|

හෙට රනිල් අධිකරණයට යද්දී ජනතාවට හිතෙනදේ – රටේ රාළ

එංගලන්තයේ ‘වුල් හැම්ප්ටන්’ පෞද්ගලික විශ්ව විද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවයක් සඳහා පුද්ගලික සංචාරයක් වෙනුවෙන් දින එකහමාරක කාලයක් ඇතුළත රජයේ මුදල් රුපියල් කෝටි 1.5 කට අධික ප්‍රමාණයක් වැයකරමින් රාජ්‍යයට පාඩුව කිරීමේ චෝදනාව යටතේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහිව පොදු දේපළ අයථා ලෙස පරිහරණය කිරීමේ පනතට යටතේ ඉදිරිපත් කර ඇති පෙත්සම හෙට (29) දින කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාග කිරීමට නියමිතයි.
පුවතක්.
■ රටේ රාළගේ සටහන.
ලංකාව තුල රාජ්‍ය දේපල අවභාවිතාව සම්බන්ධව ලොකුම සංවාදය ඇති කළේ මේ සිද්ධිය හරහායි.
රනිල්ට සාධාරණය අධිකරණය මගින් ඉෂ්ඨ වෙවි.
ඒ ගැන විශ්වාසයක් තියනවා.
හැබැයි අනුර ඇතුළු මේ ආණ්ඩුවේ නායකයින් රාජ්‍ය දේපල බරපතල විදිහට අවභාවිතා කරමින් ඉන්නවා.
ඇත්තටම මෙයාලා නඩත්තු කිරීමෙන් රටට ඇති ප්‍රයෝජන මොකද්ද?
ජනාධිපති විදිහට අනුර මේ රටට කරපු එකඳු පලදායී දෙයක් තියනවද?
අනුර කරපු විදේශ සංචාරවලින් රටට අත්වුන ප්‍රතිලාභයක් තියනවද?
හරිනි අගමැතිවරිය විදිහට හරි අධ්‍යාපන ඇමති විදිහට හරි මේ රටට එකතු කරපු යහපත් දෙයක් තියනවද?
මේ කැබිනට් මණ්ඩලයේ එක ඇමති කෙනෙක් තමන්ගේ අමාත්‍යාංශයකින් රටට එකතු කරපු යහපත් දෙයක් තියනවද?
රටට කිසිවක් නොකරපු ජනාධිපතිවරයෙක් සහ ආණ්ඩුවක් නඩත්තු කරන ලෝකයේ තියන අරුම පුදුම රටක් මේක.
මෙයාලා වෙනුවෙන් මේ දක්වා යොදවපු හැම ශතයක්ම මෙයාලා කරලා තියෙන වැඩත් එක්ක සන්සන්දනය කරද්දී වැටෙන්නේ අවභාවිතා ගොඩට.
මේ දක්වා නං වැඩක් නොකර ජනතාවගේ බදුවලින් නඩත්තු වෙලා.
තනිකරම පිනට කාලා.
දැන් පිං කියලා මේ ආණ්ඩුවට හණ වැදිලා ඉවරයි.
බලු කපුටු දානයක් දුන්නා කියලා බදු ගෙවපු ජනතාව හිත හදාගන්න පුළුවන්.
RRMC.

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *