ගෑස් මිල වැඩි කිරීමත් අත් හිටුවයි

  ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 2,500 කින් වැඩි කිරීමට ලිට්රෝ ගෑස් සමාගම ගත තීරණය වහාම අත් හිටුවා තිබේ. රජයේ තීරණයක් මත මෙම අත් හිටුවීම සිදු කොට තිබේ. අද මධ්‍යම රතියෙ සිට ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 5,175 ක් වන බව ලිට්රෝ ගෑස් සමාගම නිවේදනය කොට තිබිණි.

අලුතින් පත් වූ ඇමති තනතුරින් නාලක ගොඩහේවා අස්වෙයි ?

  පසුගියදා දිව්රුම් දුන් ඇමති තනතුරින් නාලක ගොඩහේවා මහතා ඉල්ලා අස් වී ඇති බව වාර්තා වෙයි. ඒ මහතා තම ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිතුමා වෙත යවා ඇති බව සජබ මන්ත්‍රී මුජිබර රහමන් මහතා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කොට තිබේ. නාලක ගොඩහේවා මහතා පසුගිය සඳුදා දිව්රුම් දුන්නේ නව ජනමාධ්‍ය ඇමතිවරයා වශයෙනි.

“කොහෙන් 113 පෙන්නුවත් වත්මන් ප්‍රශ්න විසඳන්න බෑ’’ – එජාප නායක රනිල් වික්‍රමසිංහ

  ඒ පැත්තෙන් හෝ මේ පැත්තෙන් 113 පෙන්නුවත් වත්මන් ප්‍රශ්න විසඳන්න නොහැකි යැයිද මහ  පොළොවේ යථාර්ථය තේරුම් ගෙන හැම දෙනාම එකතු කරගත් ගමනක් යා යුතුව ඇතැයි ද හිටපු  අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (22) පැවසීය. විශ්වාස භංගයක් ඉදිරිපත් කළ යුතු වන්නේ මුදල්  ඇමතිවරයාගේ කතාවෙන් පසුව බව කී හිටපු අග්‍රාමාත්‍ය වරයා ඉදිරි මාර්ග සිතියම ඉදිරිපත්…

ගෑස් නැතත් මිල රුපියල් 2,500 කින් ඉහළට ; නව මිල 5,175 යි

  ලිට්රෝ සමාගම තම ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 2,500 කින් එකවර ඉහළ දමා ඇත. කි. ග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 5,175 ක් වෙයි. කෙසේ වෙතත්, තොග අවසන් වීම නිසා ගෑස් බෙදාහැරීම ද ලබන සඳුදා දක්වා අත් හිටුවා තිබේ. මේ වනවිට වෙළෙඳ පොළේ ගෑස් මිල දී ගැනීමට නැත.

ආණ්ඩුව ම වැඩ කරගෙන යන්න – විපක්ෂ නායක සජිත් පාර්ලිමේන්තුවේ දී කියයි

  ආණ්ඩුව සඳහා කැබිනට් මණ්ඩලයක් සහ රාජ්‍ය ඇමතිවරු 29 ක් පත්කොට ඇති බවත්, ඒ අනුව රටේ මේ වනවිට ආණ්ඩුවක් ඇති බවත්, ඒ ආණ්ඩුවේ ඉදිරි සැලසුම් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු බවත්, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය. එමෙන් ම රජය ආර්ථික ප්‍රශ්නය විසඳන්නට ගන්නා මාර්ග සිතියම  පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස ද  විපක්ෂ…

ආණ්ඩුවේ තව දහයක් නව අගමැතිවරයෙක් ඉල්ලයි ; මහජන අරගලය අවතක්සේරු කර ඇති බවත් කියයි

    මහජන අරගලය රජය විසින් අවතක්සේරු කොට ඇති බවත්, බහුතරය පිළිගන්නා නව අගමැතිවරයකු යටතේ සර්ව පාක්ෂික කැබිනට මණ්ඩලයක් පත් කරන ලෙසත් ඉල්ලා ආණ්ඩු පක්ෂයේ තවත් මන්ත්‍රීවරුන් දහ දෙනෙක් ජනාධිපතිතුමා වෙත ලිඛිත ඉල්ලීමක් ඉදිරිපත් කොට ඇත. පාර්ලිමේන්තුවේ බහුතරය රැකගත් බවට සතුටු වුව ද , බහුතරය අහිමි වීමේ දැඩි අනතුරක් ඇති බව ඔවුහු පෙන්වා දෙති. මෙම…

