කොළඹ මාර්ග තදබදය විසදන්න වැඩ කරන වෙලාව නම්‍යශීලී කරන යෝජනාවක්

කොළඹ මාර්ග තදබදයට විසදුමක් ලෙස කාර්යාල හා සමාගම් සේවකයන්ගේ වැඩකරන වෙලා නම්‍යශීලීව සකස් කිරීමේ යෝජනාවක් මහා නගර සැලැස්ම මගින් ඉදිරිපත් කොට ඇත . ඒ අනුව දැනට පවතින උදේ 9 සිට සවස 5 දක්වා වන වැඩ දිනයට අනුව ඇතැම් ආයතන වැඩ කරන අතර 9.30 සිට 5.30 දක්වා හෝ 10.00 සිට 6.00 දක්වා හෝ වෙනත් ආයතන වලට වැඩ දිනය සකස් කර ගැනීමට ඉඩ ලැබෙනු ඇති බව කියති . එමෙන්ම ආයතනවල සේවයට බද නොවන පරිදි සේවයට පැමිණීමේ වෙලා කවුළුවක් ලබාදීමටද යෝජනා වී ඇත . එනම් 9.00 සිට 10.00 දක්වා කාලය තුල ඕනෑම වෙලාවක වැඩට පැමිණිය හැකි අතර පැමිණි වෙලාවේ සිට පය අටක් සේවයේ යෙදිය යුතුය වශයෙනි .

සියලු වාහන එකම මොහොතක නගරයට ඇතුළු වීමට පැමිණීමෙන් වන තදබදය මෙමගින් අවම කරගත හැකිවනු ඇතැයි කියති .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *