විදෙස් ආයෝජනයට සොරෝස් ගෙන් තල්ලුවක් – මාස හයකදී ඩොලර් මිලියන 300ක්

ප්‍රකෝටිපති ව්‍යාපාරික ජෝර්ජ් සොරෝස්ගේ සොරෝස් ෆන්ඩ් මැනේජ්මන්ට්  ආයතනය ඉදිරි මස හය තුල ඩොලර් මිලියන 300ක් ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට තීරණය කොට ඇති බව වාර්තා වෙයි . ආරම්භයක් ලෙස කරන මෙම ආයෝජනය සුර්ය බලශක්ති , සංචාරක ව්‍යාපාරය , තොරතුරු තාක්ෂණ අධ්‍යාපන ක්ෂේත්‍රයන්හි සිදුකිරීමට තීරණය කොළ ඇත . සොරෝස් පදනමේ ප්‍රතිපත්තියක් ලෙස සමග වෙනසක් සදහා විද්‍යාත්මක වර්ධනයක් යන මුල ධර්මය යටතේ ආයෝජනය සදහා මෙම ක්ෂේත්‍ර තෝරාගෙන ඇත .

ජෝර්ජ් සොරෝස් මෙලෙස මෙරට ආයෝජනය කිරීමට ඉදිරිපත් වීමත් සමග ආයෝජකයන්ගේ විස්වාසය වර්ධනය වන බවත් ඒ සමග තවත් පිරිස් මෙරට ආයෝජනයට ඉදිරිපත්වනු ඇති බවත් ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ආරංචි මාර්ග කියයි .

සොරෝස් මහතා මෙම මුලික ආයෝජනය කරන්නේ ඉදිරියේදී තවත් යෝජනා සදහා මුල පිරීමක් වසයෙන් බවද වාර්තා වෙයි . ඔහුගේ පමිනිමම රටේ ආර්ථිකය සක්තිමත් වීමට හේතුවන බව කියති .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *