නීතිපති තනතුරට ජයන්ත ජයසූරිය
දැනට පුරප්පාඩු වී ඇති නීතිපති තනතුරට නීතිපති දෙපාර්තමේන්තුවේ ජේ්‍යෂ්ඨත්වයෙන් දෙවැනියට සිටින ජනාධිපති නීතිඥය ජයන්ත ජයසූරීය මහතා පත්කිරීමට නියමිත බව අභ්‍යන්තර දේශපාලන ආරංචිමාර්ග වලින් යුක්තියට දැනගන්නට ඇත. හිටපු නීතිපති ජනාධිපති නීතිඥය යුවන්ජන විජේතිලක මහතා මෙයට සති ගණනකට පෙර විශ්‍රාම ගියේ ය. නීතිපති දෙපාර්තමේන්තුවේ ජේ්‍යෂ්ඨ නිලධාරියා ලෙස ජනාධිපති නීතිඥය සුහද ගම්ලත් මහතා ඉන් අනතුරුව වැඩබලන නීතිපති ලෙස ක්‍රියාකළ නමුත් ඔහුට මේ තනතුර ලබාදීමට ජනාධිපතිගේ සහ අගමැතිගේ අනුමැතිය පළනොවූ බව දැනගන්නට තිබේ. රාජපක්ෂ පාලන කාලය තුළ සිදුකෙරුණු දූෂණ හා අපරාධ සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවට යවා ඇති ලිපි ගොනු සම්බන්ධයෙන් කටයුතු නොකිරීම පිළිබඳ හිටපු නීතිපතිට බරපතල චොදනා එල්ල විය.
මේ අතර අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ සුහද ගම්ලත් මහතාව නීතිපති ලෙස පත්කර ගැනීමට බලවත් උත්සාහයක් දරණ බව පුවත්පත් වාර්තා කර තිබුණි. අධිකරණ ඇමතිවරයා, තම උත්සාහය තවමත් ඉවතදමා නැති නමුත් අපිට ලැබුණු ආරංචි මාර්ගවලට අනුව අධිකරණ ඇමතිවරයාගේ එම උත්සාහය ඵල රහිත බව දැනගන්නට ඇත. ඒ අනුව ඉදිරි දින කිහිපය තුළ දී ජනාධිපති නීතිඥය ජයන්ත ජයසූරිය මහතා මී ළග නීතිපතිවරයා දෙස දිව්රුම් දීමට නියමිත ය.
