රිෂාඩ් බදියුදීන් – සිරිසේන රාජපක්ෂ
උදය ගම්මන්පිල මහතා කියන්නේ රිශාඩ් බදියුදීන් ඇමැතිවරයාට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංගය යෝජනාව දිනුවත් පැරදුනත් දිනුම් බව ය. එකී ප්‍රකාශය යනු පෙනී යන්නේ බදියුදීන් ඇමතිවරයාට විරුද්ධවව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව හුදෙක් විශ්වාසභංග යෝජනාවක් පමණක් නොව මහින්දවාදීන්ගේ තවත් එක් දේශපාලන උප්පරවැට්ටියක් බවය.
එකී විශ්වාසභංගය මාර්ගයෙන් මහින්දවාදීහු අරමුණු කිහිපයක් එකවර ඉටු කරගන්නට උත්සාහ දරති ඉන් එකක් වන්නේ රිෂාඩ් ඇමතිවරයාට චෝදනා එල්ල කිරීම හරහා රට තුල මුස්ලිම් විරෝධී සිංහල ජාතිවාදය ඇවිස්සීම ය. මේ වනවිට මහින්දවාදීන් වටහා ගෙන ඇති ආකාරයට ඔවුන් ඉදිරි මැතිවරණවලදී යම් පමණක හෝ වාසිදායක තත්ත්වයක් උදාකර ගත හැකි වෙතොත් ඒ ජාතිවාදය ඇවිස්සීමෙන් පමණි.
දෙවනුව ඔවුන්ගේ අපේ අපේක්ෂාව වන්නේ රිෂාඩ් සාධකය හරහා ආණ්ඩු පක්ෂය වන එක්සත් ජාතික පක්ෂය තුළ බෙදීමක් ඇති කර ගැනීමය. එකී අරමුණ මේ වන විටත් යම් පමණකට ඵල දරා ඇති බව පෙනෙන්නේ රිෂාඩ් ඇමතිවරයාට විරුද්ධව විශ්වාසභංගයේදී ඡන්දය පාවිච්චි කරන බව එජාප කණ්ඩායමේ එක් අයෙකු හෝ ප්‍රකාශ කර තිබීම තුළිනි.
රිෂාඩ් ඇමතිවරයාට එරෙහි විශ්වාසභංගය පදනම් කරගෙන එක්සත් ජාතික පක්ෂයේ බෙදීම්ක් සිදු වුවහොත් එහි අවාසිය රිෂාඩ් ඇමතිවරයාට හෝ ඔහු නියෝජනය කරන පක්ෂයට නොව එක්සත් ජාතික පක්ෂයටය. එසේම එක්සත් ජාතික පක්ෂයේ බෙදීමක් යනු ආණ්ඩුව දුර්වල වීමයි. එහි වාසි අත්වනවා ඇත්තේ ජනතාවට නොව මහින්දවාදී පිලටය.
ආණ්ඩු පක්ෂයේ හෙවත් එක්සත් ජාතික පක්ෂයේ පිරිසකගේ සහාය නොමැතිව මහින්ද කණ්ඩායමට රිෂාඩ් ඇමතිවරයාට විරුද්ධ විශ්වාසභංගය ජයග්‍රහණය කරන්නට හැකි වෙතැයි සිතිය නො නොහැකියි.
පසුගිය කාලයේ කිහිප වතාවක් මහින්ද කණ්ඩායම එක්සත් ජාතික පක්ෂයේ ඇමතිවරුන්ටත් අගමැතිවරයාටත් ආදී වශයෙන් විශ්වාසභංග යෝජනා ඉදිරිපත් කළ නමුත් ඒ එකක් හෝ ජයගන්නට ඔවුනට හැකි වූයේ නැත.
ඩබ්ලිව් ඩී ජේ සෙනවිරත්න හිටපු ඇමැතිවරයා පසුගිය දාක පවසා තිබුණේ ඉතිහාසයේ වැඩිම විශ්වාසභංග යෝජනා සංඛ්‍යාවක් ඉදිරිපත් වූ ආණ්ඩුව වත්මන් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව බවයි. එය එසේ බව පිළිගන්නේ නම් ඒ අනුවම වැඩිම විශ්වාසභංග යෝජනා සංඛ්‍යාවක් ජයග්‍රහණය කළ ආණ්ඩුව වන්නේ ද වත්මන් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවය. එසේනම් ඉතිහාසයේ වැඩිම විශ්වාසභංග යෝජනා සංඛ්‍යාවක් පරාජය වූ කණ්ඩායම් වශයෙන් මහින්ද කණ්ඩායම ද ඉතිහාසගත වනු ඇත
රිෂාද් බදියුදීන් ඇමතිවරයාට මෙවර එල්ල කර ඇති චෝදනාව වන්නේ අයිඑස් ත්රස්තවාදීන්ට උපකාර කළේ යන්නය. රිෂාඩ් ඇමතිවරයාගේ සහෝදරයා එකී සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් නමුත් ප්‍රශ්න කිරීමෙන් අනතුරුවව ඔවුන් නිදහස් කර තිබේ. එම නිදහස් කිරීම සඳහා රිෂාඩ් ඇමැතිවරයා හෝ ආණ්ඩුව හෝ කිසියම් බලපෑමක් කළ බවක් ද මෙතෙක් හෙළි වී නැත. යම් ආකාරයකින් ආණ්ඩුව හෝ රිෂාඩ් ඇමැතිවරයා හෝ එවැනි බලපෑමක් යන්තමින් හෝ කළේ නම් මහින්දවාදීන් එවැන්නක් ආණ්ඩුවත් රිෂාඩ් ඇමැතිවරයාත් අපහසුතාවයට පත් කිරීම සඳහා උපයෝගී කර නොගනු ඇතැයි සිතිය නොහැකිය. විශේෂයෙන්ම රිෂාඩ් ඇමතිවරයා හිටුවා පස් ගසන්නට අවස්ථාව ලැබෙන තුරු නොඉවසිල්ලෙන් පසු වන මහින්දවාදී ජනමාධ්‍ය එවැනි අවස්ථාවක් මඟ හරිනු ඇතැයි කෙසේවත් සිතිය නොහැකිය.
ඉහත කරුණු අනුව පෙනී යන්නේ අයි එස් ප්‍රහාරය සමග රිෂාඩ් ඇමතිවරයාට හෝ ඔහුගේ සොහොයුරාට සබඳතාවක් තිබිය නොහැකි බවයි. එවැනි සබඳතාවක් ඇති බවක්විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කළ අය දන්නේ නම් ඔවුනට කල් නොයවාම ඒ ගැන පොලිසිය හමුදාව දැනුවත් කරන්නට තිබුණි.
අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු පිළිබඳ ඇමතිවරයෙකු බලපෑම් කළේ ද යන ප්‍රශ්නයට පිළිතුරු දෙමින් හමුදාපතිවරයා පැවසුවේ තමා කිසිදු බලපෑමකට යටත් නොවන බව ය. ඒ අනුව රිෂාඩ් ඇමැතිවරයා හෝ ඔහුගේ සහෝදරයාගේ අයි එස් සබඳතා ගැන තොරතුරු දන්නා අයෙකුට ඒ තොරතුරු හමුදාවට හෝ පොලිසියට හෝ එම දෙකොටසටම හෝ ඉදිරිපත් කර නීතිය ක්‍රියාත්මක කර ගන්නට තිබුණි. විශ්වාසභංග එවැනි දේකට යායුතු එවැනි පැමිණිල්ලකදී නීතිය ක්‍රියාත්මකවීම අවහිර කරන්නට රිෂාඩ් ඇමැතිවරයා හෝ ආණ්ඩුව කටයුතු කරන්නේ නම්ය.
එවැනි පියවරකට නොයාමට හේතුව වශයෙන් සැක කළ හැක්කේ රිෂාඩ් ඇමතිවරයාගේ හෝ ඔහුගේ සොහොයුරාගේ හෝ අයි. එස් සබදතා ගැන තොරතුරු හෝ සාක්ෂි ඒකාබද්ධ විපක්ෂය සතු නොවීම ය.
කෙසේ වෙතත් රිෂාඩ් බදියුදීන් ඇමතිවරයාට එරෙහි විශ්වාසභංගය හේතුවෙන් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව තුළ උභතෝකෝටිකයක් ඇති කරන්නට මහින්දවාදීන් සැලසුම් සහගත කටයුතු කරමින් සිටින බව පැහැදිලිය. විශේෂයෙන්ම ඔවුන්ගේ එම ක්‍රියාමාර්ගය ආණ්ඩු පක්ෂයේ කතෝලික මැති ඇමති ඇමැතිවරුන් ඉලක්ක කර සිදු වන්නක් බවද කිව යුතුය.
පසුගිය ඉරිදා පුවත්පතක ප්‍රධාන ශිර්ෂ පාඨයෙන් උත්සාහ කර තිබුණේ ආණ්ඩුව සහ ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් අතර අර්බුදයක් රිෂාඩ් ඇමතිවරයාට එරෙහිව විශ්වාසභංගය හේතුවෙන් ඇති වී ඇති බව පෙන්වන්නටය. රිෂාඩ්ට එරෙහි විශ්වාසභංගයට විරුද්ධව ඡන්දය නොදෙන්න යැයි තැන තැන මහින්දවාදී හෙන්චයියන් යොදවා කරන උද්ඝෝෂණ ආදියද ඊට නිදසුන් ය.
පොළොන්නරුව ප්‍රදේශයේ භික්ෂු පිරිසක් පසුගියදා ප්‍රකාශ කර තිබුණේ රිෂාඩ් ඇමතිවරයාට පක්ෂව විශ්වාසභංගයේදී ඡන්දය පාවිච්චි කරන මන්ත්‍රීවරුන්ට සිය පන්සල් තහනම් කරන බව ය. කණගාටුවට කරුණ වන්නේ එය කොහේ තිබෙන බුද්ධාගමක් ද කියා අසන්නට මහනායක හිමිවරුන් ඉදිරිපත් නොවීමය.
අනෙක් කරුණ වන්නේ රිෂාඩ් ඇමතිවරයාට ඇතැයි කියන අයි එස්සබඳතා ගැන පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් බැට කෑ කිතුනු ජනතාවටත් කිතුනු පුජ්‍ය පක්ෂයටත් වඩා රුදාවක් සිංහල බෞද්ධ අන්තවාදීන්ට සමහර බෞද්ධ භික්ෂූන්ට ඇතිවී තිබීමය. එයින්ම පෙන්නුම් කරන්නේ රිෂාඩ් ඇමතිවරයාට එරෙහි වීම යනු අයි එස් ත්රස්තවාදයට එරෙහි වීමක් නොව ජාතිවාදය,ආගම්වාදය අවුස්සා ඡන්දය වැඩිකරගැනීමේ බාල උත්සාහයක් බව ය.
රිෂාඩ් ඇමතිවරයාට එරෙහිව සතොස සම්බන්ධ චෝදනාවකට ඔහුගෙන් පසුගියදා පැය පහක පමණ කාලයක් එෆ් සි අයිඩිය වීසින් ප්‍රශ්න කරනු ලැබිණි. එෆ් සි අයි ඩිය යනු විපක්ෂය අමාරුවෙ දමන්නට ගොඩ නැගුවක් බවට ඒකාබද්ධය කළත් මර හඬ නැගූ බව ජනතාවට අමතක නැත.
එම එෆ්සීඅයිඩිය රිෂාඩ් ඇමතිවරයාගෙන් පැය 5ක් ප්‍රශ්න කිරීමෙන් දැන් රටේ නීතිය පක්ෂ, විපක්ෂ බෙදී භේදයකින් තොරව ක්‍රියාත්මක වන බව සාක්ෂියකි. එසේ තිබියදී ඒකාබද්ධය රිෂාඩ් ඇමැතිවරයා වෙනුවෙන් පත්කළ තේරීම් කාරක සභාව මග හරිමින් සිටි. ඒ ඔවුනට එහිදී ඇමතිවරයාට විරුද්ධව කියන්නට කරුණු නොමැතිවීම නිසා වියයුතුය .
නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පසුගියදා පැවසුවේ කවර ආකාරයෙන් හෝ ආණ්ඩුව පෙරළීම ඔවුන්ගේ එක්ම අරමුණ බව ය. ඔවුන් ඒ සඳහා රිෂාඩ් ඇමතිවරයා යොදාගන්නට කලෙක පටන් උත්සාහ කරමින් සිටිති. ඒ උත්සාහයේ එක් පියවරක් වූයේ රිෂාඩ් ඇමතිවරයා විල්පත්තුව වනය සංහාරය කරන්නේය යන මුසාවය . ඔවුන් එම කියන ප්‍රදේශයේ වනය තුළ දක්නට ඇති මුස්ලිම් දේවස්ථාන, නිවාස ආදියේ නටබුන් මඟින් ඔප්පු වෙන්නේ ඒවා කලකට ඉහත මුස්ලිම් ජනතාව පදිංචිව සිටි භූමි බවයි. යුද්ධය හේතුවෙන් ජනතාව පලා ගිය බැවින් එම ඉඩම් වනගත වී අද තිබෙන තත්වයට පත් වී තිබේ. එම ඉඩම්හිමිකරුවන්ට ලබා දීම වන විනාශයක් ලෙස හුවා දක්වන්නට මහින්දවාදී ජාතිවාදීහු අද පවා උත්සාහ දරමින් සිටිති .
ඊළඟ කාරණය වන්නේ දින 51ක ව්‍යවස්ථා විරෝධී ආණ්ඩුවට රිෂාඩ් ඇමති වරයාගේ සහාය ලබාගන්නට මහින්දවාදීන් ගත් උත්සාහයයි ඒ මොහොතේ ඔවුනට උපකාර කළේ නම් අද රිෂාඩ් බදියුදීන් ගම්මන්පිල,විමල් වැනිම දේශප්‍රේමීයෙකි. කනගාටුවට කරුණ මෙකී තත්ත්වය ජනතාවට පැහැදිලි කරන්නට ආණ්ඩුවට හැකියාවක් උනන්දුවක් ඇති බව නොපෙනිමය .
