසඳා ගත යුතුව ඇතැයි චීනයේ සිනොපෙක් සමාගමේ නියෝජිතයින් ප්‍රකාශ කොට තිබේ.
විදේශ ඇමති විජිත හේරත් මහතා සමග පැවති සාකච්ඡාවක දී එම සමාගමේ නියෝජිතයින් ඇමතිවරයාගෙන් ඉල්ලා සිටියේ ඉතිරි ප්‍රශ්න ඉකමනින් විසඳා දීමට මැදිහත් වන ලෙස යි.
ශ්‍රී ලංකාවේ තම ආයෝජන පිළිබඳව තතු සොයා බැලීම සඳහා සිනොපෙක් නියෝජිත පිරිසක් මේ දිනවල මෙරටට පැමිණ සිටිති.
හම්බන්තොට පිරිපහදුව පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එම නියෝජිතයින් බලශක්ති අමාත්‍යංශ නිලධාරීන් සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය ද හමුවීමට නියමිත ය.
2019 දී ඇතිකරගත් එකඟත්වය අනුව මෙම පිරිපහදුව ඉදි කිරීමේ ගිවිසුමට පසුගිය ජනවාරි මාසයේ දී අත්සන් තැබුව ද මේ දක්වා එහි ඉදිකිරීම් කටයුතු ආරන්භ කොට නැත.
