ආර්ථිකයේ විප්ලවීය වෙනසක් ඇති කරන්න සිංහල බෞද්ධ ජාතිවාදය බාදාවක් – ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය ටෙරන්ස් පුරසිංහ.

රටේ ආර්ථකය සංවර්ධනය කිරීමට අවශ්‍ය කරන මූලික දේ තමයි යහ පාළනය. නමුත් යහ පාළනය පරිපූර්ණ ලෙස ඇති කිරීමට තරම් අපේ රටේ දේශපාලන සංස්කෘතිය එතරම් දියුණු මට්ටමක නැහැ.

 තායිලන්තය ථේරවාදී බෞද්ධාගම පවතින රටක් වුවත් ගණිකා නිවාස පවත්වාගෙන යාමට ඉඩ දී තිබෙනව. රටවල් රැුසක් කැසිනෝ නීතිගතකර විශාල ලෙස බදු පනවල ඒ මගින් ආදායම උපයනව. ලංකාවේ බහුතර ජනතාව සිංහල බෞද්ධයන්. ඔවුන් සම්ප‍්‍රදාය ගරුක ජවතාවක්. ඒ වගේම ගතානුගතික අදහස් දරන පිරිසක්. ලංකාවේ දියුණුවට එවැනි පනත් ගෙන ඒම රජයක් පෙරළන්න වුවත් ජනතාව පෙළගැසෙන්න ඉඩ තිබෙන කරුණක්.  මේ දැඩි ආගමික හා ජාතික බැඳීම රටේ ආර්ථික දියුණුවට බාධාවක් ද? ලංකාවේ ආර්ථික දියුණුව සඳහා ගන්න වෙනස්කම් වලට ඔවුන් එක`ග වෙයිද?

ආර්ථිකයේ විප්ලවීය වෙනසක් ඇති කරන්න සිංහල බෞද්ධ ජාතිවාදය බාදාවක්. ඔවුන් හරිම සාම්ප‍්‍රදායිකයි. විශේෂයෙන්ම වී ගොවිතැන හා ජනතාව ආත්මීය වශයෙන් බැඳී ඉන්නව. මේ රටේ වී ගොවිතැනෙන් මාරු වෙන්න අවශ්‍ය කාලය යල් පැනල. ඒක වෙනස් කරන්න තියෙන ලොකුම බාධාව තමයි සිංහල බෞද්ධ ජාතිකවාදය. අපේ ජනතාව වී වගාවයි, සිංහල ජාතියයි, බුද්ධාගමයි එකට බැඳල තියෙන්නෙ. ඒක මේ රටේ ආර්ථික සංවර්ධනයට තියෙන ලොකුම බාධාවක්. ඒකෙන් ගොවියා හැමදාම එකතැන. පාරිභෝගිකයාත් හැමදාම එකතැන.
අදවන විට අමුමිරිස් කිලෝ එකක් රු.900/- ක් රු.1000/- ක් විතර වෙනව. නිදහසින් පසුව අවුරුදු 70 වක් පිරෙන්න ඇවිල්ලත් අමු මිරිස් කරලක මිල කීයද? රටේ අනෙක් ජාතික ප‍්‍රශ්න විසඳන්නේ කොහොමද ලංකාවේ වගාකරන්න පුළුවන් මිරිස්වල මිල එච්චර ඉහළ යන එක වළක්වන්න බැරි නම්. නිෂ්පාදනය හා බෙදාහැරීම නිසියාකාරව කරන්න බැරි ආණ්ඩු තමයි මේ රටේ බිහිවෙන්නෙ.

රටේ සීඝ‍්‍ර දියුණුවක් ඇති කිරීමට කැසිනෝ ව්‍යාපාරය ස්ථාපිත කළයුතුය යි මහින්ද රාජපක්‍ෂ පාළන සමයේ රාවයක් පැතිරුණා. ලෝකප‍්‍රකට කැසිනෝ ව්‍යාපාරිකයකුව ජේමිස් පැකර් පවා කැසිනෝ ව්‍යාපාර ආරම්භ කිරීමට ලංකාවට ආවා. ඔවුන්ට බදු සහන දීමටත්, එම ව්‍යාපාර දිරිගැන්වීමටත් රජය ඍජු මැදිහත් වීමක් කරන්න ගියා. තවත් අතකින් මහින්ද චින්තනයේ ‘මතට තිත’ තේමාව තිබුණත් ඉතා සූක්‍ෂම ලෙස රටේ මද්‍රව්‍ය ජාවාරම ව්‍යාප්ත කරන අතරම ඒවා ප‍්‍රවර්ධනය වෙන වැඩසටහන් පවා කෙරුව. කැසිනෝ සූදුව, මත්පැන් ව්‍යාපාරය රටක දියුණුවට බලපාන කරුණුද?

රටේ ආර්ථික දියුණුව ඇති කිරීමට කැසිනෝ ගෙන්නත්, මත්පැන් ව්‍යාප්ත කරන්නත් අවශ්‍ය නැහැ. සූදු කෙළීමට පහසුකම් දීලා මුදල් හම්බ කිරීමට අවශ්‍ය නැහැ. එය නව ලිබරල් මතවාදයේ අංගයක්. ඒවා රටක නිෂ්පාදන ආර්ථිකයක් ඇති කිරීමට අවශ්‍ය කරන දේවල් නෙමේ. ගණිකාවෘත්තිය  ඕනැම රටක තියෙනව. තායිලන්තය ගණිකාවෘත්තිය මගින් මුදල් හම්බ කරනව. බුදුන් දවසත් ගණිකාවන් හිටිය. ඒවා නැති කරන්න බැහැ. ගණිකා වෘත්තිය, සූදු කෙළීම, මත්පැන් පානය සමාජය ආරම්භයේ සිටම තිබුණා. ඒවා සම්පූර්ණයෙන්ම නවත්වන්න බැහැ.  මත් පැන් මිළ වැඩිකරල අරක්කු බොන එක නවත්වන්නත් බැහැ. එයින් වෙන්නේ හොර අරක්කු නිෂ්පාදනය වැඩිවීමක්. මේවා මැතිවරණ ඉලක්ක කරගත් ජනප‍්‍රියවාදී කි‍්‍රයා මාර්ග. ආණ්ඩු තියෙනනේ රටේ නීතිය හා සාමය ආරක්‍ෂා කරගැනීමට. රටේ ජනතාවගේ සුභසාධන දියුණු කිරීමට. සංවර්ධන කටයුතුවලට. එහෙම නැතුව මිනිස්සුන්ගේ පුද්ගලික ජීවන රටාවන් වෙනස් කිරීමට යාම ආර්ථික ක‍්‍රියාවලියක් නෙමෙයි.

කැසිනෝ, ගණිකා ව්‍යාපාර තුළින් පමණක් ආර්ථිකය මෙහෙයවන්න උත්සාහ ගන්නේ වෙනත් නිෂ්පාදනයන් කළ නොහැකි රටවල්. සංගප්පුරුවත් එහෙම රටක්. ඔවුන් මුල සිට කෙරුවේ නාවිකයන්ට අවශ්‍ය දේ සැපයීමෙන් ආර්ථිකය දියුණු කිරීමයි.  අපේ රට ඊට වෙනස්.  අපි දිගුකාලීන ආර්ථිකයක් තිබුණු රටක්. යටත් විජිතයක් වූ පසු රටේ පාරම්පරික කෘෂිකාර්මික රටාවට වෙනුවට තේ, පොල්, රබර් වැනි ආර්ථික භොග වගාවක් ඇති කෙරුව. පසුකාලෙකදි නිදහස ලබලා. ඡුන්දයෙන් පත්වෙන ආණ්ඩු මගින් පාළනය වෙන රටක්බවට පත්වුණා. කෘෂිකාර්මික රටක ප‍්‍රධාන ආධායම මත්පැන්, ගණිකාවෘත්තිය කැසිනෝ ව්‍යාපාරය මගින් ආර්ථිකයක් ගොඩනැගීමට උත්සාහ දරණව නම් ඒක නිෂ්ඵල දෙයක්. රටක් දියුණු කළ හැක්කේ නිෂ්පාදන ආර්ථික ක‍්‍රියාවලියක් තුළිනුයි.

අධ්‍යාපන පහසුකම්, ආරෝග්‍යශාලා පහසුකම්, තවමත් පවත්වාගෙන යනනේ සුභසාධනය මත. සමෘද්ධි ව්‍යාපාරයත් සුභසාධන ව්‍යාපාරයක් ලෙස හඳුන්වන්න පුළුවන්. තවත් පැත්තකින් මැතිවරණ ව්‍යාපාරවල තර`ගයට මෙන් දෙන ඡුන්ද පොරොන්දුවල වැඩි වශයෙන්ම තියෙනනේ සුභසාධනය ඉලක්ක කරගත් පොරොන්දු. මේ සුභසාධන වැඩපිළිවෙල රටකට ඔරොත්තු දෙන්නක්ද?

සුභසාධනය කියන්නේ ධනේශ්වර ක‍්‍රමයේ එක් උපක‍්‍රමයක්. ධනේශ්වර ක‍්‍රමය දියුණු මට්ටමක පවත්වාගෙන යනව නම්, ලාභ අනුපාතය වැඩි නම්, යම්කිසි ප‍්‍රතිශතයක් සමාජ සුභසාධනය සඳහා වෙන්කරනව. එතකොට සමාජයේ පන්ති විසමතාවය ගැන හැ`ගීමක් ඇති වෙන්නෙ නෑ. ඒ තුළින් ඇතිවීමට ඉඩකඩ ඇති පන්ති අරගල ඇතිවෙන්නෙ නෑ. ඒ අරගල යටපත් කිරීමට ගෙනාපු දෙයක් තමයි සුභ සාධනය කියන්නෙ. එය දැන් සමාජගත වෙලා තියෙන්නෙ. ලංකාව වගේ රටක සුභසාධනය කප්පාදු කිරීම බරපතල දේශපාලන ප‍්‍රශ්නයක් බවට පත්වෙනව. ඒ වගේම බරපතල සමාජ ප‍්‍රශ්නයක් ඇති වෙනව. ජනගහනයෙන් 46% ක් පමණ යැපෙන්නේ සමෘද්ධියෙන්. එයින් කියැවෙන්නේ මේ රට දුප්පත් රටක් යනුවෙන්. සංඛ්‍යාලේඛන වලින් නම් කියන්නේ මේක මධ්‍ය ආදායම් ලබන රටක් කියලයි. ඒ ඒකපුද්ගල ආදායම මතයි. ඔවුන් ඒක පුද්ගල ආදායම මනින්නෙ රටේ ආදායම ජනගහනයෙන් බෙදලා. ඔවුන් එසේ කිරීමෙන් එන අගය ඒක පුද්ගල ආදායම වශයෙන් හඳුන්වනව. අපි එතරම් පසුගාමී තත්ත්වයකයි ඉනනේ. සංවර්ධනය මනින්න අපි පාවිච්චි කරනනේ ලෝකයේ වෙනත් රටවල් විසින් විසික්කරපු ක‍්‍රමයක්. මේ රට් කෝටිපතියන්ගෙ ආදායමත් මේ ගොඩට අයිති වෙනව. එතකොට ඒක පුද්ගල ආදායම වැඩි අගයක් ගන්නව. මේ රටේ දවසකට රු.200/- කවත් ආදායමක් නැති පිරිස ඉන්නවා. ඒ අයගෙ පංගුවටත් කෝටිපතියගේ ආදායමෙන් කොටසක් එකතු වෙනව.

ආර්ථිකය දියුණු කිරීමේ වත්මන් රජයේ සංකල්පය වෙන්නේ සමාජ ආර්ථික වෙළඳ පොල ආර්ථිකයක් නිර්මාණය කිරීමයි. මෙය සාර්ථක උත්සායහක් වෙයි ද?
සමාජ වෙළඳ පොළ ආර්ථිකය (ීදජස්ක ෑජදබදපහ ඵ්රනැඑ* කියන එක ලංකාවට ගැලපෙන එකක් නෙමෙයි. සමාජ වෙළඳ පොළ ආර්ථිකය මගින් රටක දියුණු කිරීමට නම් ආර්ථිකය ඉතා දියුණු මට්ටමක තිබිය යුතුයි. එවිට සුභසාධන ඉවත්වන අතර සමාජ රක්‍ෂණ ක‍්‍රමයක් ඇති වෙනව. අධ්‍යාපනය හදාරන්නන්ට ඒ සඳහා රක්‍ෂණයක් තියෙනව.  (ීැකෙ ෂබිමර්බජැ* එකක්. ආරෝග්‍යශාලා පහසුකම් සඳහාද එවැනි රක්‍ෂණයක් තියෙනව. එවැනි ක‍්‍රමයක් පවත්වාගෙන යාමට සමාජයේ දියුණු ව්‍යහයක් අවශ්‍යයි. ලංකාවේ එවන් ව්‍යුහයන් ගොඩනැගීම එතරම් පහසු නෑ. මෙය වඩාත්ම සාර්ථකත්වයට පත්වූයේ ජර්මනියෙ. ලංකාවේ සුභ සාධනය ඡුන්ද අරමුණු කරගත්ත එකක්. එය පවත්වාගෙන යාමට දේශපාලඥයන් කැමැත්තක් දක්වනවා. සුභසාධනය හැමදාම අවශ්‍ය වන්නේ නෑ. සුභසාධන ලබන්නන්ගෙ ආර්ථික තත්ත්වය දියුණු කළ යුතුයි. පවුලේ ආධායම දියුණු කළ යුතුයි. සුභසාධනය කාලයක් පවත්වාගෙන ගොස් පවුල් වලට ආයෝජන හෝ ඉපැයීම් හැකියාවන් ඇති කිරීමෙන් පසුව සුභසාධන ඉවත් කළ හැකියි. එහෙම යාන්ත‍්‍රණයක් නිර්මාණය කර නැහැ. අපේ රටේ සිදුවෙන්නේ ඡුන්ද ලබා ගැනීමට සුභසාධන වැඩි කිරීමට පොරොන්දු දීමයි. ඉන්පසු එය අපහසුවෙන් වුවත් පවත්වාගෙන යාමට සිදුවෙනව. මෙය දුප්පත්කම ආයතනගත කිරීමක් වශයෙන් හඳුන්වන්න පුළුවන්. දුප්පත්කම ආයතන ගතකිරීම තුළින් මැතිවරණ වලින් දිනීමට වාසියක් කරගෙන තියෙනව. එහෙත් ඔවුන්ගේ ආර්ථික තත්ත්වය දියුණු කිරීමේ ක‍්‍රමවේදයක් ඇති කිරීම කරන්නෙ නැහැ. පවුලේ ආර්ථිකය දියුණු කිරීම තුළින් ඔවුන් ආයෝජකයන් බවට පත්කර ඔවුන්ගේ ආදායම වැඩි කළ යුතුයි. ඒකට වැඩපිළිවෙලක්, යාන්ත‍්‍රණයක් අවශ්‍යයි.

වත්මන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා බලයට පත්වෙලා අදට (2016.01.08* වසරක් සම්පූර්ණ වෙනව. එතුමාගේ ආර්ථික හා සමාජ දැක්ම පිළිබඳ සෑහීමකට පත්වෙන්න පුලූවන්ද? එතුමාගේ ප‍්‍රධාන තේමාව වූ යහපාළනය ස්ථාපිත කර තියෙනවද?

ඔව් අනිවාර්යෙන්ම සෑහීමකට පත්වෙන්න පුලූවන්. 2015 ජනවාරි 8 වෙනිදයින් පස්සෙ මේ රටේ නිදහස් මැතිවරණ ක‍්‍රමයක් නිර්මාණය වෙලා තියෙනව. 19 වැනි සංසෝධනය සම්මත කර ගැනීමට හැකියාව ලැබිල තියෙනව. කොමිෂන් සභා පිහිටුවල තියෙනව. භාණ්ඩ මිල අඩු කර තියෙනව. රජයේ සේවකයන්ගේ වැටුප් වැඩිකර තියෙනව. සමාජයේ තිබුණු බිය නැති කරල තියෙනව. කථාකිරීමේ නිදහස, මාධ්‍ය නිදහස ඇතිවෙලා තියෙනව. පෙළපාලී යෑමේ, උද්ඝෝෂණය කිරීමේ නිදහස අද තියෙනව. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සංසෝධනය කිරීමේ කටයුතු සම්පාදනය කරල තියෙනව. ජනතාව ඉල්ලූවේ ඒ ක‍්‍රියාමාර්ග. ඒ අවස්ථාවෙදි බඩු   මිල අඩුකරන්න කියල ජනතාව ඉල්ලූවේ නැහැ. මගෙ මතය නම් වැටුප් වැඩිකර ගැනීමට උත්සාහ දැරීම වෘත්තිය සමිති මගින් ඇති කරන ලද සටන්පාඨ. ජනතාව මූලික වශයෙන් ඉල්ලූවේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ව්‍යුහයක් ඇති කරන්න කියලයි. ඒ ප‍්‍රතිසංස්කරණ වලින් යම්කිසි ප‍්‍රමාණයක් ඇති කරල තියෙනව. ප‍්‍රධාන ප‍්‍රතිසංස්කරණ ඇති කිරීමට පියවර අරගෙන තියෙනව. ඒ අනුව යහපාළනය ගැන සෑහීමකට පත්වෙන්න පුලූවන්.

ජනාධිපතිතුමා පත්වී වසරක් සම්පූර්ණ වන අතර වත්මන් එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුවට මාස හයක් සම්පූර්ණ වෙන්න ආසන්නයි. වත්මන් ආණ්ඩුවේ ක‍්‍රියාපිළිවෙල පිළිබඳ ඔබේ අදහස?
මේ ආණ්ඩුව යහපාළනයත් එක්කම පිහිටුවන ලද දින 100 ආණ්ඩුවේම දිගුවක් ලෙසයි සලකන්න වෙන්නෙ. ඒක අය වැය ලේඛනයේ විවාදයේදිත් පෙණුනු දෙයක් තමයි, ආණ්ඩුව බොහෝ සංසෝධන පිළිගත්ත. පසුගිය කාලයේ එහෙම සංසෝධන පිළිගත්තද? ජනතාවට ඇහුම්කන් දුන්නද? නෑ. එදා එහෙම නූනත් අද ඒක ඇති වෙලා තියෙනව.
සමහරු කියනව සංසෝධන පිළිගැනීම ආණ්ඩුවේ දුර්වල කමක් කියල.

කවුරුහරි එහෙම කියනව නම්, ඒ ප‍්‍රජාතන්ත‍්‍රවාදය නොදන්න කම නිසයි. එහෙම ඇහුන්කන් දෙන්නෙ නැත්තෙ මහින්ද රාජපක්‍ෂ ප‍්‍රජාතන්ත‍්‍රවාදය තුළ. ඔහුගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයට අනුව නම් සංසෝධන කරන්නෙත් නෑ. ඒවා පිළිගන්නෙත් නෑ. ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ දී අධිපතිවාදයක් නෑ. නිවැරදි මතයක් එනවනම් එය පිළිගැනීමයි ප‍්‍රජාතන්ත‍්‍රවාදය. එය අද සිදුවෙලා තියෙනව. ඒක දුර්වල කමක් නෙමේ. හොඳ ප‍්‍රවනතාවයක්. නමුත් ඒක ජනතාවට පුරුදු නෑ. 1960 ගණන්වල ඉඳලා එහෙම පුරුද්දක් තිබුණෙ නැහැ. මේ රටේ තිබුණෙ අධිපතිවාදි අධිකාරීවාදි ආණ්ඩු. ජනතාව ඒකට හුරු වෙලා. ආණ්ඩුවක් විරුද්ධ පක්‍ෂයේ මතයට ගරු කරනකොට, විරුද්ධ පක්‍ෂ ගෙනෙන යෝජනා ඉටුකරනකොට මිනිස්සු හිතන්නෙ දුර්වල ආණ්ඩුවක් කියල. අපේ රටේ ජනතාවට ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන තියෙන අල්ප දැනුම හින්දයි එහෙම හිතන්නෙ. මේ රටේ දේශපාලන සංස්කෘතියේ නොදියුණුකම තමයි මේකට හේතුව. බි‍්‍රතාන්‍යය ඇමරිකා එක්සත් ජනපදය වැනි රටවල මීට වැඩිය විවේචන එල්ල වෙන අතර එයින් සාධාරණ විවේචන පිළිගැනීමක් ද සිදුවෙනව. අපේ රටේ ඇති යටත් සංස්කෘතියත් එහෙම හිතන්න හේතුවක්. කාටහරි යටත්වෙලා ඉන්න තමයි ජනතාව කැමති. වහල්ලූ නිදහස් කෙරුවත් වහල් හිමියා සොයාගෙන යනව කියනව. ඔහුට වහල්භාවයෙන් මිදිල ඉන්න හුරු නැහැ. මේ රටේ දශක හතරක් පුරා ප‍්‍රජාතන්ත‍්‍රවාදය යටපත් කරගෙනයි තිබුණෙ. මේ තත්ත්වය ඇති වී තිබෙන්නේ අධිකාරිවාදයට යටත්වීම තුළිනුයි. ජනතාවගේ මනස නිදහස් කිරීම අපහසුයි. ඔවුන් මේව දකින්නේ දුර්වල කම් විදිහටයි.

විරුද්ධ පක්‍ෂයේ ඇතැම් දේශපාලඥයන් කියන්නෙ නම් ප‍්‍රතිපත්තිමය අතින් වෙනස් ආණ්ඩු දෙකක් එකතුවෙලා තියෙන්නෙ, ඒ නිසා වැඩිකලක් මේ ආණ්ඩුව කරන්න බැහැ කියල. ඩිව් ගුණසේකර මහතාත් මෑතක දි කිව්වා ‘මේ නොගැලපෙන ප‍්‍රතිපත්ති සම`ග ඉදිරියට යා නොහැකියි’ කියල. ඒ පිළිබඳව ඔබේ අදහස?

ඒක අසත්‍යයක්. මේ එකතුවෙලා තියෙන මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ පක්‍ෂයයි, රනිල් වික‍්‍රමසිංහ මහතාගේ පක්‍ෂයි යන දෙකම නව ලිබරල්වාදය පිළිගන්න පක්‍ෂ දෙකක්. ඒ ගැන තර්කයක් නැහැ. එහි අඩුවැඩි වශයෙන් වෙනස්කම් තියෙන්න පුලූවන්. මහින්ද රාජපක්‍ෂ ප‍්‍රමුඛ බලවේගය  පිළිගන්නෙ මොන ආර්ථික දර්ශනයක්ද? සමාජවාදය ද? ඩිව් ගුණසේකරගෙ ආර්ථික දර්ශනය මොකක්ද? සමාජවාදයද? එයාල පැහැදිලි දර්ශනයක් නැති අය. එයාලා හිතන්නේ රාජ්‍ය අංශය පුළුල් කිරීම සමාජවාදය කියල.  මහින්ද රාජපක්‍ෂ කාලයෙ ආර්ථිකය ගොඩනැගීමට ගෙනා ප‍්‍රගතිශීලි ක‍්‍රියාමාර්ගය මොකක්ද? එයාල ගණුදෙනු කෙරුවෙ ලෝක බැංකුව හා අන්තර් ජාතික වෙළෙඳ ව්‍යාපාර සමගයි. ඩිව් ගණසේකර ගෙන් අහන්න තියෙන ප‍්‍රශ්නෙ තමයි ඔවුන්ගේ ආර්ථික ප‍්‍රතිපත්තියේ වෙනස මොකක්ද කියලයි? දැන් තියෙන ආර්ථිකයයි අතර පහුගිය ආණ්ඩුවෙ ආර්ථිකයයි අතර වෙනසක් පෙන්නන්න පුළුවන්ද? ආර්ථික ක‍්‍රමයේ එහෙම වෙනසක් නැහැ. පහුගිය ආණඩුව ඒ ආර්ථික ප‍්‍රතිපත්ති ක‍්‍රියාත්මක කිරීමේදී දුර්වලකම් රැුසක් තිබුණ. ඒක තමයි වෙනස.

ජනතා විමුක්ති පෙරමුණ මැතිවරණ ව්‍යාපාරයේ දී ඉදිරියෙන් හිටියත් ප‍්‍රතිඵලවලින් එය සනාථ වෙන්නෙ නෑ. තරුණ කණ්ඩායමේ ආකල්පය  නම් ‘අපේ රටේ දේශපාලන ගැටළුවලට විසඳුම් සොයන්න පුළුවන් ජ.වි.පෙ. ට විතරයි’ කියන අදහසයි.  ඒ පිළිබඳව ඔබේ මතය?

ජනතා විමුක්ති පෙරමුණ කියනනේ මේ රටේ ග‍්‍රාමීය රැුඩිකල් තරුණ බලවේගයේ දේශපාලන ව්‍යාපාරයක්. ජනතා විමුක්ති පෙරමුණට තියෙන පදනම එපමණයි. ඔවුන්ට ප‍්‍රබල නාගරික පදනමක් නෑ. මැතිවරණ වලදි ඔවුන්ට ලැබෙන්නේ ග‍්‍රාමීය තරුණ ඡුන්ද සහ මැදපන්තියෙ ඡුන්ද? වාමාංශික පක්‍ෂයකට ධනේශ්වර ක‍්‍රමය යටතේ මැතිවරණයකින් ආණ්ඩුබලය ගන්න බෑ කියන එක මාක්ස්වාදී පිළිගැනීමක්. ඔවුන්ට බලය ගත හැක්කේ විප්ලවීය ක‍්‍රියා මාර්ගයකින්. එසේ කරන්නත් ජනතා විමුක්ති පෙරමුණ විප්ලවවාදී පක්‍ෂයකුත් නෙමේ. එය රැුඩිකල් ජාතිකවාදී පක්‍ෂයක්. ජාතිකවාදී හරයක් තියෙන වාමාංශික පිටපොත්තක් තියෙන පක්‍ෂයක්. ඇතුළතින් ජාතිකවාදියි, මතුපිටින් වාමාංශිකයි. ඒක දැන් එළිදරව් වෙලා තියෙන්නෙ. අනික් අතින් ඒ ගොල්ලන් කරන විවේචන ධනේශ්වර ක‍්‍රමය ඇතුළෙ කරන විවේචන. ප‍්‍රධාන පක්‍ෂ දෙකෙන් එකක් හැම විටම ආණ්ඩුබලයට පත්වෙනව. බලයට එන පක්‍ෂයට විරුද්ධව ඉන්න විපක්‍ෂය කරන විවේචනයි, ජනතා විමුක්ති පෙරමුණෙ විවේචනයි අතර ලොකු වෙනසක් නෑ. එහි තියෙනනේ අවංකභාවය පිළිබඳ ප‍්‍රශ්නය කියල විතරක් කියන්න පුළුවන්.

දුෂණයට විරුද්ධව එ.ජා.ප. යත් කතාකෙරුව. ජේ.වී.පි යත් කතාකෙැරව, සරත් ෆොන්සේකත් කතාකෙරුව. එතකොට ඒක පොදු කාරණයක්. ජනතාව බලන්නේ ¥ෂණයට විරුද්ධව විකල්ප ආණ්ඩුවක් පිහිටුවා ගැනීමට.  ඒ නිසා ජනතාව වඩාත්ම බලවත් විකල්ප කණ්ඩායම වටා ගොණු වෙනව. ජනතා විමුක්ති පෙරමුණ විකල්ප ආණ්ඩුවක් සඳහා බලය ලබාගැනීමේ ස්ථාවරයක් පෙන්නුවේ නැහැ. පසුගිය මැතිවරණ ව්‍යාපාරයේදී ජනතා විමුක්ති පෙරමුණ අඤාණ කි‍්‍රයාමාර්ගයක් අනුගමනය කෙරුව. එයාල ඡුන්දය ඉල්ලූවේ විරුද්ධ පක්‍ෂයට යන්න. එයාලා කිව්වේ විපක්‍ෂයේ ප‍්‍රබල කණ්ඩායමක් විදිහට වැඩ කරන්න ඡුන්දය දෙන්න කියල. ජනතාව තමන්ගෙ නියෝජිතයා විපක්‍ෂයේ වාඩිකරන්න ඡුන්දය දෙන්නෙ නෑ. ජ.වි.පෙ.ට ඒක හිතන්නවත් සවිඤාණකභාවයක් නෑ. ජනතාව ඡුන්දෙ දෙන්නෙ තමන්ගෙ පක්‍ෂයට ආණ්ඩුවක් පිහිටුවන්න බලයට පත්කරන්න. විපක්‍ෂයට යන්න ඡුන්දෙ ඉල්ලූවොත් ඡුන්දය දෙන්නේ පාක්‍ෂිකයන් සහ මැද පන්තියේ වෙනස් විදිහට හිතන සීමිත පිරිසක් පමණයි. ඒ අනුව ඔවුන්ගේ දේශපාලන ක‍්‍රියාමාර්ගය අසාර්ථකයි කියල කියන්න පුළුවන්.

සාකච්ඡුා කළේ මනෝජ් රූපසිංහ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *