තදබදය අඩුකරන රාජගිරිය ගුවන් පාලමට ස්පාඥඥ රජයෙන් බිලියන 4.2 ක සහන ණයක්

කොළඹ මාර්ග තදබදයට කඩිනම් පිලියමක් ලෙස රාජගිරිය වැලිකඩ හරහා ඉදිකෙරෙන මීටර් 600ක් දිගින් යුතු  මහා ගුවන් පාලමේ කටයුතු ලබන මාසයේ ඇරබෙන බව මාර්ග සංවර්ධන අමාත්‍යංශය කියයි . රුපියල් බිලියන 4.2ක වියදමින් ඉදිකරන මෙම පාලම සදහා මුල්‍ය ආධාර සපයන්නේ ස්පාඥඥ රජය විසිනි .දෙපසට මංතීරු හතර බැගින් වූ මෙම ගුවන් පාලමේ කටයුතු සදහා මස අටක කාලයක් ගතවනු ඇති කියති .

මෙය ඉදිකරණ රාජගිරිය මංසන්ධියේදී මාර්ග පහක් එකිනෙක  හමුවන අතර දිනකට වාහන ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් ඒ හරහා ගමන් කරන බව කියති .මෙම ස්ථානයේ ගුවන් පාලමක් ඉක්මනින් ඉදිකරනුයේ මාර්ග තදබදය අඩු කිරීමේ දිගු කාලීන සැලසුම් වලට අමතරව හදිසි විසදුමක් වශයෙනි.

මේ සදහා වන සහන නය ගිවිසුමට මේ වනවිටත් අත්සන් තබා අවසන් බව වාර්තා වෙයි . ගනේමුල්ලේ සහ පොල්ගහවෙල ඉදිවන තවත් ගුවන් පාලම් දෙකකටද මුදල් සැපයීමට ස්පාඥඥ  රජය එකගවී ඇති බව කියති .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *