පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ කරන්නේ මගේ ආණ්ඩුවකින් – සජිත්ගෙන් කාදිනල්තුමන්ට ලිඛිත පොරොන්දුවක්

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන් මෙන්ම ඊට සම්බන්ධ සියලූ පිරිස අනාගතයේ දිනක පිහිටුවන තම රජයක් යටතේ විනිවිදභාවයකින් යුතු ස්වාධීන අපක්ෂපාතී පරීක්ෂණයක් හරහා නීතිය හමුවට ගෙන එන බවට කාදිනල්තුමා ට ලිඛිත පොරොන්දුවක් අද ලබා දෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කොට ඇත.
සමගි ජන බලවේගය ලෙස එම පොරොන්දුව ලබා දෙන බව කී විපක්ෂ නායකයා එම පොරොන්දු පත්‍රය සභාගත කරන බවද සඳහන් කළේය.
පාස්කු ප්‍රහාරය ගැන ඉක්මන් හා විධිමත් පරීක්ෂණ කරන ලෙස හා දැනටමත් හඳුනාගෙන සිටින චෝදිතයන්ට එරෙහිව නීතිමය පියවර ගන්න ලෙස, කාදිනල් තුමා සහ කතෝලික ප්‍රජාව මේ වනවිට උද්ඝෝෂණ දැඩි කොට තිබේ.
