බය නැතිව ගමට යන්න රනිල්ට ඡන්දය දෙන්න – පොහොට්ටුවෙන් කැම්පේන් කරයි

බය නැතිව ගමට යන්න නම් රනිල් වික්‍රමසිංහ මහතාට ඡන්දය දෙන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කණ්ඩායම තම පක්ෂ මන්ත්‍රීවරුන්ට ප්‍රකාශ කොට ඇති බව වාර්තා වෙයි.
අරගලය තුලින් මතු වූ ප්‍රචණ්ඩ කැරලිකරුවන් මෙල්ල කර තම ආරක්ෂාව මේ තරමින් තහවුරු කළේ රනිල් වික්‍රමසිංහ මහතා බව ද ඔවුහු කියති.
මේ කැරලි කරුවන්ට සැමදා යටත්වීමට සුදානම් නොවිය යුතු බව ද මෙම ප්‍රචාරයේ දී කියා තිබේ.
” රනිල්ට ඡන්දය දී ගමට එන්න එපා ” කියන තර්ජන්ජයට යටත් නොවන ලෙස ද එම මන්ත්‍රීවරුන්ට දැනුම් දී තිබේ.
මෙම නායකයින් කියා ඇත්තේ රනිල්ගේ ජයග්‍රහණයත් සමග තර්ජන සියල්ල අවසන් වනු ඇති බවයි.
