ජනාධිපති අනුරගේ විග්රහයට අනුව දැනට සිද්ධවෙමින් පවතින පතාල ක්‍රියාකාරීත්වයෙන් ජාතික ආරක්ෂාවට කිසිම තරජනයක් නෑ.පාතාල කණ්ඩායම එකිනෙකා අතර ගැටුම් නිර්මාණය වීම මහජනයාගේ පොදු ආරක්ෂාවට තර්ජනයක් නෙවෙයි.මේවා හුදු පාතාල කල්ලිවල ගැටුම් විතරද එහෙමත් නැත්තං මේ සියල්ල ඒකාබද්ධ කර මෙහෙයවන හස්තයක් ඉන්නවද කියන සැකය අනුරටත් තියන බව කිව්වා.
ඉතිහාසය පුරාම බලයේ ඉන්න කන්ඩායම තමන්ගේ අඩුව වහගන්න හැමවෙලේම කළේ පැවති ආණ්ඩුවලට චෝදනා කරන එකයි.ඒක එජාප ආණ්ඩු තියෙද්දිත් කළා,ශ්‍රිලනිප සහ පොහොට්ටු ආණ්ඩු තියෙද්දිත් කළා.දැන් ජවිපෙ – මාලිමා ආණ්ඩුවෙනුත් ඒකම කරනවා.ඇත්තටම මේ සිදුවූ ඝාතන දිහා බලද්දී අනුර කියන කතාවේ පිලිගන්න පුළුවන් පැත්තක් තියනවා. විශේෂයෙන්ම මිද්දෙනියේදී සිද්ධවුන ත්‍රිපුද්ගල ඝාතනය ජවිපෙ – මාලිමා බලවේගය මහින්දගේ පිට පටවන්න හදනවා.
ඒකට සාධාරණ තර්කයකුත් එයාලට තියනවා.ඒ මියගිය ” කජ්ජා ” නැමති පුද්ගලයා චමුදිත සමරවික්‍රම එක්ක කරපු ඉන්ටවිව් එකකදී තමන්ව මරලා දැම්මොත් ඊට රාජපක්ෂලා වගකියන්න ඕනි කියලා කරන ප්‍රකාශයයි.ඒ සාකච්ඡාව පුරාම කජ්ජා මහින්ද,චමල්,ගෝඨාභය බැසිල්,නාමල්,ශෂීන්ද්‍ර ඇතුළු බොහෝ රාජපක්ෂලාට බරපතල චෝදනා කළා.චෝදනා එල්ල කරලා ටික දවසකින් කජ්ජා ඝාතනයට ලක්වුනා.
ඇත්තටම කජ්ජාගේ ඝාතනයට හේතුව ඒ සාකච්ඡාව කියලා බොහෝම දුරට හිතන්න පුළුවන්.හැබැයි එතනදී සැක කරන්න පුළුවන් කාරණා තුනක් ඉන්නවා.එකක් රාජපක්ෂලා.ඒ වගේම රාජපක්ෂලා පිටින් යවන්න වෙනත් කණ්ඩායමකටත් මේක කරන්නත් පුළුවන්.එතනදී වැඩිම සැකය එල්ල වෙන්නේ ජවිපෙට.මොකද අරගලය කාලේ මැදමුලනට ප්‍රහාර එල්වුන වෙලාවේම කජ්ජා රාජපක්ෂලා වෙනුවෙන් එතනට එකතුවුන අයට වෙඩි තිබ්බ බවත් ඒ ප්‍රහාරයෙන් ජවිපෙ සාමාජිකයෙක් මියගිය හෝ තුවාල ලබපු බවත් කියනවා.
ඒ කතාව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රි දිලිප් වෙදආරච්චි පාර්ලිමේන්තුවේදී කිව්වා.කජ්ජා අර කතාව කිව්වට පස්සේ මහින්දලා පිට පටවලා කජ්ජාගෙන් පලිගන්න හොඳම අවස්ථාවක් නිර්මාණය වෙනවා.එහෙම සැලසුමක් ක්‍රියාත්මක උනාද කියන සැකයත් මෙතන තියනවා. විශේෂයෙන්ම පහුගිය ආසන්න කාලයේ ආණ්ඩුවේ ප්‍රධාන හතුරා බවට නැවතත් රාජපක්ෂලා පත්වෙලා තියන නිසා රාජපක්ෂලා පිට පටවන්න මේ ඝාතනය කළාද කියන සැකය තියනවා.
ඒ වගේම කජ්ජලාගේ වෙන ප්‍රශ්නත් තියෙන්න පුලුවන්.ඒ හරහා සිද්ධ වුන ඝාතනයක්ද කියන සැකයත් මෙතන තියනවා.ඒ වගේම 19 වෙනිදා අලුත් කඩේ උසාවිය ඇතුලේදී ඝාතනයට ලක්වුන ගනේමුල්ලේ සංජීවගේ ඝාතනය පිටිපස්සේත් අභිරහසක් තියන බව පැහැදිලියි.පාතාල කල්ලි දෙකක් අතර ගැටුමක් වගේම ඒකට ආරක්ෂක අංශවල සම්බන්ධයක් තියෙනවා කියෙන සැකය තියනවා.සැක කරනවා නම් වැඩබලන පොලිස්පතිව උනත් සැක කරන්න හේතු එතන තියනවා.
ඒ වගේම රජය පැත්තෙන් අලුත් කඩේ ඝාතනය හොයන්න දාලා තියෙන බර මිද්දෙනිය ඝාතනය හොයන්න යොදවලා තියනවද කියන සැකයත් තියනවා.රාජපක්ෂලා ඒ ඝාතනය කල බවට තොරතුරු තියනවා නම් ඒවා ඔප්පු කර නීති මගින් කටයුතු කිරීම කරන්න ඕනි ආණ්ඩුව.මිද්දෙණියේ ඝාතනයේ පරීක්ෂණ හරියට නොකෙරෙනවා නම් ආණ්ඩුවට එල්ල වෙන චෝදනාව තීව්ර වෙන්න පුළුවන්.කොහොම උනත් දැන් එක දෙයක් පැහැදිලියි.
රජයට පාලනය කරන්න බැරි සීමාවක් දක්වා පාතලය වර්ධනය වෙලා තියනවා.ඒ තැන දක්වා වර්ධනය වෙන්න දේශපාලන සහයෝගය පාතාලයට හම්බවීම වැදගත්.රටේ රාළ නං කියන්නේ පාතාලයට එක්තරා සීමාවක් දක්වා දේශපාලනඥයා එක්ක ආව බව ඇත්ත.හැබැයි අද පාතාලය දේශපාලනඥයා පහුකරගෙන ගිහින්.දැන් අපේ රටේ පාතාලය කියන්නේ අපේ රටේ ජාතික සීමාවන් ඉක්මවා ගිය ද්‍රව්‍යමය ව්‍යාපාරයක්.ඒක කෙලින්ම ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරමට එක්ක අත්වැල් බැදගෙන ඉන්නවා.
ඒ පාතාලය ඉස්සරහා අපේ රටේ දේශපාලනඥයෝ ලිලිපුට්ටෝ.මේ දවස්වල පාතාල කණ්ඩායම් සහ පොළීසිය අතර සිද්ධවුන දුරකතන සංවාද අන්තර්ජාලය පුරා දකින්න පුළුවන්.අද පාතාලයට අවශ්‍ය ඔත්තු දෙන්නේ පොලීසිය බව ඉතාමත් හොඳන් පැහැදිලියි.පොලීසිය සමහර නිළධාරීන් පාතාල නායකයෝ ඉස්සරහා හැසිරෙන්නේ බලු කුක්කෝ වගේ.ඇත්තටම පාතාලයේ ගොදුරක් බවට අපේ රටේ පොලීසිය පත්වීම මොනතරම් ඛේදවාචකයක්ද?
මේ දක්වා පැවති ආණ්ඩු පාතාලයේ අනුග්‍රහය දක්වන්නත් ඇති.හැබැයි එයාලට යම්තාක් දුරට හරි පාතාලයට පාලනය කරගන්න පුළුවන් වුනා. අනුරගේ ආණ්ඩුවට ඒකවත් කරගන්න බෑ.හැබැයි පැවති ආණ්ඩුවලින් පාතාලය එක්ක අඩුම සම්බන්ධකම් තියෙන්නේ මේ ආණ්ඩුව කියලා රටේ රාළ විශ්වාස කරනවා.ජවිපෙ ඇතුලේ පාතාලයක් තිබ්බත් ජවිපෙ රටේ පවතින පාතාලය එක්ක ලොකු ගනුදෙනු කළේ නෑ.
ඒකෙන් කියන්නේ නෑ ජවිපෙ සන්නද්ධ කල්ලි එක්ක ගනුදෙනු කළේ නෑ කියලා.විශේෂයෙන්ම කොටි සංවිධානය දෙකඩවීමෙන් නිර්මාණය උන සන්නද්ධ කල්ලි එක්ක ජවිපෙ ගනුදෙනු කළා.ඒවා හරහා ජවිපෙ ළඟත් ආයුධ ප්‍රමාණයක් තියෙන්න පුළුවන්.ගෝඨාභය ආරක්ෂා ලේකම් විදිහට ඉන්දැද්දී ගෝඨාභයගෙන් ආයුධ ඉල්ලපූ ජවිපෙ කරුණාගෙන්,පිල්ලෙයාන්ගෙන් ආයුධ ඉල්ලන එකක් නෑ කියලා පිලිගන්න තරම් රටේ රාළ බබෙක් නෙවෙයි.
ඒ වගේම ජවිපෙ තමන්ගෙන් ආයුධ ඉල්ලුවා කියලා පිල්ලෙයාන් ප්‍රකාශ කරලා තියනවා.ඒක නිසා අපේ සමාජය ඇතුලේ නීති විරෝධී අවි ආයුධ ඕනි තරම් සැරිසරනවා.ඇත්තටම අනුරට පාතාලය මර්ධනය කරන්න ඕනි නම් ගන්න තීරණ තුනක් තියනවා. එක තීරණයක් මේ වෙනකොටත් ආරක්ෂක ලේකම් සම්පත් තුහියකොන්තා අරන් තියනවා.ඒ නීති විරෝධීව ත්‍රිවිධ හමුදාවෙන් පැනලා ගිය පිරිස් වහාම අත්අඩංගුවට ගැනිම සහ ඔවුන් රජයේ අධීක්ෂණය යටතේ තිතාගැනීම.
අනික තමයි රට පුරා තියෙන නීති විරෝධී අවි ආයුධ අත්අඩංගුවට ගැනීම.ඒ වගේම පාතාලයට යටවෙලා තියන අපේ බුද්ධි අංශ,පොලීසිය සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුව සුද්ධ කිරීම.අනුර මේක කළේ නැත්නම් අනුරත් ඒ ප්රචණ්ඩත්වයේ ගොදුරක් වෙන්න පුළුවන්.අනුර මේක කරන්න ලෑස්තියි නං රටේ රාළ බලකායේ සම්පූර්ණ සහය ඒ වෙනුවෙන් දෙනවා.හැබැයි එක කොන්දේසියක් පිට.ජවිපෙ සතුව තියන අවි ආයුධත් විනාශ කරන්න ඕනි.
හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මීට
රටේ රාළ.