|

යලි නැගිටින ලන්සා – ශ්‍රිලනිප සන්ධානය – රටේ රාළ

ශ්රිලනිප අභයන්තර අර්බුදයත් එක්ක මෛත්රී – විජේදාස පාර්ශව සහ චන්ද්රිකා – දුමින්ද පාර්ශවය අතර තරඟය සෑහෙන්න තීව්ර වෙලා. හැබැයි මෙතනදී විජේදාස පාර්ශවයට ඔක්කොම වැඩ මුල ඉඳන් පටන් ගන්න වෙනවා.මෛත්රී පුටුවෙන් බැහැලා ගියේ ඒ පාර්ශවය බින්දුවටම සමතලා කරලා සහ රට ඉස්සරහා අන්තිමටම හෑල්ලු කරලා.ශ්රිලනිප පාක්ෂිකයෝ කියන්නේ විජේදාස ශ්රිලනිප සභාපතිධූරය ගත්තා නෙවෙයි මෛත්රීගෙන් මිලදී ගත්තා කියලයි.
ශ්රිලනිපයේ අනිත් පාර්ශවය වෙන චන්ද්රිකා – දුමින්ද පාර්ශ්වයට සටන පටන් ගන්න වෙන්නේ එයාලා නතර කරපු තැනින්.දුමින්දලා,ලසන්තලා මුල්වෙලා අනුර යාපා – නිමල් ලන්සලා එක්ක හදන්න හදපු සන්ධානය නවත්තපු තැනින්. පොහොට්ටුව ආයෙත් රාජපක්ෂලාගේ බල පරාක්රමයට යට කරගෙන රනිල්වත් යටකරගන්න හදන මේ වෙලාවේ එහෙම සන්ධානයක අවශ්යතාව රටටම දැනෙනවා.
ඒ සන්ධානය පොහොට්ටු විරෝධී නොවුනත් රාජපක්ෂ විරෝධී සන්ධානයක්.ඒ වගේම එයාලා සජබ සහ මාලිමා විරෝධයත් නියෝජනය කරනවා.එහෙම අයට ගොඩවෙන්න නවාතැන් පොළක අවශ්යතාවය තියනවා.ගිය 14 වෙනිදා මේ පාර්ශව දෙක එකතුවෙලා කරපු සාකච්චාවකින් පස්සේ මෛත්රී විසින් කඩාකප්පල් කරපු සන්ධානය ආයෙත් හදන්න එකගතාවයකට ඇවිත්.මෙතනදී මේ සන්ධානය හැදීමේ වැදගත්කම් කීපයක් තියනවා.
දැන් ශ්රිලනිප අයිතිය සම්බන්ධව අධිකරණයේ නඩු විභාගයක් සිද්ධ වෙනවා.ඒ වගේ වෙලාවක ශ්රිලනිප පාක්ෂිකයා ඉන්නේ ලොකු ටෙන්ෂන් එකක.කොයි පැත්තට අයිතිය හිමි වෙයිද කියන මෙන්ටලිටි එකක් එයාලට ඇවිත්.ඒ වගේ අවස්ථාවක grass root එකට බහින එක තමයි වටින්නේ.අනුර යාපා – නිමල් ලන්සා සහ ශ්රිලනිප දුමින්ද පාර්ශවය ලබන මාසේ අටවෙනිදා හම්බන්තොට තියන එකාබද්ධ රැලියකින් එයාලා බලවේගය අතරට යන්න සුදානම් වෙනවා.
ආරංචි විදිහට එතනදී තමයි සන්ධානය ප්රකාශයට පත්කරන්නේ.ඒක මෛත්රී – විජේදාස පාර්ශ්වයට ලොකු අභියෝගයක්.ඒ වගේම හම්බන්තොට දේශපාලනයේ දැවැන්තයින් විදිහට ඉන්න රාජපක්ෂලාටත් ලොකු අභියෝගයක්. මාලිමාවට සහ සජබයටත් ලොකු අභියෝගයක්. අමරවීරට ලොකු චාන්ස් එකක්.ලන්සාලාගේ සහ දුමින්දලාගේ මේ නැගිටීම රනිල්ටත් යම් හෝ සහනයක් ගේනවා.එක පැත්තකින් රාජපක්ෂලාට බරවෙන්න රනිල් හිතුවා නම් රනිල්ට ආයෙත් බැලන්ස් වෙන්න වෙනවා.
අනික පොහොට්ටුව ඇතුලේ ඉන්න රාජපක්ෂ විරෝධී කණ්ඩායමට ඒකෙන් යම් උත්තේජනයක් ලැබෙනවා.රනිල්ට පොහොට්ටුවත් එක්ක තියන බැදීම මේ ආණ්ඩුව පවත්වා ගෙන යනකං අතාරින්න බෑ.මොකද රනිල්ට ආණ්ඩුව පවත්වාගෙන යෑම තමයි අංක එක වෙන්නේ. පාර්ලීමේන්තුව හරහා තව පනත් ගණනාවක්ම සම්මත කරගන්න තියනවා.ජනාධිපතිවරණය ප්රකාශයට පත්කලාට පස්සේ රනිල්ට රාජපක්ෂලා ගොඩක් වෙලාවට අවලංගු කාසි බවට පත්වෙයි.
රනිල් ජනාධිපතිවරණය දිනුවොත් ඊට පස්සේ මේ පාර්ලිමේන්තුව උනත් රනිල්ට අතිශයින් කීකරු එකක් වෙනවා.රනිල්ට ඕනි නං මේ පාර්ලිමේන්තුව තව අවුරුද්දක් තියාගන්නත් පුඵවන්.සමහරවිට මේ පාර්ලිමේන්තුවෙන් කරගන්න බැරිවුන වැඩ එතකොට කරගන්න පුළුවන් වෙයි.රනිල් මේ වටයේ දේශපාලන කළමණාකරණය කරන විදිහ තමයි මෙතනදී වැදගත් වෙන්නේ.
කොහොම උනත් මෙතනදී රනිල්ට අතිශයින් වැදගත් වෙන්නේ සජබය,පොහොට්ටුව සහ මාලිමාව කළමණාකරණය කරගන්න විදිහයි. සජබය කළමණාකරණය කර ගන්න රනිල්ට සහ එජාපයට උපක්රම තෝරන්න වෙයි.ඒකේ ලොකුම වැඩ කොටසක් රවීලා කරන බව තමයි ආරංචි.ඒ වගේම සජබය දුර්වල කරන්න රනිල් මාලිමාවත් උපරිමයෙන් පාවිචිචි කරගන්න බව පේනවා.සජබ කලමණාකරණය කිරීමේදී රනිල් රාජපක්ෂලා එක්ක කරන ගනුදෙනුවේ දිග පළල සෑහෙන්න වැදගත් වෙනවා.
එතනදී තමයි රනිල්ට මේ ගොඩනැගෙන ලන්සාගේ සහ ශ්රිලනිප නව සන්ධානය වැදගත් වෙන්නේ.ලන්සලා ශක්තිමත් වන තරමට රාජපක්ෂලා දුර්වල වෙනවා.මාර්තු 30 සිට මේ දක්වා ශ්රිලනිපය ඇතුලේ නිර්මාණය උන අර්බුදය නිසා නව සන්ධානය හැදීම පියවරක් පස්සට ගන්න සිද්ධවුනා.දැන් ආයෙත් එයාලට ලොකු ඉඩකඩක් විවෘත වෙමින් තියනවා.පහුගිය සිංහල,දෙමල අලුත් අවුරුද්දත්,මැයි දිනයත් රාජපක්ෂලා පාවිච්චි කර ගත්තේ පොහොට්ටුව නැවත එකතු උනා කියන සිග්නල් එක රටට දෙන්න.
ආයෙත් පොහොට්ටුව රාජපක්ෂලාගේ අණසකට යටත් උන බවක් රටට පෙනුනා.බැසිල්ගේ උපක්රම ඒ වෙලාවට සාර්ථක උනත් ඒවා දීර්ඝ කාලීනව අල්ලගෙන යන්න පුළුවන් උපක්රම නෙවෙයි.රටේ රාළ මීට ඉස්ස්සෙල්ලා කිව්වා රාජපක්ෂලාගේ අණසකට පොහොට්ටුව යටත් උනත් පොහොට්ටුවේ අළු යට ගින්දර තියනවා කියලා. ඇත්තටම ඒ ගින්දරවලට ඔක්සිජන් පිඹීම තමයි මේ සන්ධානයෙන් වෙන්නේ.
රටේ රාළ දැනුවත්ව ලන්සාගේ සන්ධානය එක්ක මන්ත්රීවරු 25 ක් තිහක් ගනුදෙනු කලා.අනුර ප්රියදර්ශන කිව්වේ තවමත් ඒ ගණන ඉන්නවා කියලා.ඒක තවත් විශාල ප්රමාණයක් දක්වා වර්ධනයට කරන්න පුළුවන් කියලත් අනුර ප්රියදර්ශන කියනවා.රාජපක්ෂලගේ උපක්රම මේ සන්ධානය ගොඩනැගීම හමුවේ වෙනස් වෙන්න පුළුවන්. රාජපක්ෂලා මේ ජනාධිපතිවරණයට අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන තැනකට උනත් තල්ලු වෙන්න පුළුවන්.
රාජපක්ෂලා ජනාධිපතිවරණයට වෙනම අපේක්ෂකයෙක් ඉදිරිපත් කළොත් රනිල්ට මෙතෙක් හදපු දැවැන්තම සන්ධානය හදලා ඒකේ පොදු අපේක්ෂකයා වෙන්න දොරක් විවෘත වෙනවා.
හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මීට
රටේ රාළ.
May be an image of 2 people and text that says 'មមុ හිරු Capital JNEWS NEWS NEWS'

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *