සිංහලයා සහෝදරත්වයට එක පියවරක් තියනවිට පියවර දහයක් තියන්න අපි ලෑස්තියි – විග්නේශ්වරන්
ජාතින් අතර සමගිය සදහා සිංහලයා එක පියවරක් තබන විට පියවර දහයක් තියන්න දෙමල ජනයා සුදානම් බව උතුරේ මහ ඇමති සී වී විග්නේශ්වරම් මහතා ප්‍රකාශ කොට ඇත . ජාතික ගීය දෙමළෙන් ගැයීමට සතුට ප්‍රකාශ කිරීම සදහා යාපනයේ නාග විහාරයට ගොස් මල් පහන් පූජා කිරීමෙන් පසුව ඒ මහතා මේ බව ප්‍රකාශ කොට තිබේ .
නිදහස් දිනයේදී ජාතික ගීය දෙමල බසින් ගැයීම සුළු පියවරක් වුවද එය මෙරට ජාතින් අතර සමගිය ඇති කිරීමට තැබූ විශාල පියවරක් බව විග්නේශ්වර මහතා ප්‍රකාශ කොට තිබේ .
