රුපියල ස්ථාවර කරන්න බෙල්ජියම් ආයෝජකයකුගෙන් ඩොලර් බිලියනයක් .
ශ්‍රී ලංකාව මුහුණ දී තිබෙණ ගෙවුම් ශේෂ ප්‍රශ්නය විසදාගැනීමට ආධාරයක් ලෙස ඇමරිකානු ඩොලර් බිලියනයක තැන්පතු මුදලක් ලබාදීමට බෙල්ජියම් ජාතික ව්‍යාපාරිකයකු ඉදිරිපත්ව ඇති බව මුදල් ඇමති රවී කරුණානායක මහතා ප්‍රකාශ කල බව රෝයිටර් පුවත් සේවය වාර්තා කොට ඇත . ඔහු දැනටමත් ශ්‍රී ලංකික හවුල් කරුවකු සමග මෙරට ව්‍යාපාරික කටයුතුවල නිරතවන බවද වාර්තාවේ සදහන්ය . ඔහු මෙම ඩොලර් බිලියනයක මුදල කොටස් දෙකකින් ලබාදීමට එකග වී ඇත .
මේ අතර මහා බැංකුව වාර්තා කලේ පසුගිය දෙසැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවේ විදේශ තැන්පතු ස්ථාවර තත්ත්වයට පත්ව ඇති බවයි .
