ශ්‍රී ලංකාවේ ණය අනුපාතය ඉලක්කයට වඩා පහළට ; දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 98 යි
2024 වසරේ රටේ ආර්ථිකයේ වඩා යහපත් වර්ධනයක් පෙන්නුම් කිරීමත් සමග සමස්ත ණය අනුපාතය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 98.7 ක් දක්වා පහත බැස තිබේ.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වැඩ සටහනේ ඉලක්ක කොට තිබුණේ සියයට 108.8 ක් දක්වා අඩුකර ගැනීමට ය.
එමෙන් ම උද්ධමන ඉලක්කය ද පවතින්නේ පහත මට්ටමක ය. ඉලක්ක කළ සියයට 5 මට්ටම වෙනුවට පසුගිය කාලයේ වාර්තා වුයේ ඍන අගයකි.
රාජ්‍ය මුදල් කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේ දී මෙම තොරතුරු හෙළි කළේය.
