සරත් ෆොන්සේකාට මල පැනලා !

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවසන් මොහොතේ ජනාධිපති තරඟයෙන් ඉවත්වීම ගැන සමගි ජන බලවේගයේ සභාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා කෝපාවිෂ්ට වී සිටින බව වාර්තා වෙයි.
සජිත් ප්‍රේමදාස මහතා පක්ෂයේ කිසිවකුගෙන් නොවිමසා අවසන් මොහොතේ තරඟයෙන් ඉවත්වීමත්, සජිත් තරග නොකරනවා නම් තරග කිරීමට සුදානම්ව සිටි සරත් ෆොන්සේකා මහතා එයින් වැලක්වීමට කපටි ලෙස ක්‍රියා කිරීමත් මෙම කෝපයට හේතු වී තිබේ.
ඩලස් අලහප්පෙරුම මහතාට සහය දීමට තීරණය කිරීම ගැන ෆොන්සේකා මහතාගේ පැහැදීමක් නැති බව ද කියති. ඒ මහතා කියා ඇත්තේ රනිල්, ඩලස් දෙදෙනාටම එරෙහිව තරග කළ යුතු බවයි.
සජිත් තරග නොකරනවා නම් තමන් තරග කරන බව ඒ මහතා ප්‍රකාශ කොට තිබිණි.
