මුදල් ඇමැතිකමට සුදුස්සෙක් මාලිමාවේ නැහැ ! පිටතින් ව්‍යාපාරිකයෙක් ගෙනෙන සැලසුමක් !!

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මුදල් ඇමති ධුරයෙන් ඉවත් වී එම තනතුරට දිවයිනේ ප්‍රකට ව්‍යාපාරිකයකු පත්කර ගැනීමට අදහස් කර ඇති බව තතු දත් දේශපාලන අංශ වාර්තා කරයි. ඒ සඳහා මාලිමා ජාතික ලැයිස්තුව තුළින් එම ව්‍යාපාරිකයා පාර්ලිමේන්තුවට පත් කිරීමට යෝජනා වී තිබේ.

ජනාධිපතිතුමාට වැඩ කටයුතු අධික වීමත්, මුදල් ඇමති තනතුරට ඒ සඳහා විෂය දැනුම ඇති අයෙකු මාලිමා ආණ්ඩුවේ නොසිටීමත් නිසා මෙම පියවර ගැනීමට යන බව කියති.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *