මහ බැංකුව ඩොලර් ගිණුම් නිදහස් කරයි

අර්ජුන මහේන්ද්‍රන් විදේශවල සේවය කරන හෝ කල ශ්‍රී ලාංකිකයන් හා විදේශිකයන් මෙරට බැංකුවල පවත්වාගෙන යන ගිණුම් වලන් නිදහසේ මුදල් ඉවත්කර ගැනීමට වහාම ක්‍රියාත්මක වන පරිදි ඉඩදෙන බව ශ්‍රී ලංකා මහා බැංකුව ඊයේ නිවේදනය කළේය . ඒ අනුව ඩොලර් 10,000ක් දක්වා මුදලක් ඕනෑම මොහොතක ඉවත්කර ගැනීමට ඉඩ දී ඇත .

මීට පෙර මෙලෙස මුදල් ඉවත්කර ගැනීමට අවසර දෙනු ලැබුවේ අධ්‍යාපන හෝ සොඛ්‍ය අවශ්‍යතා සදහා පමණකි . ඒ සදහා බැංකුව සහතික වියයුතු බවටද කොන්දේසි පනවා තිබිණි .

මෙම ගිණුම් නිදහස් කිරීම මෙරට මුල්‍ය ක්ෂේත්‍රය ප්‍රතිසංස්කරණයේ වැදගත් පියවරක් ලෙස සැලකෙයි .

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *