මරදාන, දෙමටගොඩ ඇතුළු තවත් පොලිස් බල ප්‍රදේශ පහකටත් ඇඳිරි නීතිය
වහාම ක්‍රියාත්මක වන පරිදි තවත් පොලිස් බල ප්‍රදේශ පහක් සඳහා ඇඳිරි නීතිය පනවා තිබේ. කොළඹ පොලිස් බල ප්‍රදේශ දෙකකට සහ කළුතර බල ප්‍රදේශ තුනකට මෙලෙස අලුතින් ඇඳිරි නීතිය පනවා තිබේ.
කොළඹ දිස්ත්‍රික්කයේ දෙමටගොඩ සහ මරදාන පොලිස් බල ප්‍රදේශ සඳහා නැවත දැනුම් දෙන තුරු ඇදිරි නීතිය ක්‍රියාත්මක ය.
එමෙන්ම කළුතර දිස්ත්‍රික්කයේ බේරුවල, අලුත්ගම, පයාගල යන පොලිස් බල ප්‍රදේශ සඳහා පනවන ඇදිරි නීතිය එළඹෙන සදුදා දින උදෑසන 5.00 දක්වා ක්‍රියාත්මක ය.
කොරෝනා පැතිරීම වැළැක්වීම සඳහා මෙම ඇඳිරි නීතිය පනවා ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කිවේදනය කරයි.
