ජනපති සටන උණුසුම් ; තීන්දුව පක්ෂවල බෙදීම් අනුව

අනුප්රාප්තික ජනාධිපති තේරීමේ දී වැඩ බලන ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා සහ හිටපු ඇමති ඩලස් අලහප්පෙරුම මහතා අතර ප්රබල සටනක් පවතින අතර පක්ෂ අභය්තරයේ ඇතිවන බෙදීම් එහි දී තීරණාත්මක සාධකය වී ඇති බව වාර්තා වෙයි.
ශ්රී ලංකා පොදුජන පෙරමුණෙන් කොපමණ පිරිසක් ඩලස් අලහප්පෙරුම මහතාට සහය දෙන්නේ ද යන්න මෙන් ම , විපක්ෂයේ කොපමණ පිරිසක් රනිල් වික්රමසිංහ මහතාට සහය දෙන්නේ ද යන්න මෙහි දී තීරණාත්මක වී තිබේ.
ජනාධිපති තේරීමේ ඡන්දයේ දී අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත්ව සිටින ජාතික ජන බලවේගය හැර අනෙක් සියලු පක්ෂ සහ කණ්ඩායම් බෙදී ඡන්දය භාවිතා කරන බවක් පෙනෙන්නට තිබේ.
ශ්රී ලංකා පොදුජන පෙරමුණ නිල වශයෙන් රනිල් වික්රමසිංහ මහතාට සහය පළ කොට ඇතත්, එහි කණ්ඩායමක් ඩලස් අලහප්පෙරුම මහතාට සහය පළ කරයි.
විපක්ෂයේ ප්රධාන පක්ෂ ඩලස් අලහප්පෙරුම මහතාට සහය පළ කොට ඇතත්, එම පක්ෂවල ඇතැම් මන්ත්රීවරු ප්රසිද්ධියේ ම රනිල් වික්රමසිංහ මහතාට සහය පළ කරති.
ශ්රීලනිපයේ , සමගි ජන බලවේගයේ මෙන් ම , ආණ්ඩුවේ සිට ස්වාධින වූ කණඩායමේ ද ඡන්ද බෙදීයමක් පැහැදිලිව දැකිය හැකි වෙයි.
දෙමළ ජාතික සන්ධානය නිල වශයෙන් ඩලස් අලහප්පෙරුම මහතාට සහය පළ කොට ඇතත්, එහි මන්ත්රීවරුන් 6 දෙනෙකු ඊයේ රාත්රියේ එජාප සභාපති වජිර අබේවර්ධන මහතගේ නිවෙසට ගොස් රනිල් වික්රමසිංහ මහතාට සහය පළ කළ බව වාර්තා වී තිබේ.
මේ අනුව අද ජනපති සටන ඉතාමත් උණුසුම් සටනක් වී තිබේ.
