සරසවි ගාලගෝට්ටිය නතර කරනු

වෛද්‍ය උපාධි පිරිනැමීමේ ලංකාවේ එකම පෞද්ගලික විශ්වවිද්‍යාලයවන‘ දකුණු ආසියා තාක්ෂණික සහ වෛද්‍යආයතනය’ හෙවත් සයිටම් ගැන හා හෝව නැවත කරලියටවිත් තිබේ. නැවතත් එය සිදුවෙමින් තිබෙන්නේ වැරදි හේතු පාදක කොටගෙන ය.

ශිෂ්‍ය සංගම්, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, රජයේ විශ්වවිද්‍යාල ආචාර්යවරු සහ වෘත්තීය සමිති මේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය වසා දමන්නැයි රජයට බල කරති.

රජය මගින් නොමිලේ සපයන අධ්‍යාපන වැඩපිළිවෙල යටතේ ප්‍රතිලාභ ලබන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, වෛද්‍ය ශිෂ්‍යයන් සහ රාජ්‍ය නොවන ඇතැම් සංවිධාන පෞද්ගලික විශ්වවිද්‍යාල මගින් වෛද්‍ය උපාධි පිරිනැමීම දකින්නේ නිදහස් අධ්‍යාපනයට තර්ජනයක් වශයෙනි. තමන්ගේම වන ශික්ෂණ රෝහලක් නැතිව ලෝකයේ පිහිටුවා ඇති එකම වෛද්‍ය පීඨය සයිටම් බව වෘත්තීය සංගම්කාරයෝ කියති. මෙය අමූලික බොරුවකි.

වෛද්‍ය උපාධි පිරිනැමීමේ බලය සයිටම් ආයතනයට පැවරීමට විරුද්ධ කණ්ඩායම් වලට‘ ඒකාබද්ධ විපක්ෂයේ’ සහයෝගයත් ලැබේ. රජයේ නොමිලේ අධ්‍යාපන වැඩපිළිවෙලට මෙවැනි විශ්වවිද්‍යාල තර්ජනයක් වනබව ඔවුන්ගේද මතයයි. මොවුන්ගේ මේ හැසිරීම පිළිබඳව පැනනගින ප්‍රශ්නය වන්නේ, වෛද්‍ය උපාධි පිරිනමන මේ කියන සයිටම් ආයතනය පිහිටුවන අවස්ථාවේ එදා රට පාලනය කරමින් සිටි ඔවුන්ගේ අනුමැතියත් ලැබුණු කාරණයයි. එය පිහිටුවන ලද්දේ ඔවුන්ගේ අනුමැතිය ඇතිව ය. 2011 අගෝස්තු 30 වැනි දා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම, එම්.බී.බී.එස්. උපාධිය පිරිනමන ආයතනයක් වශයෙන් සයිටම් ආයත තිය දී ලියාපදිංචි කෙළේය. එසේ කෙළේද, අද‘ඒකාබද්ධ විපක්ෂයේ’ සිටින අයවළුන් එදා රට පාලනය කළ ආණ්ඩුව යටතේ ය.

ඇත්ත වශයෙන්ම, පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය වසා දමන්නැයි ඉල්ලා විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් දහස් ගණනින් මහ පාරේ පෙළපාලි ගිය අවස්ථාවේ අද‘ඒකාබද්ධ විපක්ෂයේ’ සිටින සහ එදාරටපාලනය කළ අයවළුන් කෙළේ, කැරලි මර්දන පොලීසිය යොදවා කඳුළු ගෑස්සහ ජල ප්‍රහාරඑල්ල කොට ඒ විරෝධතා මර්දනය කිරීමයි. මේ විරෝධතාවයෙන් තුවාල ලත් ශිෂ්‍යයන් දහපහළොස් දෙනෙකු එදා රෝහල්ගත කිරීමටත් සිදුවිය.

සයිටම් ආයතනයේ ශිෂ්‍යයන්ව මොන හේතුවක් යටතේවත් තමා ලියාපදිංචි නොකරන බව‘ශ්‍රී ලංකා වෛද්‍යසභාවේ’ සභාපතිවරයා කියා තිබේ. ඒ සඳහා ඔහු ඉදිරිපත් කළහේතු වලින් එකක් වන්නේ, “සයිටම් ශිෂ්‍යයන් වෝහාර වෛද්‍ය විද්‍යාව හදාරා නැතිවීමත්”, ඒ හේතුවෙන් සායනික පුහුණුව ප්‍රමාණවත් නොවීමත් ය. එය සාධාරණ තර්කයකි.

2015 දෙසැම්බර් මාසයේ සයිටම් ශිෂ්‍යයන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ ගොනුකරන ලද පෙත්සමක් විභාගයට ගැනුණු අවස්ථාවේ මේ ශිෂ්‍යයන්ට අවිස්සාවේල්ල මූලික රෝහලේ සහ කඩුවෙල රෝහලේ එම සායනික පුහුණුව ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය භාරගත්තේය. සයිටම් ආයතනයෙන් වෛද්‍ය උපාධි ලබා පිටවන ශිෂ්‍යයන් ලියාපදිංචි කිරීම‘ශ්‍රී ලංකා වෛද්‍ය මණ්ඩලය’විසින් ප්‍රතික්ෂේප කොටඇති තත්වය ඉදිරියේ තමන ්මුහුණදී ඇති අර්බුදය විසඳා ගැනීම සඳහා සයිටම් ආයතනයේ එම්.බී.බී.එස්. උපාධිධාරිනියක් අභියාචනාධිකරණය ඉදිරියේ පෙත්සමක්ගොනු කළාය. සියලු පාර්ශ්වවල කරුණු දැක්වීම් වලින් පසු, මේ වසරේ ජනවාරි 31 වැනි දා සිය විනිශ්චය ප්‍රකාශයට පත්කරමින්, සයිටම් ආයතනයෙන් පිටවන එම්.බී.බී.එස්. උපාධිධාරීන්ව‘ශ්‍රී ලංකා වෛද්‍යසභාව’විසින් තාවකාලිකව ලියාපදිංචි කළයුතු බවට අභියාචනාධිකරණය නියෝග කෙළේය.

මේ විනිශ්චයට තමන් එරෙහිවන බවට විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ තර්ජනය කළහ. කෙසේ වෙතත් පසුව එළඹි සිහියෙන්යුතුව කටයුතු කරන බවක් පෙනෙන අතර, මේ ප්‍රශ්නය නිරාකරණයකර ගැනීම සඳහා යෝජනා වලියක් විශ්වවිද්‍යාල වෛද්‍ය පීඨඅටක පීඨාධිපතිවරුන් විසින් දැන් ඉදිරිපත්කොට තිබේ. සංක්ෂිප්තව ගත් කල්හි, රටේ වෛද්‍ය අධ්‍යාපනය සඳහා අවම ප්‍රමිතීන් පවත්වා ගත යුතු බව අවධාරණය කරන ඔවුන්, එම ප්‍රමිතීන් පවත්වා ගැනීම සඳහා යොදාගත යුතු ක්‍රියාවලියක්ද යෝජනාකොට තිබේ.

මීට අදාළ සැබෑදත්ත දෙස අපි දැන් අවධානය යොමුකරමු: වෛද්‍යවරුන්ගේ බරපතල හිඟයක් අපට තිබේ. මහාචාර්ය ලලිත මෙන්ඩිස් විසින් කරන ලද අධ්‍යයනයකින් පෙන්වා දෙනපරිදි, ලංකාවේ ජනගහනය සහ වෛද්‍යවරුන් සංඛ්‍යාව අතර ඇති අනුපාතය වන්නේ 100000 : 55.2 කි. එනම්, පුද්ගලයන් 1811 කට සිටින්නේ එක වෛද්‍යවරයෙකි. වෛද්‍ය විශේෂඥයන් සම්බන්ධයෙන් ගත් විට තත්වය මීටත් වඩා බරපතල ය. එය, 100000 : 4.8 කි.හෙවත්, පුද්ගලයන් 25,000 කට එක්විශේෂඥ වෛද්‍යවරයෙකි.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව 2006 දී නිකුත් කළ සංඛ්‍යා ලේඛන වලට අනුව, විශ්වවිද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් ලබන ශිෂ්‍යයන්ගෙන් විශ්වවිද්‍යාල වරම ලැබෙන්නේ සියයට 14.34 කටපමණි. හිටපු අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරිය ආචාර්ය තාරා ඩි මෙල් 2009 දී පෙන්වා දුන් කරුණු අනුව, අපොස උසස්පෙළ‘ඒ’ 3 ක් සහිත ශිෂ්‍යයන් 164 කට ද, ‘ඒ’ 2 ක් සහ‘බී’ 1 සහිත ශිෂ්‍යයන් 1464 කට ද සරසවි වරම් නොලැබීගොස් ඇත.

රටේ අවශ්‍යතාවට ප්‍රමාණවත් වෛද්‍යවරුන් සංඛ්‍යාවක් බිහිකිරීමට රජයේ විශ්වවිද්‍යාලවලට හැකියාවක් ලැබීනැත. විභාගය සමත්වුණත් රජයේ වෛද්‍යපීඨවලට ඇතුළත් විය නොහැකි, එහෙත් වෛද්‍ය අධ්‍යාපනය ලැබීමට සුදුසු ශිෂ්‍යයෝ සිටිති. ඒ නිසා, ඉහත කී වෛද්‍යවරුන්ගේ හිඟය පියවා ගැනීමට උදව්වීමේ වගකීමක් රටට තිබේ. එසේ තිබියදී, නිදහස් අධ්‍යාපනයට තර්ජනයක් වෙතැයි කියන පුහු තර්ක මත, රටත් ජනතාවත් ගෙලග්‍රහණයෙන් ගැනීමට ඉඩදිය නොහැක.

දැනටමත් අපට පෞද්ගලික පාසල් සහ පෞද්ගලික විශ්වවිද්‍යාල තිබේ. එසේ තිබියදීත් නිදහස් අධ්‍යාපනය දිගටම කෙරීගෙනයයි. ඒ නිසා දැන්වත් සිහිබුද්ධිය මෙහෙයැ වියයුතුව තිබේ. දැන්වත් සරසවි ගාලගෝට්ටිය නතර කළයුතුව තිබේ.

2017 පෙබරවාරි 13 වැනි දා ‘ඬේලි මිරර්’ පුවත්පතේ පළවූ
සරසවි ගාලගෝට්ටිය නතර කරනු
නැමැති කතුවැකියේ සිංහල පරිවර්තනය
‘යහපාලනය ලංකා’අනුග්‍රහයෙනි

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *