|

ජනතාව සුදානම් තවමත් විපක්ෂය සුදානම් නැත – රටේ රාළ.

පහුගිය දවස්වල රට පුරා පැතිර ගිය අපරාධ රැල්ල තවමත් එහෙමම තියනවා.සුනිල් වටගල කිව්වට දවසේ වෙඩිල්ල අවසානයි කියලා ඒක අවසන්වෙලා නෑ.රටේ රාළ හිතන්නේ නෑ ඒක ලේසියෙන් අවසන් වෙයි කියලා.මොකද දැන් ජවිපෙ විසින් මේ ඝාතන රැල්ල ඝාතන සංස්කෘතියක් බවට පත් කරලා.ඒ සංස්කෘතිය අනුමත කරන බහුතරය ජේවීපීකාරයෝ.ජවිපෙන් දේශපාලනයේ “අ” “ආ” ඉගෙන ගත්ත කෙනෙක් විදිහට මේ කාලේ ජවිපෙ කෙනෙක් නොවීය ගැන රටේ රාළට තියෙන්නේ අපමණ සතුටක්.
ජවිපෙ සමාජවාදය අතෑරියා.ලිබරල්වාදය වැළඳගත්තා.දැන් ජවිපෙ ක්‍රියාත්මක කරන්නේ ලිබරල් ආර්ථික ප්‍රතිපත්ති.IMF ගිහින් ගොඩ ගිය ලෝකයේ එක රටක් කියන්න කියලා ප්‍රශ්න කරපු ජවිපෙ දැන් IMF එක කරේ තියාගෙන.තමන්ගේ ආණ්ඩුවක් යටතේ ලෝක බැංකුවේ ෆ්ලග් එක ගලවනාවා කියපු ජවිපෙ දැන් ලෝක බැංකුවෙන් ණයක් හම්බ උනොත් මාර උඩ පැනිලක් උඩ පනිනවා.හැබැයි ජවිපෙ විසින් අත්හැරපු නැති එකමදේ තමයි ජවිපෙ ඇතුලේ තියන ඝාතන මනස.
ජවිපෙත් එක්ක එකට යන එකක් තමයි මේ දේශපාලනය ඝාතන සංස්කෘතිය.ඉතිහාසයේ ජවිපෙ සන්නද්ධ ක්‍රියාමාර්ග දෙකක් තොරලා තියනවා.සමාජවාදය පිහිටවන්න ලෝකය පිලිගත්ත එක ක්‍රියාමාර්ගයක් තමයි සන්නද්ධ අරගලය.ඒක නිසාම ජවිපෙ අධ්‍යාපන ක්‍රියාවලියට ජාත්‍යන්තර කොමියුස්ට් ව්‍යාපාරය තුල සිද්ධවුන සියලු සන්නද්ධ අරගල සම්බන්ධ අධ්‍යනයක් එකතු කරලා තියනවා.ඒක නිසාම සන්නද්ධ අරගලයේ ආශ්වාදය ජවිපෙ සාමාජිකයා ඇතුලේ තැන්පත්වෙලා තියනවා.
ජවිපෙ කරපු සන්නද්ධ අරගල දෙකෙන්ම ජවිපෙට අත්වුනේ පරාජයක් උනත් සන්නද්ධ අරගලයට ජවිපෙ ඇතුලේ තියෙන්නේ පුදුම ආකර්ෂණයක්.සන්නද්ධ අරගලය ඇතුලේ තියන අවධානම ගැන හිතන්නේ නැතිව තුවක්කුව අතට ආවම තමන්ට ආරෝපනය වෙන බලය ගැන හිතපු ජවිපෙ සාමාජිකයෝ ගොඩක් ඉන්නවා.වර්තමාන ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වාත් එහෙම කෙනෙක්.නැත්තං 88/89 කළුතර දිස්ත්‍රික්කයේ අධ්‍යාපන ලේකම් විදිහට හිටපූ ටිල්වින් තුවක්කවක් අරන් වාද්දුව කඳවුරට ගහන්න යයිද?
ටිල්වින් එදා තමන්ට අයිති නැති වැඩක් කරන්නේ ටිල්වින්ට තිබුණ ඒ සන්නද්ධ ජොලිය හින්දයි.අන්තිමට උනේ අත් දෙක උස්සලා යටත්වෙලා සියල්ල පාවා දුන්න එක විතරයි.ටිල්වින්ගේ මේ මනස තමයි අද ජවිපෙ ඇතුලට මේ ඝාතන සංස්කෘතියක් විදිහට කාන්දු වෙන්නේ.ඒ සංස්කෘතියෙන් කරන්නේ දේශපාලන ඝාතන සාධාරණීකරණය කරන එකයි.වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර ඝාතනය කළාට අකමැති ජේවීපී කාරයෙක් ඉන්නවද?නෑ.
ඒ ඝාතනයට ජෙප්පෝ කැමතියි.ඒක තමයි ජවිපෙ ඇතුලේ සංස්කෘතිය.දැන් ඔය ඝාතන අවධානම තියෙන ජගත් විතාන මරණවා නං ජෙප්පෝ හරිම කැමතියි.ඒකයි රටේ රාළ කියන්නේ ජවිපෙ මෙතෙක් ගෙනාපු හැමදේම අතෑරියට ඝාතන මනස අතෑරලා නෑ කියලා.දැන් ඔයාලට ප්‍රශ්නයක් එන්න ඕනි ඇයි ජවිපෙට ඒක අතාරින්න බැරි කියලා.ඉතිහාසයේ ජවිපෙ සන්නද්ධ අරගලය ඇතුලේ ඉන්නකොට සමූපකාර කඩලා බඩු ටික මංකොල්ල කෑවා.ඒවා මංකොල්ල කාගෙන එයාලගේ කෑලේ කඳවුරට ගෙනිච්චා.
හැබැයි ජේවීපීකාරයට එදා හැඟිමක් තිබුණේ නෑ මේ මංකොල්ල කෑවේ අසරණ මිනිස්සුන්ට ජනසවිය දෙන්න තිබුණ බඩුටික කියලා.ඒක දැනෙන අය හිටියත් අපි මේක කරන්නේ විප්ලවය වෙනුවෙන් කියලා හිත හදාගත්තා.ඒ වගේම ජවිපෙ විසින් බැංකු මංකොල්ල කෑවා.ඒ වෙලාවේ අපි මේ මංකොල්ල කන්නේ දුප්පත් මිනිසුන්ගේ තැන්පතු කියලා කාටවත් හිතුනේ නෑ.හිතුනත් විප්ලවය වෙනුවෙන් කියලා හිත හදාගත්තා.ජවිපෙ විසින් ගම්මට්ටමේ ඉන්න අහිංසක මිනිස්සුන්ගේ පටන් රටේ ඉන්න ඉහල ප්‍රභූවරු දක්වා මිනිස්සු මැරුවා.
ගමේ පියදාස මරණකොට මේ අපේ පන්තියේ එකෙක් කියලා හිතුවේ නෑ.හිතුනත් පාවා දෙන්නන් තුරන් කළේ නැත්තං විප්ලවය කරන්න බෑ කියලා හිත හදාගත්තා.විජය කුමාරතුංග ඝාතනයත් එහෙමයි,තේමිස් ගුරුගේ,සාගරිකා ගෝමස් ඔය හැම කෙනාම ඝාතනය කළේ ද්‍රෝහියා කියන ලේබලය යටතේ.මොන ක්‍රමයකට හරි එයාලා ජවිපෙට ද්‍රෝහීවෙලා.ඒ වගේම ජවිපෙ දාලා ගිය අයටත් ඒකම තමයි උරුම වුනේ.එයලා බේරුණා නම් බේරුණේ එයාලාගේ තිබුණ දක්ෂතාවයකට මිසක් ජවිපෙ තිබුණ ගුණ යහපත්කමට නෙවෙයි.
රටේ රාළ පස්සේ ටිල්වින්ගේ දේශපාලන දඩ බල්ලෝ එලවපු හැටි මීට කලින් රටේ රාළ කියලා තියනවා.ඇත්තටම ඇයි මෙහෙම වෙන්නේ.ඒකට හේතුව තමයි ඕනිම දෙයක් කරලා ඒක සාධාරණීකරණය කරන නරුම මනසක් ජවිපෙට තියනවා.එදා සමූපකාරය කැඩුවේ විප්ලවය වෙනුවෙන්.අද ඔය කරන හොර මඟඩි වලින් පැලවත්තට සල්ලි යන්නේ ඒත් විප්ලවය වෙනුවෙන්. දැන් මෙයාලා විප්ලවයට කියන්නේ පුනරුදය කියලා.
එදා විජය මැරුවේ විප්ලවය වෙනුවෙන්,අද ලසන්ත වික්‍රමසේකර මරන්නේ පුනරුදය වෙනුවෙන්.ඒක නිසා මෙයාලට තමන්ගේ දේශපාලන අවශ්‍යතාව වෙනුවෙන් ඕනි පාවා දීමක්,ඕනිම ඝාතනයක් කරන්න පුළුවන්.ඒ වගේම ඒවා කරන්න මෙයාලා දෙපාරක් හිතන්නේ නෑ.ඒක කොච්චර දරුණුද කියනවා නම් මේ රට පාලනය කරපු දරුණුම පාලකයන්ටත් වඩා මෙයාලා දරුණුයි. ඇත්තටම මෙයාලට දරුණු කියන වචනය ගැලපෙන්නේ නෑ. මෙයාලට ගැලපෙන්නේ මිලේච්ඡයි කියන වචනයයි.
වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර ඝාතනය උනාට පස්සේ පොලිස් ඇමති ආනන්ද විජේපාල කරපු කතාවෙන්,නියෝජ්‍ය ඇමති මහින්ද ජයසිංහ කරපු කතාවෙන් ඒ ම්ලේච්ඡත්වය හොඳටම පෙනුනා.ඒක නිසා මෙයාලා කියන රණසිංහ ප්‍රේමදාසට වඩා,රන්ජන් විඡේරත්නට වඩා දැන් මෙයාලාම කියන බටලන්දේ වධකයාටත් වඩා මෙයාලා ම්ලේච්ඡයි.එයාලා දරුණු උනේ යුද්ධයක් ඇතුලේ.හැබැයි ජවිපෙ මිලේච්ඡත්වය යුද්ධය ඇතුලේ වගේම ප්‍රජාතන්ත්‍රවාදය ඇතුලෙත් එකම විදිහට තියනවා.
අපේ රටේ මේ දක්වා හිටපු හැම පාලකයම ජනමතයට හිස නැමුවා.ජනතාව කියනදේ අහලා ගෙදර ගියා.මෙයාලා ජනමතයට හිසනමලා ගෙදර යන අය නෙවෙයි.ඒක නිසා මේ රටේ ජනතාව ජවිපෙ මාලිමා ආණ්ඩුවෙන් කිසිම හොඳ දෙයක් හම්බ වෙන්නේ නෑ.ගන්න දෙයක් මෙයාලගෙන් උදුරලා තමයි ගන්න වෙන්නේ. මෙයලා දීලා යන ජාතියක් නොවෙන හින්දා මෙයාලා යවන්න වෙන්නේ එලවලාමයි.ඒක කරන එකත් දැන් එච්චර අමාරු දෙයක් නෙවෙයි.හැබැයි ජනතාව ඒකට සුදානම් උනාට තවම විපක්ෂය සුදානම් නෑ.
හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මීට

රටේ රාළ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *