අද (21 ) එක දිනට ආසාදිතයින් 873 යි ; තත්ත්වය දිනෙන් දින දරුණු අතට

එක දිනක දී වාර්තා වුන කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව අද 873 දක්වා ඉහළ ගියේ ය.
මේ වනවිට වර්තමාන කොවිඩ් රැල්ලේ ආසාදිත සංඛ්‍යාව 52,202 ක් දක්වා ඉහළ ගොස් තිබේ .
ශ්‍රී ලංකාවෙන් හමුවූ සමස්ත ආසාදිත සංඛ්‍යාව 56,069 දක්වා ඉහල ගොස් තිබේ.
දිනපතා හමුවන රෝගීන් සංඛ්‍යාව පසුගිය දිනවල දිගින් දිගට ඉහළ යමින් පවතියි.
තත්ත්වය දිනෙන් දින දරු අතට පත්වෙමින් තිබෙන අතර සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති ප්‍රකාශ කරන්නේ කොවිඩ් රෝග පාලනය රජය අතින් ගිලිහෙමින් පවතින බව යි.
කෙසේ වෙතත් රජය ඒ කිසිවක් නොපිලිගනීයි.
අද දිනයේ රටේ ගුවන් තොටුපළ ද විවෘත කළේ මෙම තත්ත්වය පවතිද්දී ම ය .
