| |

රනිල්ට පහර දෙන්න මාලිමාවෙන් විශේෂ මෙහෙයුමක් !

ආණ්ඩුවේ ජනප්‍රියතාවය පිරිහෙමින් පවතිද්දී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලන වශයෙන් ශක්තිමත් වීම වැලැක්වීම සඳහා ඒ මහතාට එරෙහිව විශේෂ මාධ්‍ය මෙහෙයුමක් දියත් කිරීමට මාලිමාවේ දේශපාලන නායකත්වය තම මාධ්‍ය සගයන්ට උපදෙස් ලබා දී ඇති බව වාර්තා වෙයි.

මේ සඳහා රනිල් වික්‍රමසිංහ මහතා නිදොස් කොට නිදහස් කොට ඇති මහ බැංකු ගනුදෙනු සිදුවීම ඇතුළු හැකි සියලු චෝදනා මාධ්‍ය මගින් යළි යළිත් මතුකිරීමට කටයුතු යොදා තිබේ.

වත්මන් රජය බලයට පත් වූ පසුව මහ බැංකු සිදුවීමට රනිල් වික්‍රමසිංහ මහතාට චෝදනා එල්ල කිරීමේ හැකියාව සොයා බලා ඇති නමුත් නීති උපදෙස් ලැබී ඇත්තේ එවැන්නක් සිදු කළ නොහැකි බව යි. එමෙන් ම ඒ සිදුවීම පිලිබඳ පවරා ඇති දැනට ඇති නඩු  ද එතරම් ශක්තිමත් නැති බව ද නීති අංශ ප්‍රකාශ කරයි.

හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්ට චෝදනා එල්ල කළ හැකි ශක්තිමත් සාක්ෂි ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා රජය අපොහොසත් වී ඇති නිසා ඔහු මෙරටට ලබාදීමට පියවර ගත නොහැකි බව සිංගප්පුරු රජය ශ්‍රී ලංකාවට දැනුම් දී තිබේ.

මේ අතර රනිල් වික්‍රමසිංහ ජනාධිපති සමයේ තරුණ සේවා සභාවේ ගනුදෙනු සම්බන්ධයෙන් ද කෝප් කමිටුව පරීක්ෂණයක් අරඹා ඇත.

කෙසේ වෙතත්, ඒ කිසිවක් ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හෝ වංචා දුෂණ විමර්ශන කොමිසමට හෝ මෙතෙක් පැමිණිලි කොට නැත. ඉදිරියේ දී එබඳු පැමිණිලි ඉදිරිපත් කිරීමට ද උත්සාහයක් පවතින බව දැනගන්නට තිබේ.

එබඳු කරුණුවලට මාධ්‍ය මගින් ඉහළ ප්‍රචාරයක් ලබාදීමට සැලසුම් සුදානම් කොට තිබේ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *