අදත් 348 ක් එක්වෙති; පොකුර දැන් 4398 යි

අදත් 348 ක් එක්වෙති; පොකුර දැන් 4398 යි

අද දවස තුළ කොවිඩ් 19 ආසාදිතයින් 348ක් අළුතින් හඳුනාගනු ලැබ ඇත. අද සවස වනවිට 263ක් හඳුනාගෙන තිබු අතර රාත්‍රී වනවිට තවත් 85 ක් හඳුනාගනු ලැබී ය. මේ අනුව වත්මන් කොවිඩ් පොකුරේ සමස්ත ආසාදිත සංඛ්‍යාව 4398 ක් දක්වා ඉහළ  ගොස් ඇත. කොවිඩ් යයි සැක කටයුතු ආශ්‍රීතයන්ගෙන් ලබාගත් තවත් සාම්පල රැසක් පරීක්ෂණ සඳහා ගොඩගැසී ඇති බව සෞඛ්‍ය…

දුරකථන වාර්තා පිළිගන්න තරම් මට තාක්ෂණ දැනුමක් නැහැ – හිටපු ජනපති මෛත්‍රීට පාස්කු කොමිසමේදී වුණු දේ

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා  සහ හිටපු රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා අතර 2019.ජනවාරි 01 වැනිදා සිට මාර්තු 31 දක්වා කාලය තුළ දුරකථන ඇමතුම් 221ක් වාර්තා වී තිබෙන අතර අප්‍රේල් මාසය තුළ තවත් දුරකථන ඇමතුම් 82ක් සිදුව ඇති නමුත් ඒවා පිළිගැනීමට තරම තමන්ට තාක්ෂණික දැනුමක් නැති බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු…

කොළඹ කොටුව ඇතුළු තවත් ප්‍රදේශ කිහිපයකට ඇදිරි නීතිය

අද සවස 6.00 සිට කොළඹ කොටුව, පිටකොටුව, බොරැල්ල හා වැලිකඩ ප්‍රදේශ වලට නැවත දැනුම්දෙනතුරු ඇඳිරිනීතිය ක්‍රියාත්මක බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය මේ බව නිවේදනය කරයි.

20 ට ඡන්දය ගත්තාට , මුස්ලිම් මන්ත්‍රීවරුන් ආණ්ඩුවට ගන්න බැහැ – ජාතිකවාදීහු ගේම ඉල්ලති

  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනයට ඡන්දය දුන් මුස්ලිම් මන්ත්‍රීවරුන්ට ඇමති ධුර ලබාදීමට හෝ ඔවුන් ආණ්ඩුවට සම්බන්ධ කර ගැනීමට ඉඩ නොදෙන බව ආණ්ඩු පක්ෂයේ ජාතික වාදී කණ්ඩායම් කියති. ජාතික නිදහස් පෙරමුණට, පිවිතුරු හෙළ උරුමයට සම්බන්ධ මන්ත්‍රීවරුන් මෙන් ම තවත් මන්ත්‍රීවරුන් සහ ඇමතිවරුන් විශාල පිරිසක් මෙම අදහස ප්‍රකාශ කොට ඇති බව කියති. කැබිනට් මාධ්‍ය ප්‍රකාශක කෙහෙළිය…

ඊයේ දිනට ආසාදිතයින් 368ක්.  පොකුර 4050 ට නගී

ඊයේ දිනට ආසාදිතයින් 368ක්. පොකුර 4050 ට නගී

ඊයේ දිනය තුළ වාර්තා වී ඇති කොවිඩ් ආසාදිතයින් 368 ක් සමග වත්මන් පොකුරේ ආසාදිතයින් සංඛ්‍යාව 4050 දක්වා ඉහල ගොස් ඇත . කොරෝනා වෛරස් ආසාදිතයින් 166 දෙනෙකු ඊයේ (24) රාත්‍රියේ හඳුනාගෙන ඇති බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේ ය. ඔවුන් සියලුම දෙනාම මීට පෙර හඳුනාගත් කොරෝනා ආසාදිතයින්ගේ සමීප ආශ්‍රිතයින් බව කියති .ඊයේ සවස් වන විට…

මාලිගාවත්ත,කෙසෙල්වත්ත ඇතුළු ප්‍රදේශ පහකට ඇඳිරි නීතිය

මාලිගාවත්ත,කෙසෙල්වත්ත ,ඩෑම් විදීය ,ආදුරුප්පු වීදිය සහ වෙරළබඩ පොලිසිය යන පොලිස් වසම් සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම්දෙන තුරු නිරෝධායන ඇඳිරි නීතිය පැනවූ බව කොවිඩ් වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය දන්වා සිටියි  

කොවිඩ් -19 නව ආසාදිතයන් 201 ක්

කොවිඩ් -19 වයිරසය ආසාදනය වූ තවත් 201 දෙනෙකු හඳුනාගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන කරයි. නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර සිටි 37 දෙනෙකු ද ධීවර වරායන්වලදී කොවිඩ් ආසාදිත බවට හඳුනාගත් 24 දෙනෙකු ද ඒ අතරට අයත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන කරයි. කොවිඩ් ආසාදිත පුද්ගලයින්ගේ සමීප ආශ්‍රිතයින් ලෙස අනෙක් 140 දෙනා හඳුනාගෙන තිබේ.

15 වන කොවිඩ් මරණය වාර්තා වෙයි

මෙරට 15 වන කොරෝනා මරණය සිදුව ඇති බව වාර්තා වෙයි මෙලෙස මියගොස් ඇත්තේ කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි මෙලෙස මියගොස් ඇත්තේ කුලියාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි කුලියාපිටිය, උණලීය ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි පුද්ගලයෙකු බව සෞඛ්‍ය අංශ වැඩිදුරටත් සඳහන් කර සිටියි  

ගොතටුව සහ මුල්ලේරියාවටත් පස්වරු 7.00 සිට ඇඳිරි නීතිය

ගොතටුව සහ මුල්ලේරියාව පොලිස් බල ප්‍රදේශ සඳහා අද (24) පස්වරු 7.00 සිට නිරෝධායන ඇඳිරි නිතිය ක්‍රියාත්මක කිරීමට තීරණය කරයි. යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ නැවත දැනුම් දෙනතුරු මෙම ඇඳිරි නීතිය ක්‍රියාත්මක බවයි.  

තවත් 256ක් ; අද එක දවසට 865ක් ; පොකුර 3692 දක්වා ඉහළට

තවත් 256ක් ; අද එක දවසට 865ක් ; පොකුර 3692 දක්වා ඉහළට

අද මේ වනවිට තවත් කොවිඩ් ආසාදිතයන් 256ක් වාර්තාවීමත් සමග අද දිනයේ පමණක් හමු වූ සංඛ්‍යාව 865ක් දක්වා ඉහල ගියේ ය. ඒ අනුව වත්මන් කොවිඩ් පොකුර 3691 ක් දක්වා ඉහළ ගොස් ඇත. අද පාර්ලිමේන්තුවේ පැවති කොවිඩ් විවාදයේ දී සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කිවේ ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 පාලනය ඉතා සතුටුදායක මට්ටමක පවතින බව යි.

මරදාන, දෙමටගොඩ ඇතුළු තවත් පොලිස් බල ප්‍රදේශ පහකටත් ඇඳිරි නීතිය

වහාම ක්‍රියාත්මක වන පරිදි තවත් පොලිස් බල ප්‍රදේශ පහක් සඳහා ඇඳිරි නීතිය පනවා තිබේ. කොළඹ පොලිස් බල ප්‍රදේශ දෙකකට සහ කළුතර බල ප්‍රදේශ තුනකට මෙලෙස අලුතින් ඇඳිරි නීතිය පනවා තිබේ. කොළඹ දිස්ත්‍රික්කයේ දෙමටගොඩ සහ මරදාන පොලිස් බල ප්‍රදේශ සඳහා නැවත දැනුම් දෙන තුරු ඇදිරි නීතිය  ක්‍රියාත්මක ය. එමෙන්ම කළුතර දිස්ත්‍රික්කයේ බේරුවල, අලුත්ගම, පයාගල යන පොලිස්…

අද කොවිඩ් 19 තවත් ආසාදිතයින් 609ක් ; පොකුර 3426 ට නගී

අද කොවිඩ් 19 තවත් ආසාදිතයින් 609ක් ; පොකුර 3426 ට නගී

කොවිඩ් 19 තවත් ආසාදිතයින් 609ක් අද දින වාර්තා වූ බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කරයි. මෙලෙස වාර්තා වූ ආසාදිතයින් අතර  පෑලියගොඩ මත්ස්‍ය සංකීර්ණයට සම්බන්ධ ආසාදිතයින් 496ක් ද සිටින බව යුද හමුදාපතිවරයා ප්‍රකාශ කරයි ඊට අමතරව ගාල්ල ප්‍රදේශයෙන් ආසාදිතයින් 5 දෙනෙක් ද, බේරුවල ප්‍රදේශයෙන් 20ක් ද, නිරෝධායන මධ්‍යස්ථාන වලින් ආසාදිතයින් 48ක් සහ ආශ්‍රිතයින්…