ඇමතිගේ යෝජනාවෙන් අන්තවාදීන්ට, ත්රස්තවදීන්ට නොමිලේ යුද පුහුණුව !
වයස 18 ට වැඩි සියලු දෙනාට අනිවාර්ය යුද පුහුණුව ලබා දීමේ මහජන ආරක්ෂමක ඇමතිවරයාගේ යෝජනාව ක්රියාවට නැගුවහොත් ත්රස්තවාදීන්ටත් ආණ්ඩුවෙන් නොමිලේ ම යුද පුහුණුව ලබාදීමක් සිදුවනු ඇති බව දේශපාලන අංශ පෙන්වා දෙයි .
ප්රභාකරන්ගේ සහ සහරාන්ගේ ත්රස්තවාදී කණ්ඩායම් මෙම යුද පුහුණුව ලබා ගත්තේ රහසිගත කඳවුරු වල විශාල වියදමක් දරා බවත් එලෙස කටයුතු කළ ද ශ්රී ලංකා හමුදාවේ පුහුණුව තරම් උසස් පුහුණුවක් ඔවුන්ටනොලැබුණු බවද දේශපාලන අංශ පෙන්වා දෙයි.
ශ්රී ලංකා හමුදාව මගින් එක අයෙකුට යුධ පුහුණුව ලබාදීම සඳහා රුපියල් ලක්ෂ හතකට වැඩි මුදලක් වියදම් වන බව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා කියයි.
මහජන ආරක්ෂක ඇමතිවරයාගේ යෝජනාව අනුව සියලු දෙනාට යුද පුහුණුව ලබාදුනහොත් අනාගතයේ බිහිවිය හැකි ත්රස්තවාදීන්ට නොමිලේ ම යුද පුහුණුව ලබාගත හැකි වෙයි.
එමෙන් ම පාතාල කල්ලි සාමාජිකයින්ට ද මෙම පුහුණුව ලැබීම නීතිය සහ සාමය රැකීමට ද විශාල ප්රශ්නයක් විය හැකි බව කියති.
