ආර්ථික ප්‍රතිසංස්කරණ වල පදනම ඉන්දියාව සමග එක්ටා ගිවිසුමයි – මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ඩබ්ලිව් ඒ විජේවර්ධන

W.A-Wijewardenaරජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ වල පදනම වන්නේ ඉන්දියාව සමග අත්සන් කරන එක්ටා ගිවිසුම බවත් එය අසාර්ථක වුවහොත් සියලුම ආර්ථික හා  වෙළෙඳ ප්‍රතිසංස්කරණ අසාර්ථක වන බවත් මහා බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ඩබ්ලිව් ඒ විජේවර්ධන මහතා කියයි . ඉන්දියාව සමග එක්ටා ගිවිසුම අත්සන් කලයුතු බවත් චීනය , ජපානය , දකුණු කොරියාව ,යුරෝපා සංගමය හා ඇමෙරිකා එක්සත් ජනපදය ඇතුළු අනෙකුත් රටවල් සමගද ගිවිසුම් වලට එලබිය යුතු බවත් ඒ සියල්ල රජයේ ප්‍රතිසංස්කරණ නියාය පත්‍රයේ ඇතුලත් බවත් ඒ මහතා ප්‍රකාශ කරයි . ඒ මහතා වැඩි දුරටත් කියන්නේ අන් සියලු රටවල් සමග එළබෙන ගිවිසුම් සදහා පදනම වන්නේ ඉන්දියාව සමග ගිවිසුම බවයි . එබැවින් එය සාර්ථක කර ගැනීම අතිශයින් වැදගත් බව ඒ මහතා පෙන්වා දෙයි . මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයා ඩේලි එෆ් ටී පුවත්පතට නිතිපත ලියන විවේචනාත්මක විග්‍රහය මගින් ඒ මහතා මෙම අදහස් ප්‍රකාශ කොට ඇත .

රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ සාර්ථක කරගැනීමට ගතයුතු පියවර ගැන අදහස් දක්වමින් විජේවර්ධන මහතා කියන්නේ රජයේ අදායම් වැඩිකර ගැනීම පළමු කරණය බවයි . ඒ සදහා විදිමත් බදු පදනමක් ගොඩනග ගත යුතුය .දෙවැන්න රජයේ මුදල් කළමනාකරණය ශක්තිමත් කිරීමයි . එනම් නාස්තිය වලකා වියදම්කිරීමේ ප්‍රමුකතා හදුනා ගැනීමයි . තෙවැන්න නම් රජයේ ආයතන ප්‍රතිසන්විදනය කිරීමයි . පාඩු ලබන ආයතන ලබා ලබන තත්ත්වයට පත්කිරීමත් සියලු ආයතන වැඩ කාර්යක්ෂම කිරීමත් ඒ සදහා අවශ්‍යය .

රජයේ ආර්ථික හා වෙළෙඳ  ප්‍රතිසංස්කරණ ඒ සමග ක්‍රියාවට නැගිය යුතුය . එහිදී අතිශයින් වැදගත් වන්නේ ඉන්දියාව හා අනෙකුත් රටවල් සමග එළබෙන වෙළෙඳ ගිවිසුම් ය .

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *