සුහද ගම්ලත්ට නීතිපති පදවිය නොලැබේ.

නීතිපති දෙපාර්තමේන්තුව ජනාධිපති මහින්ද රාජපක්ෂගේ යටතේ පැවතිය දී නීතිපති ධූරය දැරු යුවංජන ජයතිලක පසුගිය දා විශ්‍රාම යෑමෙන් අනතුරුව දෙවැනියාව සිටි ජනාධිපති නීතිඥ සුහද ගම්ලත් නීතිපතිවරයා ලෙස වැඩ බැලීමට පත්කර ඇති නමුත් නීතිපතිවරයා ලෙස ඔහුව පත් නොකරනු ඇතැයි යුක්තියට වාර්තා වේ. රාජපක්ෂගේ අනුග්‍රහය ඇතිව නීතිපති දෙපාර්තමේන්තුවට සම්බන්ධ වී ඇති ගම්ලත් සෘජු තීන්දු ගැනීමෙන් වැළකී සිටින නිළධාරියෙකු…

ලලිත් ද සිල්වා හා ගාමිණි සුමනසේකර ඉවතට – ජනාධිපතිවරයා තීරණය කරයි

ජනාධිපතිවරයාගේ මාධ්‍ය ඒකකයට නොබෝ දා බඳවාගත් ලලිත් ද සිල්වා සහ ගාමිණි සුමනසේකර ඔවුන් දැරු තනතුරු වලින් ඉවත්කිරීමට ජනාධිපතිවරයා තීරණයකර ඇති බව ජනාධිපති ලේකම් කාර්යාලයේ ආරෙංචි මාර්ග වලින් යුක්තියට දැනගන්නට ලැබී ඇත. පුවත්පත් ආචාර ධර්ම තුට්ටුවකට මායිම් නොකර රාජපක්ෂට කඬේ ගිය ලලිත් ද සිල්වා ජාත්‍යන්තර මාධ්‍ය ලේකම් ලෙස හා සුමනසේකර ජනාධිපති මාධ්‍ය ඒකකයට බඳවා ගැනීම පිළිබඳ…

නව පක්ෂයේ ප්‍රථම ප්‍රාදේශීය කාර්යාලය වාරියපොළ විවෘත වෙයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත්වී මහින්ද රාජපක්ෂ මහතා ගොඩනගන පක්ෂය සංවිධානය කිරීමේ ප්‍රථම ප්‍රාදේශීය කාර්යාලය පළාත් සභා මන්ත්‍රී දී බී හේරත් මහතාගේ වාරියපොළ නිවසේ ආරම්භ කිරීමට පසුගියදා එහි පවතී රැස්වීමකදී තීරණය කොට ඇත . හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් පවතී මෙම රැස්වීමට ,බැසිල් රාජපක්ෂ මහතාද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජොන්ස්ටන් ප්‍රනාන්දු , සාලින්ද දිසානායක ,…

විදුලි දුම්රිය ව්‍යාපෘතියට බලධාරීන්ගෙන් පොල්ලක් !

ශ්‍රී ලංකාවේ දුම්රිය සේවය විදුලිමය කිරීම සදහා  ආසියානු සංවර්ධන බැංකුවේ ඩොලර් මිලියන තුන්සියයක ආධාර  යටතේ ක්‍රියාත්මක වන පළමු අදියරේ සක්‍යතා අධ්‍යයනය සදහා උපදේශකයින් තොරා  ගැනීමේ වැඩකටයුතු ආසියානු සංවර්ධන බැංකුව විසින්  මේ වනවිටත් ක්‍රියාත්මක කොට ඇතත් , ප්‍රවාහන අමාත්‍යංශය එයට සහය නොදී මගහරිමින් සිටින බව තුතුදත් ආරංචි මාර්ග කියයි .මේ වනවිට මෙම ව්‍යාපෘතිය සදහා ව්‍යාපෘති අධ්‍යක්ෂවරයකු…

නව ව්‍යවස්ථාවකට එඩින්බරෝ සරසවියේ සාකච්ඡාව 28වෙනිදා ආරම්භ වේ.

නව ව්‍යවස්ථාව සම්පාදනයට කිරීමට උපදෙස් ලබාගැනීම පිණිස ඉහළ පෙළේ විශේෂඥයන්ගේ හමුවක් සුදානම් කර ඇති බව මීට පෙර යුක්තිය කල  වාර්තා සනාථ කරමින් නව ව්‍යවස්ථාවට උපදෙස් ලබාගැනීම සඳහා රජයේ හා වෙනත් පක්ෂවල  ධූත පිරිසක් ජනවාරි 28වෙනිදා ස්කොට්ලන්තය බලා පිටත්වීමට නියමිත ය. රවුෆ් හකීම්, සුමන්තිරන්, මනෝ ගනේෂන්, ආචාර්ය ජයම්පති වික්‍රමරත්න, කරුණාරත්න පරණවිතාන සහ ජනාධිපතිවරයාගේ නියෝජතයා ලෙස පේෂල…

ව්‍යවස්ථා යෝජනා විවාදය නැවතත් කල්යයි

එදිනම විවාදයට ගෙන සම්මත කරගැනීමේ අදහසින්, අග්‍රාමාත්‍යවරයා පසු ගිය 9 වෙනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ නව ව්‍යවස්ථාව පිළිබඳ යෝජනාව ජනවාරි 26 වෙනිදා ට කල්දැමූ නමුත්, නැවතත් එය පෙබරවාරි මාසයට කල්ගොස් ඇති බව ජනාධිපති කාර්යාල සමීප ආරංචි මාර්ග වලින් යුක්තියට දැනගන්නට තිබේ. අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් ලැබෙන වාර්තාවලට අනුව එකි යෝජනාව සම්මත කිරීමට එක්සත් ජාතික පක්ෂය යටතේ තරග කළ…

රවී කරුණානායක එජාපයේ මහලේකම් ධුරය ඉල්ලයි .

ලබන මාසයේ එජාපයේ සිදුකිරීමට නියමිත ව්‍යවස්ථා සංශෝධනයෙදී උප නායක  කමින් ඉවත්කිරීමට යන රවී කරුණානායක මහතා පක්ෂයේ මහා ලේකම් තනතුර ලබාගැනීමට උත්සහ දරමින් සිටින බව එම පක්ෂයේ තතුදත් ආරංචිමාර්ග ප්‍රකාශ කරයි . රවී කරුණානායක මහතා මෙම ඉල්ලීම පක්ෂ නායක රනිල් වික්‍රම සිංහ මහතාටද ඉදිරිපත් කොට ඇති බව කියති . මෙවර ව්‍යවස්ථා සංශෝධනයේදී නියෝජ්‍ය නායක , උප…

ව්‍යවස්ථා වැඩපිළිවෙල කඩාකප්පල් කරන්න වමේ එකතුවක්

නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට පසුගිය දා අගමැතිවරයා පාර්ලිමේන්තුවට යෝජනා කිරීමත් සමග සමසමාජ හා කොමියුනිස්ට් පක්ෂයට අමතරව ජනතා විමුක්ති පෙරමුණ ද බරපතල අර්බුධයකට මුහුණ දී ඇති බව යුක්තියට වාර්තාවේ. ප්‍රතිපත්තියක් වශයෙන් විධායක ජනාධිපති ක්‍රමයට එරෙහිව පෙනී සිටි මේ පක්ෂ තුන මෙසේ අර්බුධයකට මුහුණ දී ඇත්තේ ජාතික ප්‍රශ්නය මුල්කරගෙන බව කියැවේ. තතුදත් දේශපාලන ආරංචි මාර්ග වලින් දැනගන්නට…

තදබදය අඩුකරන රාජගිරිය ගුවන් පාලමට ස්පාඥඥ රජයෙන් බිලියන 4.2 ක සහන ණයක්

කොළඹ මාර්ග තදබදයට කඩිනම් පිලියමක් ලෙස රාජගිරිය වැලිකඩ හරහා ඉදිකෙරෙන මීටර් 600ක් දිගින් යුතු  මහා ගුවන් පාලමේ කටයුතු ලබන මාසයේ ඇරබෙන බව මාර්ග සංවර්ධන අමාත්‍යංශය කියයි . රුපියල් බිලියන 4.2ක වියදමින් ඉදිකරන මෙම පාලම සදහා මුල්‍ය ආධාර සපයන්නේ ස්පාඥඥ රජය විසිනි .දෙපසට මංතීරු හතර බැගින් වූ මෙම ගුවන් පාලමේ කටයුතු සදහා මස අටක කාලයක් ගතවනු…

|

එක්නැලිගොඩ පැහැරගත්තේ ආරක්ෂක ලේකම්ගේ නියෝගයකට – සැකකරුවන් හෙළිදරවු කරලා

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගැනීම සංවිධානය කොට ක්‍රියාත්මක කළේ එවකට ආරක්ෂක ලේකම්ව සිටි ගොටාභය රාජපක්ෂ මහතාගෙන් ලැබුණු නියෝගයකට අනුව බව ඒ සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන සිටින සැකකරුවන් පාපොච්චාරණය කොට ඇති බව කියයි .සැකකරුවන් ලබාදී ඇති කටඋත්තර අනුව ඔහු  පැහැරගෙන යාමට හේතුවී ඇත්තේ ජනාධිපති අපේක්ෂක සරත් ෆොන්සේකා මහතාගේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය සදහා ඔහු විසින් ලියන ලද “රාජපක්ෂ…

පසුගිය රජයේ සොරකම් සෙවීම හිතන තරම් පහසු නෑ – නීතිඥ ජේ. සී. වැලිඅමුණ

පසුගිය පාලනයේ බලවතුන් අයුතු ලෙස හරිහ කරගත් මුදල් සොයා ගැනීම හිතන තරම් පහසු නැත. මක්නිසා ද යත් ඒවා රුපියල් ශත වලින් අතපිට හුවමාරු වූ ඒවා නොවේ. චෙක්පත් මගින් කෙරුන ගණුදෙනු නම් ඒවා සොයාගැනීම පහසු ය. මේ මුදල් සියල්ලම තිබෙන්නේ පිටරට බැංකු වල ය. මෙවැනි අපරාධ සොයාගැනීමට පුරුදු පුහුණු කරන ලද නිළධාරින් අපිට සිටියේ නැත. දැනට…

රුපියල ස්ථාවර කරන්න බෙල්ජියම් ආයෝජකයකුගෙන් ඩොලර් බිලියනයක් .

ශ්‍රී ලංකාව මුහුණ දී තිබෙණ ගෙවුම් ශේෂ ප්‍රශ්නය විසදාගැනීමට ආධාරයක් ලෙස ඇමරිකානු ඩොලර් බිලියනයක තැන්පතු මුදලක් ලබාදීමට බෙල්ජියම් ජාතික ව්‍යාපාරිකයකු ඉදිරිපත්ව ඇති බව මුදල් ඇමති රවී කරුණානායක මහතා ප්‍රකාශ කල බව රෝයිටර් පුවත් සේවය වාර්තා කොට ඇත . ඔහු දැනටමත් ශ්‍රී ලංකික හවුල් කරුවකු සමග මෙරට ව්‍යාපාරික කටයුතුවල නිරතවන බවද වාර්තාවේ සදහන්ය . ඔහු මෙම…