පසුගිය රජයේ සොරකම් සෙවීම හිතන තරම් පහසු නෑ – නීතිඥ ජේ. සී. වැලිඅමුණ

පසුගිය පාලනයේ බලවතුන් අයුතු ලෙස හරිහ කරගත් මුදල් සොයා ගැනීම හිතන තරම් පහසු නැත. මක්නිසා ද යත් ඒවා රුපියල් ශත වලින් අතපිට හුවමාරු වූ ඒවා නොවේ. චෙක්පත් මගින් කෙරුන ගණුදෙනු නම් ඒවා සොයාගැනීම පහසු ය. මේ මුදල් සියල්ලම තිබෙන්නේ පිටරට බැංකු වල ය. මෙවැනි අපරාධ සොයාගැනීමට පුරුදු පුහුණු කරන ලද නිළධාරින් අපිට සිටියේ නැත. දැනට පිරිසකට මේ පිළිබඳ පුහුණුවක් ලබා දී තිබේ. මේවන විට පසුගිය පාලන කාලයේ සිදු වූ බරපතල සිද්ධින් සම්බන්ධව පරික්ෂණ එකසිය ගනනක කටයුතු සාර්ථකව සිදුවෙමින් පවති. රහස් පොලිසියේ සිටින නිළධාරින් පස් දෙනෙක් එක පරික්ෂණයක් වෙනුවෙන් වෙන් කෙරුනොත් එයටම නිළධාරින් 600ක් පමණ අවශ්‍ය ය. එහෙත් රහස් පොලීසියේ දක්ෂ නිළධාරින් ප්‍රමානවත්ව නැතිබව ද අප තේරුම්ගත යුතු ය. මේ චෝදනා තිබෙන්නේ අප්පුහාමිලාට, අප්පු සිංඤෝලාට විරුද්ධව නොවේ. රටේ බලවත් පිරිසකට එරෙහිව ය. ඔවුන් වටා ද බලවත් පිරිසක් සිටිති. ඒ බාධාවන් ද මැඩපවාත්වාගත යුතුව ඇත. ” යි ජෙෂ්ට නීතිඥ ජේ සී වැලිඅමුණ මහතා ප්‍රකාශ කළේය .දැනට කෙරෙන විවිධ පරීක්ෂණ ගැන ඒ මහතා මෙසේද ප්‍රකාශ කළේය

මගේ 26 වසරක නීතිඥ වෘත්තීය ජීවිතයේ අත්දැකීම්වලට අනුව පසුගිය පාලන කාලයේ සිදුවූ අකටයුතුකම් පිළිබඳව දැනට කෙරෙන පරික්ෂණ යටපත් වෙන බවක් මට පෙනෙන්නනේ නැත. සිදුවෙමින් පවතින්නේ එකී පාලනය විසින් කළ බරපතල ගනයේ වැරදී අනාවරණය වෙමින් පවතින බව ය. මේ සම්බන්ධයෙන් කෙරෙමින් පවතින වර්ග දෙකකට අයත් ය. එයින් එකක් වන්නේ දූෂණ සහ අල්ලස් ගැනීම් හා ඒ සම්බන්ධ කරුණු ය. මනුෂ්‍ය ඝාතන දෙවැන්න ය. මේ අපරාධවලට අදාළව පසුගිය පාලන කාලයේ පරික්ෂණ පැවැත්වූයේ නැත. එසේත් නැතිනම් ආරම්භ කරන ලද පරීක්ෂණ දේශපාලන බලපෑම් මත අතරමග දී නතර කළේ ය. එසේත් නැත්නම් අපරාධකරුවන්ට ගැලවීගත හැකි ආකාරයට අදාළ ආයතන විසින් තීන්දු තීරණ ලබා දුන්නේ ය.

මගේ අත්දැකීම්වලට අනුව අපරාධ සම්බන්ධ පරීක්ෂණවල ප්‍රගතිය පිළිබඳ රහස් පොලිසිය උසාවියට ඉදිරිපත්කරන වාර්තා අනුව එම පරික්ෂණ හොඳින් සිදුවේ. රහස් පොලීසිය උත්සාහ දරන්නේ අපරාධ කාරයින්ට දඬුවම් දෙන්නට නොවේ. ඔවුන් මහන්සි ගන්නේ උසාවිය ඉදිරියේ ඔප්පු කිරීමට තරම් ඇති සාක්ෂි අනාවරණය කර ඉදිරිපත් කිරීමට ය. මේ සාක්ෂි සියල්ලම යටපත් වී ඇත. එසේ නැත්නම් එම සාක්ෂි සගවා තිබේ. දැන් මේවා එකින් එක අනාවරණය කෙරෙමින් තිබේ. අනික් එක මේ රහස් අනාවරණය කරගැනීමට ඇතැම් ආයතන සහයෝගය නොදෙන අවස්ථා ද තිබේ. කෙසේ නමුත් උසාවියෙන් නියෝග ලබාගෙන මේවා සමහරක් අනාවරණය කරගැනීමට රහස් පොලිසිය සමත්ව ඇත.

මිනීමැරුම් සහ සාම්ප්‍රදායිකව කෙරුණු අපරාධ සම්බන්ධයෙන් සාක්ෂි අනාවරණය කරගැනීමට අපගේ රහස් පොලිසියේ දක්ෂ නිලධාරිහු සිටිති. ඔවුන්ට අද කිසිම දේශපාලන බලපෑමක් නැත. එම නිසා උක්ත අපරාධවලට අදාළව යටපත්කර තිබූ සැළකියයුතු ප්‍රමාණයක විද්‍යාත්මක සාක්ෂි අනාවරණය කරගැනීමට හැකි වී ඇත. එහෙත් පසුගිය පාලනයේ බලවතුන් අයුතු ලෙස හරිහ කරගත් මුදල් සොයා ගැනීම හිතන තරම් පහසු නැත. මක්නිසා ද යත් ඒවා රුපියල් ශත වලින් අතපිට හුවමාරු වූ ඒවා නොවේ. චෙක්පත් මගින් කෙරුන ගණුදෙනු නම් ඒවා සොයාගැනීම පහසු ය. මේ මුදල් සියල්ලම තිබෙන්නේ පිටරට බැංකු වල ය. මෙවැනි අපරාධ සොයාගැනීමට පුරුදු පුහුණු කරන ලද නිළධාරින් අපිට සිටියේ නැත. දැනට පිරිසකට මේ පිළිබඳ පුහුණුවක් ලබා දී තිබේ. මේවන විට පසුගිය පාලන කාලයේ සිදු වූ බරපතල සිද්ධින් සම්බන්ධව පරික්ෂණ එකසිය ගනනක කටයුතු සාර්ථකව සිදුවෙමින් පවති. රහස් පොලිසියේ සිටින නිළධාරින් පස් දෙනෙක් එක පරික්ෂණයක් වෙනුවෙන් වෙන් කෙරුනොත් එයටම නිළධාරින් 600ක් පමණ අවශ්‍ය ය. එහෙත් රහස් පොලීසියේ දක්ෂ නිළධාරින් ප්‍රමානවත්ව නැතිබව ද අප තේරුම්ගත යුතු ය. මේ චෝදනා තිබෙන්නේ අප්පුහාමිලාට, අප්පු සිංඤෝලාට විරුද්ධව නොවේ. රටේ බලවත් පිරිසකට එරෙහිව ය. ඔවුන් වටා ද බලවත් පිරිසක් සිටිති. ඒ බාධාවන් ද මැඩපවාත්වාගත යුතුව ඇත.
පරික්ෂණ වලට කල්යනවාක් මෙන්ම මෙම නඩු විසඳන්නට ද තවත් අවුරුදු ගණනක් යනබව ද අප තේරුම්ගත යුතු ය. දවසෙන් දෙකෙන් නඩු අසා තීන්දු දෙන දියුණු අධිකරණ ක්‍රමයක් අපේ රටේ තවම නැත. මෙම නඩු විභාග කර තීන්දු දීමට තවත් කාලයක් යනු ඇත. කෙසේ නමුත් දැනට කෙරෙන පරීක්ෂණ ගැන සැක සිතන්නට තරම් කරුණු කාරණා පෙනෙන්නට නැත. අවශ්‍ය වන්නේ ඒ පරික්ෂණ මෙහෙයවන නිළධාරින්ට සහායවීම ය. ඔවුන් වෙනුවෙන් ජනතාව පෙනී සිටිමය. මක්නිසා ද යත් ඔවුන් ආරක්ෂා කරගැනීම මහජනතාවකි යුතුකමකි. මා මෙයින් අදහස් කරන්නේ පොලිසිය ආරක්ෂා කිරීම නොවේ. මම මානව හිමිකම් වලට මිස පොලීසිය වෙනුවෙන් නඩුවලට පෙනී සිට නැත. නමුත් මෙවැනි අපරාධ අල්ලා ගැනීමට වෙහෙසෙන නිළධාරීන්ට කිසිවෙකුගෙන් ආරක්ෂාවක් නැත. එහෙයින් ඔවුන්ගේ ආරක්ෂාව බලාගැනීම ජනතාවගේ වගකීමකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *