20 ට ඡන්දය ගත්තාට , මුස්ලිම් මන්ත්‍රීවරුන් ආණ්ඩුවට ගන්න බැහැ – ජාතිකවාදීහු ගේම ඉල්ලති
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනයට ඡන්දය දුන් මුස්ලිම් මන්ත්‍රීවරුන්ට ඇමති ධුර ලබාදීමට හෝ ඔවුන් ආණ්ඩුවට සම්බන්ධ කර ගැනීමට ඉඩ නොදෙන බව ආණ්ඩු පක්ෂයේ ජාතික වාදී කණ්ඩායම් කියති.
ජාතික නිදහස් පෙරමුණට, පිවිතුරු හෙළ උරුමයට සම්බන්ධ මන්ත්‍රීවරුන් මෙන් ම තවත් මන්ත්‍රීවරුන් සහ ඇමතිවරුන් විශාල පිරිසක් මෙම අදහස ප්‍රකාශ කොට ඇති බව කියති.
කැබිනට් මාධ්‍ය ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල මහතා කිවේ මුස්ලිම් අන්තවාදීන් කිසිවකු රජයට සම්බන්ධ කර නොගන්නා බව යි.
20 වැනි සංශෝධනයට මුස්ලිම් මන්ත්‍රීවරුන්ගේ ඡන්දය ගැනීමට පක්ෂ නායක රැස්වීමේ දී හා පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේ දී විමල් වීරවංශ ඇමතිවරයා විරුද්ධ වූ විට අගමැති මහින්ද රාජපක්ෂ මහතා කීවේ ඔවුන් සමග කිසිදු ගිවිසුමක් නැති බව සහ කැමැත්තෙන් ඡන්දය දෙන්නේ නම් කරන්නට දෙයක් නැති බව යි.
එම කතාව ද මතක් කරන ආණ්ඩුවේ මන්ත්‍රී පිරිසක් මුස්ලිම් මන්ත්‍රීන් රජයට ගැනීමට දැඩි විරුද්ධත්වය ප්‍රකාශ කොට ඇති බව කියති.
