සී එස් එන් නාලිකාවේ රේගු බදු වංචාත් හෙළිවෙයි

හිටපු ජනාධිපති පුත් යෝෂිත රාජපක්ෂ මහතා ගේ සී එස් එන් රුපවාහිනී නාලිකාවට විදෙස් රටවලින් ගෙන්වා ඇති භාණ්ඩ සදහා රෙගු බදු ගෙවීමේදී සිදුකොට ඇති කෝටි ගණනක වංචා පිලිබදව මේ වනවිට හෙළිදරවු වෙමින් පවතින බව තතුදත් ආරංචි මාර්ග ප්‍රකාශ කරයි . එබදු එක් ගනුදෙනුවකදී කෝටි තුනක් වටිනා භාණ්ඩ සදහා රෙගු බදු ගෙවා ඇත්තේ හයලක්ෂ හැටපන් දහසක් සදහා පමණකි . ඒ අනුව රෙගු බදු වංචා සම්බන්ධයෙන්ද සී එස්  එන් නාලිකාවට එරෙහිව පියවර ගැනීමට යන බව දැනගන්නට ඇත .

මෙම අලුත් නඩු පැවරීම සිදුවනු ඇත්තේ දැනට ඉදිරිපත් කොට ඇති මුදල් විශුද්ධිකරණ චෝදනාවලට අමතරව ය. මෙබදු නඩු ගණනාවක් පැවරීමට කරුණු ඇති බව අපගේ ආරංචි මාර්ග කියයි .

මේ අතර හමුදා නීතිය යටතේද යෝෂිත රාජපක්ෂ මහතාට එරෙහිව නඩු පැවරීමට නාවික හමුදාපතිවරයා කටයුතු කරමින් සිටියි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *