සරත් ෆොන්සේකා අද දිවුරුම් දෙයි ; ඇමති තනතුරක් නෑ .

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා එජාපෙ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස අද දිවුරුම් දීමට නියමිතය . ඔහුට ප්‍රබල ඇමති ධුරයක් ලැබෙනු ඇතිබව මුලදී වාර්තා වුවද ජනාධිපතිතුමා හා අගමැතිතුමා ඒ පිලිබදව කිසිදු තීරණයක් ගෙන නැති බව වාර්තා වෙයි .

කොළඹ මාර්ග තදබදය විසදන්න වැඩ කරන වෙලාව නම්‍යශීලී කරන යෝජනාවක්

කොළඹ මාර්ග තදබදයට විසදුමක් ලෙස කාර්යාල හා සමාගම් සේවකයන්ගේ වැඩකරන වෙලා නම්‍යශීලීව සකස් කිරීමේ යෝජනාවක් මහා නගර සැලැස්ම මගින් ඉදිරිපත් කොට ඇත . ඒ අනුව දැනට පවතින උදේ 9 සිට සවස 5 දක්වා වන වැඩ දිනයට අනුව ඇතැම් ආයතන වැඩ කරන අතර 9.30 සිට 5.30 දක්වා හෝ 10.00 සිට 6.00 දක්වා හෝ වෙනත් ආයතන වලට…

සී එස් එන් නාලිකාවේ රේගු බදු වංචාත් හෙළිවෙයි

හිටපු ජනාධිපති පුත් යෝෂිත රාජපක්ෂ මහතා ගේ සී එස් එන් රුපවාහිනී නාලිකාවට විදෙස් රටවලින් ගෙන්වා ඇති භාණ්ඩ සදහා රෙගු බදු ගෙවීමේදී සිදුකොට ඇති කෝටි ගණනක වංචා පිලිබදව මේ වනවිට හෙළිදරවු වෙමින් පවතින බව තතුදත් ආරංචි මාර්ග ප්‍රකාශ කරයි . එබදු එක් ගනුදෙනුවකදී කෝටි තුනක් වටිනා භාණ්ඩ සදහා රෙගු බදු ගෙවා ඇත්තේ හයලක්ෂ හැටපන් දහසක් සදහා…

ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන්කිරීමට තව හතරක් අත් අඩංගුවට !

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම ගැන ලැබී ඇති අලුත් සාක්ෂි මත යුද හමුදාවේ තවත් නිලධාරීන් හතර දෙනකු අත් අඩංගුවට ගැනීමට යන බව වාර්තා වෙයි .ප්‍රගීත් පැහැරගත් කණ්ඩායම සමග සිදුකල දුරකථන සංවාද අඩිය පරීක්ෂා කිරීමෙන් පසුව මෙම පිරිස එයට සම්බන්ද බව තහවුරු වී ඇත . මෙම පැහැරගැනීම ගැන දැනට අත් අඩංගුවේ සිටින සංඛ්‍යාව හයකි…

දූෂණ චෝදනාවලට ශිරන්ති අත් අඩංගුවට නොගන්න දේශපාලන තීන්දුවක්

සිරිළිය ගිණුම ඇතුලු තවත් දූෂණ රැසක් සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ මහත්මිය අත්අඩංගුවට ගැනීමට  තරම් කරුණු පරීක්ෂණ කටයුතු වලින් කරුණු අනාවරණය වී ඇතැයි යුක්තියට දැනගන්නට ඇත. කිසි සේත්ම ගැලවී යා නොහැකි අන්දමට කොටු වී සිටින ඇය අත්අඩංගුවට නොගැනීමට තීරණය කරඇති බව කියැවේ. දේශපාලන තීරණයක් ලෙස ඇයව අත්අඩංගුවට නොගන්නා නමුත්, නීතිය හමුවට…

අධිකරණ ඇමති විජේදාස තීන්දුවක් ගන්නවා ලු

ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා ආණ්ඩුවට එක්වීම පිළිබඳව සිය විරෝධය පලකළ අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ මහතා, දේශපාලන තීන්දුවක් ගැනීමට සූදානම් වන බව යුක්තියට දැනගන්නට තිබේ. අධිකරණ ඇමතිවරයා ගැනීමට සූදානම්වන මේ දේශපාලන තීන්දුව පිළිබඳව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා උපේක්ෂ සහගතව සිටින බව වාර්තාවන අතරම විජේදාස රාජපක්ෂ මහතා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට තොරතුරු ලබාදෙන බවට ආණ්ඩුව තුළ…

නීතිපති තනතුරට ජයන්ත ජයසූරිය

දැනට පුරප්පාඩු වී ඇති නීතිපති තනතුරට නීතිපති දෙපාර්තමේන්තුවේ ජේ්‍යෂ්ඨත්වයෙන් දෙවැනියට සිටින ජනාධිපති නීතිඥය ජයන්ත ජයසූරීය මහතා පත්කිරීමට නියමිත බව අභ්‍යන්තර දේශපාලන ආරංචිමාර්ග වලින් යුක්තියට දැනගන්නට ඇත. හිටපු නීතිපති ජනාධිපති නීතිඥය යුවන්ජන විජේතිලක මහතා මෙයට සති ගණනකට පෙර විශ්‍රාම ගියේ ය. නීතිපති දෙපාර්තමේන්තුවේ ජේ්‍යෂ්ඨ නිලධාරියා ලෙස ජනාධිපති නීතිඥය සුහද ගම්ලත් මහතා ඉන් අනතුරුව වැඩබලන නීතිපති ලෙස…

සිංහලයා සහෝදරත්වයට එක පියවරක් තියනවිට පියවර දහයක් තියන්න අපි ලෑස්තියි – විග්නේශ්වරන්

ජාතින් අතර සමගිය සදහා සිංහලයා එක පියවරක් තබන විට පියවර දහයක් තියන්න දෙමල ජනයා සුදානම් බව උතුරේ මහ ඇමති සී වී විග්නේශ්වරම් මහතා ප්‍රකාශ කොට ඇත . ජාතික ගීය දෙමළෙන්  ගැයීමට සතුට ප්‍රකාශ කිරීම සදහා යාපනයේ නාග විහාරයට ගොස් මල් පහන් පූජා කිරීමෙන් පසුව ඒ මහතා මේ බව ප්‍රකාශ  කොට තිබේ . නිදහස් දිනයේදී ජාතික…

රජයේ සාක්‍ෂිකරවෙකු වෙන්න කොටි නායක එමිල් කාන්තන් උසාවි එයි !

ප‍්‍රබල කොටි නායකයකු බව කියන එමිල් කාන්තන් උසාවියට භාරවී රජයේ සාක්‍ෂිකරුවකු ලෙස මහින්ද රාජපක්‍ෂ මහතා හා එල්.ටී.ටී.ඊ ය අතර ඇතිකරගත් ගිවිසුම් සහ මුදල් ගනුදෙනු ගැන කරුණු ඉදිරිපත් කිරීමට සූදානම්ව සිටින බව තතුදත් ආරංචි මාර්ග හෙළිදරව් කරයි. ඔහුට පනවා තිබූ රතු වරනේතුව ඉවත් කිරීමට අධිකරණ ක‍්‍රියාමාර්ගයක් ගන්නා ලද්දේ රජයේ සාක්‍ෂි කරුවකු වීමට කැමැත්ත පළ කොට උසාවියට…

ප‍්‍රගීත් එක්නැලිගොඩ පැහැරගත් කල්ලිය බද්ධි අංශ නිලධාරියකුත් මරලා!

ප‍්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීම සම්බන්ධයෙන් දැන් අත්අඩංගුවේ පසුවන කණ්ඩායම එම බුද්ධි අංශයේම සේවය කරමින් සිටි නිලධාරියකුවද මරා වළදමා ඇති බව රහස් පොලිස් පරීක්‍ෂණවලදී හෙළිදරව් වී ඇති බව වාර්තාවෙයි. එලෙස ඝාතනයට ලක්ව ඇත්තේ රංජන් පේ‍්‍රමකුමාර නමැති කොප‍්‍රල් වරයෙකි. ඔහුව මරා දමා ඇතේත් කිසිවකුගේ නියෝගයක් නිසා හෝ දේශපාලන හේතුවක් නිසා නොව පෞද්ගලික කෝන්තරයක් නිසා බවද…

යෝෂිතට හමුදා නීතියෙන් නඩු පවරන්නැයි නාවික හමුදාපතිට උපදෙස්

ලුතිනන් යෝෂිත රාජපක්‍ෂ මහතා නාවික හමුදා නීතියට එරෙහිව සිදුකොට ඇති වැරදි පිළිබඳව හමුදා නීතිය යටගේ ක‍්‍රියකරන ලෙස ආරක්‍ෂක අමාත්‍යාංශය නාවික හමුදාපතිවරයාට උපදෙස් දී ඇත. මෙම උපදෙස් ලබා දී ඇත්තේ ඒ පිළිබඳව නාවික හමුදාවෙන් කරන ලද පරික්‍ෂණයක වාර්තා ආරක්‍ෂක අමාත්‍යාංශ්‍යට යොමුකිරීමේ ප‍්‍රතිඵලයක් වශයෙනි. යෝෂිත රාජපක්‍ෂ මහතා සිදුකොට ඇති වැරදි එම පරීක්‍ෂණයෙන් සාක්‍ෂි සහිතව හෙළිදරව් කරගෙන ඇත….

යෝෂිත බෙල්ල දුන්නේ තාත්තා වෙනුවෙනුයි –

සී එස් එන් නාලිකාවට රුපියල් කෝටි විසිපහකට අසන්න මුදලක් යෝෂිත රාජපක්ෂට ලබාදී ඇත්තේ ඔහුගේ පියාවන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් බවත් , ඒ බව හෙළි කළහොත් ඔහු අමාරුවේ වැටෙන නිසා කිසිවක් නොකියා සිරගෙට යාමට යෝෂිත රාජපක්ෂ ඉදිරිපත් වී ඇති බවත් නීතිඥ ක්ෂේත්‍රයේ ආරංචි මාර්ග කියයි . සිය පියාගෙන් හැර යෝශිතට මෙබදු මුදලක් ලබාගැනීමට වෙනත්…