20 සංශෝධනය ඉවත් කර 19 ට යන්න – ආණ්ඩුවෙන් ඉවත් වූ කණ්ඩායම යෝජනා භාරදෙයි

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඉවත් කොට 19 සංශෝධනයේ තිබු ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ යලි ස්ථාපිත කිරීම සඳහා වූ නව ව්‍යවස්ථා සංශෝධනයක් සඳහා යෝජනාවක් ආණ්ඩුවෙන් ඉවත් වූ 41 කණ්ඩායම විසින් අද කතානායක තුමා වෙත භාර දුන්නේ ය.
මෙබඳු යෝජනා කිහිපයක් තමන් වෙත ලැබී ඇති බවත්, ඒ සියල්ල නීතිපතිවරයාගේ උපදෙස් සඳහා යොමු කරන බවත් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට අද දැනුම් දුන්නේ ය.
