එඩ්වින් ආරියදාස මහතා දිවි සැරියට සමුදෙයි

ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදියෙකු, සිනමා විචාරකයකු, මාධ්‍යවේදියකු, පරිසරවේදියකු, ගුරුවරයකු මෙන්ම වියතෙකු ලෙස ජනාදරයට පත් වූ කලාශුරී එඩ්වින් ආරියදාස මහතා අභවප්‍රාප්ත වී ඇත.  ඒ මහතා “ඇවිදින පුස්තකාලය”  යන නමින්ද අමතනු ලැබිණි. 1922 දෙසැම්බර් 3 වන දින ගාල්ල උණවටුන ප්‍රදේශයේ උපත ලැබූ ඒ මහතා ගාල්ල මහින්ද විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා කොළඹ විශ්න විද්‍යාලයට ඇතුළත් විය සිංහල හා…

නැගෙනහිර පර්යන්තය ගැන නැගෙන චෝදනා UNPය ප්‍රතික්ෂේප කරයි

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය විකිණීම සඳහා තම රජය එකඟ වූ බවට නැගෙන චෝදනා එක්සත් ජාතික පක්ෂය ප්‍රතික්ෂේප කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් එක්සත් ජාතික පක්ෂය පවසන්නේ, නැගෙනහිර පර්යන්තය හෝ කොළඹ වරායේ කිසිදු කොටසක් ඉන්දියාවට, ජපානයට හෝ වෙනත් රටකට විකිණීම සඳහා 2019දී එවකට පවතී රජය කිසිදු ගිවිසුමකට එළඹ නැති බවය. එක්සත් ජාතික පක්ෂය සඳහන් කරන්නේ පර්යන්ත…

පැණිය එක්ස්ෆයර්ඩ්නේ මගෙන් වැක්සින් එක ගැන අහන්න මම ඒකට පිළිතුරු දෙන්නම් – සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ

ශ්‍රී ලංකාවට හොද ජාතික ප්‍රතිශක්තිකරණ පද්ධතියක් තිබෙන හෙයින් කොරෝනා එන්නත දීම අභියෝගයක් නොවන බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය. කොරෝනා වෛරසයට එරෙහිව හැකි ඉක්මණින් එන්නත ලබා දීමට කටයුතු කරන බවයි අමාත්‍යවරිය කියා සිටියේ. අද (22) කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි රාජ්‍ය අමාත්‍යවරිය මේ බව …

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනිකා එන්නතට ඖෂධ නියාමන අධිකාරයේ අනුමැතිය

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනිකා එන්නතට ඖෂධ නියාමන අධිකාරයේ අනුමැතිය

කොවිඩ් 19 පාලනය සඳහා භාවිතා කෙරෙන, ඔක්ස්ෆර්ඩ් සරසවියෙන් සොයාගත්, ඇස්ට්‍රා සෙනිකා එන්නත ශ්‍රී ලංකාවේ භාවිතය සඳහා ශ්‍රී ලංකා ඖෂධ නියාමන අධිකාරියේ අනුනතිය හිමි වී ඇත. මෙම අනුමැතිය හදිසි භාවිතය සඳහා වුවක් ලෙස ලබා දී තිබේ. මේ අතර රුසියාවේ ස්පුට්නික් එන්නත ද ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය සඳහා ඉදිරිපත් කොට ඇති බව වාර්තා වෙයි. චීනයේ නිෂ්පාදිත කොවිඩ්…

ඇමෙරිකාවේ බයිඩන් පාලනය ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ගැන යලි ප්‍රශ්න කරාවි – ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් මොහාන් සමරනායක

ඇමෙරිකාවේ බයිඩන් පාලනය ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ගැන යලි ප්‍රශ්න කරාවි – ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් මොහාන් සමරනායක

ඇමෙරිකාවේ අලුතින් පත් වූ ජනාධිපති ජෝ බයිඩන්ගේ පාලනය ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවීම්  ගැන නැවතත් තදින් ප්‍රශ්න කාරනු ඇති බව ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් මොහාන් සමරනායක මහතා පවසයි. ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවීම් ගැන තදින් ප්‍රශ්න කළ ජනාධිපති බරක් ඔබාමාගේ උප ජනාධිපති ලෙස සිටි ජෝ බයිඩන් යටතේ යලි බලවත් වී ඇත්තේ ශ්‍රී ලංකාවේ මානව හිමිකම්…

ගොඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම් සමයේ මානව හිමිකම් කඩවීම් වාර්තා සමාලෝචනයට ජනාධිපති කමිටුවක් පත්කරයි

ගොඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම් සමයේ මානව හිමිකම් කඩවීම් වාර්තා සමාලෝචනයට ජනාධිපති කමිටුවක් පත්කරයි

වත්මන් ජනාධිපති ගොඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම් ලෙස කටයුතු කළ, යුද්ධයේ අවසන් සමයේ සිදු වූ බවට චෝදනා කෙරෙන මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳව මෙතෙක් කර ඇති පරීක්ෂණ වාර්තා අධ්‍යනය කොට සමාලෝචනය කිරීමටත් , එම චෝදන පිළිබඳව සොයා බලා  නිර්දේශ ඉදිරිපත් කිරීමටත් ජනාධිපති පරීක්ෂණ කොමිසමක් පත්කරනු ලැබ ඇත. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඒ එච් එම් ඩී නවාස් මහතගේ…

අද (21 ) එක දිනට ආසාදිතයින් 873 යි ; තත්ත්වය දිනෙන් දින දරුණු අතට

අද (21 ) එක දිනට ආසාදිතයින් 873 යි ; තත්ත්වය දිනෙන් දින දරුණු අතට

එක දිනක දී වාර්තා වුන කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව අද 873 දක්වා ඉහළ ගියේ ය. මේ වනවිට වර්තමාන කොවිඩ් රැල්ලේ ආසාදිත සංඛ්‍යාව 52,202 ක් දක්වා ඉහළ ගොස් තිබේ . ශ්‍රී ලංකාවෙන් හමුවූ සමස්ත ආසාදිත සංඛ්‍යාව 56,069 දක්වා ඉහල ගොස් තිබේ. දිනපතා හමුවන රෝගීන් සංඛ්‍යාව පසුගිය දිනවල දිගින් දිගට ඉහළ යමින් පවතියි. තත්ත්වය දිනෙන් දින දරු…

තවත් කොවිඩ් මරණ දෙකක්

කොවිඩ් 19 ආසාදනය වීම නිසා සිදු වූ මරණ දෙකක් අද වාර්තා වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්ත මේන්තුව නිවේදනය කරයි. මෙම මරණ දෙක වාර්තා වන්නේ පෑලියගොඩ සහ අතුරුගිරිය ප්‍රදේශ වලිනි.  

කෝටි 1880 ක් ණයට අරන් හදපු නෙළුම් කුළුණෙන් ආදායමක් නෑ

චීනයේ එක්සිම් බැංකුවෙන් රුපියල් කෝටි 1880ක පමණ ණය මුදලක් ලබාගෙන ඉදිකළ ‘නෙළුම් කුළුණ’ ඉකුත් 2019 සැප්තැම්බර් මස 16 වන දින විවෘත කළත් පවතින Covid-19 වසංගත තත්ත්වය හේතුවෙන් ඉන් කිසිදු ආදායමක් ලබාගැනීමට හැකි වී නැතැයි අනාවරණය වේ. මෙම ණය මුදලට අදාළව වසරකට පොලිය පමණක් රුපියල් මිලියන 560ක් පමණ ගෙවීමට සිදුව ඇතැයි විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ…

ලෝක සෞඛ්‍ය සංවිධානයට , පරිසර සමුළුවට ඇමෙරිකාව යලි එයි ; විධායක නියෝග ජනාධිපති බයිඩන් ඊයේ ම අත්සන් තබයි

ලෝක සෞඛ්‍ය සංවිධානයට සහ පැරිස් පරිසර සමුළුවට යලි  සම්බන්ධ වීමේ විධායක නියෝගවලට ඇමෙරිකානු නව ජනාධිපති ජෝ බයිඩන් ඊයේ ම අත්සන තැබූ බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි . සිය නිල රාජකාරී ආරම්භ කරමින් කළ පළමු කටයුතු ලෙස ජනාධිපතිවරයා මෙම නියෝග අත්සන් තබා ඇත. ඇමෙරිකාවට ඇතුළුවීමට ඇතැම් රටවල පුරවැසියන්ට සීමා පනවමින් හිටපු ජනාධිපති ට්‍රම්ප් පනවා තිබු නියෝග…

ඇමතිගේ යෝජනාවෙන් අන්තවාදීන්ට, ත්‍රස්තවදීන්ට නොමිලේ යුද පුහුණුව !

වයස 18 ට වැඩි සියලු දෙනාට අනිවාර්ය යුද  පුහුණුව ලබා දීමේ මහජන ආරක්ෂමක ඇමතිවරයාගේ යෝජනාව ක්‍රියාවට නැගුවහොත් ත්‍රස්තවාදීන්ටත් ආණ්ඩුවෙන් නොමිලේ ම යුද  පුහුණුව ලබාදීමක් සිදුවනු ඇති බව දේශපාලන අංශ පෙන්වා දෙයි . ප්‍රභාකරන්ගේ සහ සහරාන්ගේ ත්‍රස්තවාදී කණ්ඩායම් මෙම යුද  පුහුණුව ලබා ගත්තේ රහසිගත කඳවුරු වල විශාල වියදමක් දරා බවත්  එලෙස කටයුතු කළ ද ශ්‍රී ලංකා…

අද (20) කොවිඩ් ආසාදිතයින් 768 ක් ; මරණ එකයි
|

අද (20) කොවිඩ් ආසාදිතයින් 768 ක් ; මරණ එකයි

අද දිනයේ කොවිඩ් 19 ආසාදිතයින් 768 ක් අලුතින් වාර්තා වී ඇත . ඒ අනුව වත්මන් රැල්ලේ වාර්තා වී ඇති ආසාදිත සංඛ්‍යාව 51,329 ක් වෙයි. මෙරටින් හමු වූ සමස්ත අසාදිත සංඛ්‍යාව 55,169 කි. අද දිනයේ ද තවත් මරණයක් වාර්තා වී ඇත. එම මරණය වාර්තා වී ඇත්තේ මීගමුව , මල්ලවපිටිය ප්‍රදේශයෙනි.