20 සංශෝධනය ඉවත් කර 19 ට යන්න – ආණ්ඩුවෙන් ඉවත් වූ කණ්ඩායම යෝජනා භාරදෙයි

  20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඉවත් කොට 19 සංශෝධනයේ තිබු ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ යලි ස්ථාපිත කිරීම සඳහා වූ නව ව්‍යවස්ථා සංශෝධනයක් සඳහා යෝජනාවක් ආණ්ඩුවෙන් ඉවත් වූ 41 කණ්ඩායම විසින් අද කතානායක තුමා වෙත භාර දුන්නේ ය. මෙබඳු යෝජනා කිහිපයක් තමන් වෙත ලැබී ඇති බවත්, ඒ සියල්ල නීතිපතිවරයාගේ උපදෙස් සඳහා යොමු කරන බවත් කතානායක මහින්ද යාපා අබේවර්ධන…

ගෑස් තොග අවසන් ; ගෑස් බෙදීම 25 දක්වා නවතා දමයි

  සමාගම සතු ගෑස් තොග අවසන් වීම නිසා ලබන 25 දා දක්වා ගෑස් බෙදාහැරීම ඇත හිටුව ඇති බව ලිට්රෝ ගෑස් සමාගම නිවේදනය කොට ඇත. නැවත ගෑස් නැවක් මෙරටට පැමිණෙන්නේ 25 දා ය. 27 දා තවත් නැවක් පැමිණීමට නියමිත ය.

පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ කරන්නේ මගේ ආණ්ඩුවකින් – සජිත්ගෙන් කාදිනල්තුමන්ට ලිඛිත පොරොන්දුවක්

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන් මෙන්ම ඊට සම්බන්ධ සියලූ පිරිස අනාගතයේ දිනක පිහිටුවන තම රජයක් යටතේ විනිවිදභාවයකින් යුතු ස්වාධීන අපක්ෂපාතී පරීක්ෂණයක් හරහා නීතිය හමුවට ගෙන එන බවට කාදිනල්තුමා ට ලිඛිත පොරොන්දුවක් අද ලබා දෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා  පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කොට ඇත. සමගි ජන බලවේගය ලෙස එම පොරොන්දුව ලබා දෙන බව කී විපක්ෂ නායකයා…

මේ රට ජනාධිපතිගේවත්, රාජපක්ෂලගේවත් රටක් නොවේ – හිටපු ඇමති අනුර ප්‍රියදර්ශන යාපා

  මේ රට ජනාධිපතිගේවත්, අගමැතිගේවත්, රාජපක්ෂලාගේවත් නොවන බවත්, මෙය අපේ රට බවත්, කරුණාකර එය තේරුම් ගන්නා ලෙසත්, හිටපු ඇමතිවරයකු සහ පාර්ලිමේන්තුවේ ස්වාධින වූ කණ්ඩායමේ නායකත්වය ගෙන ක්‍රියා කරන අනුර ප්‍රියදර්ශන යාපා මහතා ඊයේ පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය. දැන් අවශ්‍ය වන්නේ ඇමති මණ්ඩලයක් නොවන බවත්, ආණ්ඩුව බලය අතහැර අන්තර්වාර පාලනයකට ඉඩ සැලසිය යුතු බවත්, කී…

ඊයේ කොවිඩ් ආසාදිතයින් 61 යි ; මරණ නැහැ

නව කොවිඩ් ආසාදිතයින් 61 ක් ඊයේ දිනයේ අලුතින් හඳුනාගෙන ඇති අතර අලුතින් කිසිදු කොවිඩ් මරණයක් තහවුරු කොට නැත. ඒ අනුව මෙරටින් මෙතෙක් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 663,006 ලෙස සටහන් වී ඇත. 16,496 ක් ලෙස වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාවේ වෙනසක් සිදු වී නැත

|

වත්මන් ආර්බුදයට රනිල්ගෙන් විසඳුම් යෝජනා 9 ක්

  ශ්‍රී ලංකාව මුහුණ දී තිබෙන අර්බුදයට විසදුම් සදහා වූ යෝජනාවලියක් හිටපු අගමැති හා ඒක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී. කරුණු 9 කින් යුත් ඒම යෝජනා සභාගත කරමින් අදහස් දැක් වූ රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශකර සිටියේ 20 වැනි ව්‍යවස්ථාව සංශෝධනය තුළින් සිදු වූ පාර්ලිමේන්තුව දුර්වල කිරීමේ ප්‍රථිවිපාකයක් ලෙස අද…