ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන්කිරීමට තව හතරක් අත් අඩංගුවට !

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම ගැන ලැබී ඇති අලුත් සාක්ෂි මත යුද හමුදාවේ තවත් නිලධාරීන් හතර දෙනකු අත් අඩංගුවට ගැනීමට යන බව වාර්තා වෙයි .ප්‍රගීත් පැහැරගත් කණ්ඩායම සමග සිදුකල දුරකථන සංවාද අඩිය පරීක්ෂා කිරීමෙන් පසුව මෙම පිරිස එයට සම්බන්ද බව තහවුරු වී ඇත . මෙම පැහැරගැනීම ගැන දැනට අත් අඩංගුවේ සිටින සංඛ්‍යාව හයකි .

ප්‍රගීත් අතුරුදන් කිරීම සිදුව ඇත්තේ අක්කරෙයිපත්තුවේදී බව හෙළිවී ඇති අතර එම ස්ථානය සොයා ගැනීමටද පරීක්ෂණ සිදුවන බව කියති .

ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන යාම ,රදවාගනීම හා අතුරුදන් කිරීම යන චෝදනා යටතේ මෙම පිරිසට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේ කටයුතු සුදානම් කොට ඇති බවද වාර්තා වෙයි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *