දූෂණ චෝදනාවලට ශිරන්ති අත් අඩංගුවට නොගන්න දේශපාලන තීන්දුවක්

ශාරන්ති රාජපක්ෂ සිරිළිය ගිණුම ඇතුලු තවත් දූෂණ රැසක් සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ මහත්මිය අත්අඩංගුවට ගැනීමට  තරම් කරුණු පරීක්ෂණ කටයුතු වලින් කරුණු අනාවරණය වී ඇතැයි යුක්තියට දැනගන්නට ඇත. කිසි සේත්ම ගැලවී යා නොහැකි අන්දමට කොටු වී සිටින ඇය අත්අඩංගුවට නොගැනීමට තීරණය කරඇති බව කියැවේ. දේශපාලන තීරණයක් ලෙස ඇයව අත්අඩංගුවට නොගන්නා නමුත්, නීතිය හමුවට පැමිණවීමට පියවර ගන්නේ ද නොගන්නේ ද යන්න තවමත් පැහැදිළි නැත.

කෙසේ නමුත් දූෂණ හා අපරාධවලට එරෙහි සිවිල් සංවිධාන මේ පිළිබඳ කරන බලපෑම අනුව එය ඉදිරියේ දී තීරණයවීමට ඉඩ ඇත .

කෙසේ වෙතත් පරීක්ෂණ වලින් හෙළිවී ඇති තොරතුරු යට ගැසීම කල නොහැකි බව අපගේ ආරංචි මාර්ග කියයි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *