අධිකරණ ඇමති විජේදාස තීන්දුවක් ගන්නවා ලු
ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා ආණ්ඩුවට එක්වීම පිළිබඳව සිය විරෝධය පලකළ අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ මහතා, දේශපාලන තීන්දුවක් ගැනීමට සූදානම් වන බව යුක්තියට දැනගන්නට තිබේ. අධිකරණ ඇමතිවරයා ගැනීමට සූදානම්වන මේ දේශපාලන තීන්දුව පිළිබඳව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා උපේක්ෂ සහගතව සිටින බව වාර්තාවන අතරම විජේදාස රාජපක්ෂ මහතා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට තොරතුරු ලබාදෙන බවට ආණ්ඩුව තුළ රාවයක් ද යමින් පවති. පසුගිය කාලය පුරාවට ම විජේදාස රාජපක්ෂ මහතා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට නොයෙකුත් තොරතුරු ලබාදී ඇති බව ජනාධිපතිවරයාට ද දැනගන්නට ලැබී ඇතැයි ද මේ අතර වාර්තාවේ.
