ලෝක සෞඛ්‍ය සංවිධානයට , පරිසර සමුළුවට ඇමෙරිකාව යලි එයි ; විධායක නියෝග ජනාධිපති බයිඩන් ඊයේ ම අත්සන් තබයි

ලෝක සෞඛ්‍ය සංවිධානයට සහ පැරිස් පරිසර සමුළුවට යලි සම්බන්ධ වීමේ විධායක නියෝගවලට ඇමෙරිකානු නව ජනාධිපති ජෝ බයිඩන් ඊයේ ම අත්සන තැබූ බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි . සිය නිල රාජකාරී ආරම්භ කරමින් කළ පළමු කටයුතු ලෙස ජනාධිපතිවරයා මෙම නියෝග අත්සන් තබා ඇත.
ඇමෙරිකාවට ඇතුළුවීමට ඇතැම් රටවල පුරවැසියන්ට සීමා පනවමින් හිටපු ජනාධිපති ට්‍රම්ප් පනවා තිබු නියෝග ද බයිඩන් මහතා විසින් ඉවත් කරනු ලැබ ඇත.
තවත් මෙබඳු විධායක නියෝග ගණනාවකට ජනාධිපති බයිඩන් ඊයේ අත්සන් තැබී ය.
ගෝලීය උස්ණත්වය පාලනය කිරීමට පියවර ගැනීම ප්‍රතික්ෂේප කරමින් ට්‍රම්ප් ජනාධිපතිවරයා පැරිස් පරිසර සමුළුවෙන් ඉවත් වීය. එම තීරණය ඊයේ ආපසු හරවනු ලැබීය.
ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඇමෙරිකාව ඉවත් වුයේ කොවිඩ් 19 ව්‍යාප්ත වෙමින් තිබිය දී ඉකුත් මැයි මාසයේ දී ය. අමෙරිකාවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයට දීමට එකඟ වී සිටි මුදල් ද ට්‍රම්ප් ජනාධිපතිවරයා විසින් නවතා දමනු ලැබී ය. එය කොවිඩ් පාලනයට ද බලවත් පහරක් ව තිබිණි. ඇමෙරිකාව යලි පැමිණීම ගෝලීය කොවිඩ් වසංගතය මැඩලීමට විශාල පිටුවහලක් වනු ඇතැයි විශ්වාස කෙරෙයි.
ඇමෙරිකාවේ වසංගත රෝග පාලන අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය ඇන්තනි පවුචි මහතා අද සිට ම ලෝක සෞඛ්‍ය සංවිධානයේ වැඩ කටයුතු වලට සහභාගීවීමට නියමිත බව ඇමෙරිකානු ජනමාධ්‍ය වාර්තා කොට තිබිණි.
ජනාධිපති බයිඩන්ගේ පාලනය ගෝලීය කොවිඩ් පාලනයට වැඩි දායකත්වයක් දෙනු ඇති බව ද, ශ්‍රී ලංකාව ඇතුළු තුන්වන ලෝකයේ රටවලට ලබාදෙන එන්නත් ප්‍රමාණය ද වැඩි කළ හැකි වනු ඇති ද ජනමාධ්‍ය මගින් විශ්වාසය පලකොට තිබිණි.
