|

සමන් – කතරඟම දේවාල හරහා දළදා මාලිගාවට – රටේ රාළ

” ජවිපෙ තැනූ අසංස්කෘතික මිනිසා ” ලිපියෙන් රටේ රාළ කිව්වේ අපේ රටේ තියෙන එෛතිහාසික ආගමික සහ සංස්කෘතිකමය කාරණාවලට ජවිපෙ – මාලිමා ආණ්ඩුවෙන් මේ වෙකොට එල්ලවෙලා තියන තර්ජන ගැනයි.ඒ ප්‍රහාරයේ සැබෑ තත්වය පෙන්නන්න රටේ රාළ ගත්තේ උදාහරණ තුනක් විතරයි.
ජාතික කොඩිය වැරදියට එසවීම,රත්නපුර මහ සමන් දේවාලයට වැඩබලන බස්නායක නිලමේ විදිහට සම්ප්‍රදායට පිටින් ජවිපෙ හිතවතෙක් පත් කිරීම සහ කතරගම දේවාලයේ මූල්‍ය අනුග්‍රහයෙන් මහරගම අපේක්ෂා රෝහලට ලබාදුන්න සිව් මහල් ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවයේදී සෞඛ්‍ය ඇමති නලින්ද ජයතිස්ස කරපු ප්‍රකාශයයි.ඇත්තටම අපේ රට කියන්නේ මහ සංස්කෘතියක් සහ තවත් උප සංස්කෘතීන් ගණනාවක් තියෙන රටක්.මහ සංස්කෘතිය විදිහට තියෙන්නේ සිංහල බෞද්ධ සංස්කෘතිය.
ඒකට ථෙරවාදී බෞද්ධ සංස්කෘතිය කියලත් කියනවා.ඒ වටා එකතු වුන දේව සංකල්ප, ජනප්‍රවාද සහ ඉතිහාසයමය කරුණු එකිනෙකට සම්මිශ්‍ර විමෙන් මේ සංස්කෘතිය ගොඩනැගිලා තියනවා.උතුරේ හින්දූත්වය එක්ක ගැට ගැහුණු දෙමළ සංස්කෘතිකක් තියනවා.කතෝලිකයන් අතර කිතුණු දහමත් එක්ක බැඳුණු සංස්කෘතියක් තියනවා.මුස්ලිම්වරු අතර අරාබි ලක්ෂණ සහිතව ප්‍රාදේශීයකරණය උන සංස්කෘතියක් තියනවා.
මේ හැම සංස්කෘතියක්ම නියෝජන කරන ජාතිකත්වයන් අපේ රටේ ඉන්නවා.ඒ වගේම මේ සංස්කෘතීන්වල තවදුරටත් ආරක්ෂා කරමින් ඉදිරියට ගෙනියන්න ඕනි වටිනාකම් දේවල් ගොඩක් තියනවා.අනවශ්‍ය දේවල් තිබුණත් ඒවා එක පිහි පාරෙන් කපලා දාන්න බෑ.ඒක කරන්න ඕනිත් ඒ සංස්කෘතිය තුල හිදිමිනුයි.සිංහල බෞද්ධ සංස්කෘතියේ පදනම ගොඩනැගෙන්නේ බෞද්ධ දර්ශනය,බෞද්ධ චර්යා ධර්ම,මහා සංඝරත්නය,ජය ශ්‍රී මා බෝධිය,දළදාව,මහ සෑය,පන්සල,වෙහෙර විහාර දේවාල,දෙවිවරු සහ ඇඳහීම් එක්ක.
ඇත්තටම ඒක මහා සංස්කෘතියක්.ඒකෙන් මිදිලා ජීවත් වෙන්න බෞද්ධ සමාජයේ කාටවත් බෑ.ගස් ගල්වලට වදින එක,පිලිමවලට වඳින එක ගෝත්‍රික ලක්ෂණයක් කියලා කියපු බිමල් රත්නායකටත් බුදු පිලිමෙකට වැඳලා,බෝධියටත් වැදලා,පිරිත් නූලක් ගැටගහන්න වීමෙන් ඒක තහවුරු වෙනවා.බෝගහ කියන්නේ කිසිම වැඩක් නැති ගහක් කියපු නලින් හේවගේ වගේ මිත්‍යා දෘෂ්ටිකයන්ට පන්සල්ට ගොඩවෙලා බෝධිය වඳින්න සිද්ධවෙලා තියනවා.
උග්‍ර භෞතිකවාදියෙක් උන අනුරටත් ජය සිරිමා බෝධිය,රුවන් වැලි සෑය,දළදා වහන්සේව වඳින්න යන්න වෙලා තියනවා.මල්වතු අස්ගිරි විහාරස්ථානවලට ගොඩ වෙන්න සිද්ධවෙලා තියනවා.ත්‍රෛයි නිකායික භික්ෂුන් වහන්සේලා ඉදිරියේ වැඳවැටෙන්න සිද්ධවෙලා තියනවා. හැබැයි මේ සියල්ලම එයාලා කළේ සහ කරන්නේ ආගමික භක්තියකින් හරි තමනුත් ඒ සංස්කෘතියේ කොටස්කාරයෙක් කියලා හිතාගෙන නෙවෙයි.
බලය ගැනීම වෙනුවෙන් ජනතාව රවට්ටන්න කරපු ගොඩක් දේවල් අතර මේ බොරු ආගමික භක්තිය තවත් බොරු රඟපෑමක් විතරයි.බලය ගත්තට පස්සේ දැන් තියෙන්නේ බලය ගන්න ඉස්සෙල්ලා තිබුණ ජවිපෙවත්,මාලිමාවත් නෙවෙයි.දැන් එයාලා එයාලගේ operation එකට ලෑස්ති වෙනවා.ඒ තමයි මේ සියලුම සංස්කෘතීන් මකලා දාලා මේ රටේ බෝල්ෂෙවික් සංස්කෘතියක් නිර්මාණය කරන්න.ඒකට තියෙන සංස්කෘතීන්ට ගහන්න ඕනි.එතනදී අංක එකේ ඉලක්කය වෙන්නේ මහ සංස්කෘතිය.
දැන් ජවිපෙ ඒකටත් අත තියලා.පැලවත්තෙන් එන අසංස්කෘතික ordes ක්‍රියාත්මක කරන ආණ්ඩුවක් මේක.ඒකට හොඳම උදාහරණය තමයි සබරගමුව මහ සමන් දේවාලයේ වැඩබලන බස්නායක නිලමේ පත්කිරීම.අනුර ජනාධිපති ලේකම් වෙනුවට කැලණියේ බැජෙක් දාගනිද්දී රජයේ සේවකයෝ කට පියාගෙන හිටියා.හැබැයි මේ කරන්න හදන සංස්කෘතික ප්‍රහාරයේදී නං අපේ රටේ බෞද්ධයා සහ බෞද්ධ භික්ෂුව පැත්තකට වෙලා කට පියාගෙන හිටී කියලා හිතන්න බෑ.
ඇත්තටම භික්ෂුව පෙරට එන්න ඕනි වෙලාවක් මේක.හැබැයි රාජපක්ෂ නිකායේ භික්ෂු වෙස් ගත්ත අර චීවරදාරීන් නඩේ මේ සටනට ආවොත් ජවිපෙට මේ සංස්කෘතික සංහාරය කරන්න තවත් ලේසි වෙනවා.ඒක නිසා අපේ රටේ ඉන්න වැදගත් භික්ෂුන්ට දැන් ඓයිතිහාසික කාර්යභාරයක් තියනවා.ඒ ජාතික යුතුකම වෙනුවෙන් ඉදිරියට එන්න උන් වහන්සේලාට වගකීමක් තියනවා.දැන් පළවෙනි ප්‍රහාරය සමන් දේවාලයට එල්ලවෙලා ඉවරයි,දෙවෙනි ප්‍රහාරය කතරගම දේවාලයට ඊයේ උපක්‍රමිකව එල්ල කරන හැටි අපි දැක්කා.
රටේ රාළ කියන්නේ ඊළඟට ප්‍රහාරය එන්නේ දළදා මාලිගාවට.ඒ කියන්නේ නිලංග දෑල බණ්ඩාරට. මේ දේවාලවල,දළදා මාලිගාවේ දියවඩන නිලමේ තනතුරුවලට සුදුසු අය පත්වෙන්න ඕනි.ඒ ගැන විවාදයක් නෑ.ඒ වගේම මේවායේ සිද්ධවෙලා තියන දූෂණ,අක්‍රමිකතාවලට නීතිමය පියවර ගන්නත් ඕනි.මොකද රටේ නිතියට යටත් නැති කිසි කෙනෙක් මේ රටේ ඉන්න බෑනේ.හැබැයි JVP කාරයෝ දියවඩන නිලමෙලා කරන්න යන එකට එකඟ වෙන්න බෑ.ජවිපෙ කෙනෙක් තියන සම්ප්‍රදාය අනුව ඇවිත් දියවඩන නිලමේ උනාට අවුලක් නෑ.
අනුර මේ රටේ ජනාධිපති වෙලා ඉන්නේ ක්‍රමයට අනුව ඇවිල්ලා.අපි ඒක පිලිගන්නවා.තියන සම්ප්‍රදාය විනාශ කරගෙන ඒ තනතුරුවලට උඩින් දානවට අපි විරුද්ධ.ඔයාලා හොඳට බැලුවොත් පෙනෙයි ජවිපෙ හැමතැනම කියන්නේ සාධාරණය ඉෂ්ඨ කරන්න මැදිහත් වෙනවා කියලයි.හැබැයි ඔයාලා බලන්න මේ දක්වා ජවිපෙ සාධාරණය ඉෂ්ඨ කරලා තියෙන්නේ කාටද කියලා.සහල් ප්‍රශ්නයේදී අනුර පාරිබෝගිකයට සාධාරණය ඉෂ්ඨ කළාද?
ගොවියට සාධාරණය ඉෂ්ඨ කළාද?කුඩා සහල් මෝල් හිමියටවත් සාධාරණය ඉෂ්ඨ කළාද?නෑ. අනුර පැහැදිලිවම සාධාරණය ඉෂ්ඨ කළේ මහ මෝල් හිමියන්ට.සතොස ටෙන්ඩරය කැන්සල් උන නිසා සහල් ආනයනකරුවන්ගෙන් වසන්තටත් සාධාරණයක් ඉෂ්ඨ වෙන්න ඇති.අර බිංගිරියේ ගාමන්ට් ප්‍රශ්නයේදී ජවිපෙ මන්ත්‍රීලා දෙන්නා සාධාරණය ඉෂ්ඨ කරන්න ගියේ කාටද?ගාමන්ට් එන ළමයින්ටද?නෑ ගිය පාර එයාලගේ ඡන්දයට වියදම් කරපු ධම්මිකට.එයාට ඒ පැත්තේ මිනිස්සු කසිප්පු ධම්මික කියනවා.ඒක වෙනම කතාවක්.
රත්නපුර මහ සමන් දේවාලයේ ප්‍රශ්නයට මැදිහත් වෙලා සියලු සම්ප්‍රදායන් කඩකරලා එතෙන්ට ජවිපෙ කෙනෙක් දැමේ සමන් දේවාලයට එන මැතිමතුයන්ට සාධාරණය ඉෂ්ඨ කරන්නද?පැහැදිළිවම නෑ.ජවිපෙ මේ මැදිහත්වීම් තුන විතරක් ගත්තොත් එයාලා සාධාරණය ඉෂ්ඨ කරන්න මැදිහත් වෙලා තියෙන්නේ සල්ලි තියෙන තැන්වලට නැත්තං සල්ලිකාරයන්ට විතරයි.ඒක නිසා ජවිපෙ හෙට දවසේ සල්ලි ගැවසෙන හැම තැනටම අත තියනවා.
හරි එහෙමනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මීට
රටේ රාළ.
May be an image of 3 people

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *