අදත් කොවිඩ් මරණ දෙකක්

කොවිඩ් 19 ආසාදනය වීම නිසා සිදු වූ මරණ දෙකක් අද වාර්තා වී ඇත. මෙම මරණ වාර්තා වී ඇත්තේ කොළඹ 15 සහ ගෝනපොල ප්‍රදේශවලිනි . මේ අනුව මෙරටින් වාර්තා වූ කොවිඩ් මරණ සංඛ්‍යාව 290 දක්වා ඉහළ ගොස් තිබේ.

වෙන කිසිවකු විසින් සහරාන් මෙහෙයවුවාදැයි සැකයි – ශානි අබේසේකර

වෙන කිසිවකු විසින් සහරාන් මෙහෙයවුවාදැයි සැකයි – ශානි අබේසේකර

පාස්කු ප්‍රහාරය මෙහෙය වූ ත්‍රස්තවාදී කණ්ඩායමේ නායකයා ලෙස තමන් දන සිටියේ සහරාන් හසීම් බවත් , එසේ වුව ද, ඔහු මරාගෙන මැරෙන ප්‍රහාරයෙන් මියයාම නිසා වෙනත් කිසිවකු ඔහුව මෙහෙයවන ලද්දේදැයි සැකයක් තමන්ටත් මතුවන බවත් , අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර පහතා පාස්කු ප්‍රහාරය ගැන පරීක්ෂා කරන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දෙමින් අද ප්‍රකාශ කළේ…

රාජ්‍ය ඇමති අරුන්දික ප්‍රනාන්දුටත් කොවිඩ් ; පාර්ලිමෙන්තුවෙන් හත් වැන්නා !

පොල් . තල සහ කිතුල් ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය ඇමති අරුන්දික ප්‍රනාන්දු මහතාට කොවිඩ් 19 ආසාදනය වී ඇති බව වාර්තා වෙයි, දින ගණනාවක් රෝගාතුරව සිටි ඒ මහතා කොවිඩ් ආසාදිතයකු බව පසුව කළ පරීක්ෂණයක දී තහවුරු වී තිබේ. ඒ මහතා ප්‍රතිකාර සඳහා මධ්‍යස්ථානයක් වෙත යොමුකිරීමට නියමිත ය. පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් අතරින් කොවිඩ් 19 වැළඳුනු හත් වැන්නා අරුන්දික…

නවීන් දිසානායක එජාපයෙන් නොයයි ; නායකත්වයට ලිපියකින් දැනුම් දෙයි

නවීන් දිසානායක එජාපයෙන් නොයයි ; නායකත්වයට ලිපියකින් දැනුම් දෙයි

එකසත් ජාතික පක්ෂයෙන් ඉවත්වනු ඇති බවට ආරංචි පැතිර ගිය පක්ෂයේ ජාතික සංවිධායක නවීන් දිසානායක මහතා පක්ෂය හැර නොයන බව පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යවමින් දැනුම් දී තිබේ. තමන්ට ලබා දී තිබෙන ජාතික සංවිධායක ධුරයට වෙනත් අයෙකු පත්කර ගැනීමට තම විරුද්ධත්වයක් නැති බව එම ලිපියේ සඳහන් වන නමුත් එම තනතුරින් ඉවත්වන බවක් සඳහන්…

අද තවත් කොවිඩ්  ආසාදිතයින් 748 ක් ; මරණ 1 ක්

අද තවත් කොවිඩ් ආසාදිතයින් 748 ක් ; මරණ 1 ක්

අද තවත් කොවිඩ් 19 ආසාදිතයින් 748 දෙනෙකු අලුතින් හඳුනාගෙන ඇති බව වාර්තා වෙයි. ඒ අනුව මෙරටින් සොයාගත් සමස්ත ආසාදිත සංඛ්‍යාව 59,933 ක් දක්වා ඉහළ ගොස් තිබේ වත්මන් කොවිඩ් රැල්ලේ ආසාදිත සංඛ්‍යාව 56,036 කි. කොවිඩ් ආසාදිත 288 වන මරණය අද වාර්තා වීය. ඒ රාගම ප්‍රදේශයේ පදිංචි කාන්තාවකි.

ශ්‍රී ලංකාවේ අලුත් පරීක්ෂණ කොමිසම ඇස් බැන්ඳුමක් – හියුමන් රයිට්ස් වොච්

මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් මෙතෙක් පරීක්ෂා කළ කොමිසන් වාර්තා යලි පරීක්ෂා කිරීමට ශ්‍රී ලංකාව තවත් කොමිසන් සභාවක් පත්කිරීම ඇස් බැන්දුමක් බවත් , එය මානව හිමිකම් කවුන්සිලයේ පරීක්ෂණ වලින් ගැලවීමේ උත්සහයක් පමණක් බවත් , හියුමන් රයිට්ස් වොච් සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රහාශ කරයි. ශ්‍රී ලංකා රජය පසුගිය දශකයක පමණ කාලය තුළ මෙබඳු කොමිසන් දුසිමකට වඩා…

සහරාන්ලා ගැන අනතුරු ඇඟෙව්වා, හිටපු ජනපති උනන්දුවක් දැක්වූයේ නෑ – ශානි අබේසේකර සාක්ෂි දෙමින් කියයි

මාවනැල්ලේ බුදු පිළිම කැඩීම සහ වනාතවිල්ලුවෙන් පුපුරණ ද්‍රව්‍ය සොයාගැනීම යන සිද්ධීන්වලට එකම කණ්ඩායමක් සම්බන්ධ බව හා ඔවුන් ඉදිරියේදී විනාශකාරි ක්‍රියාවකට යොමුවිය හැකි බවට පාස්කු ප්‍රහාරයට පෙර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැනුවත් කළ බව ශානි අබේසේකර මහතා පවසයි. කොළඹ ජාතික රෝහලේ සිට ස්කයිප් තාක්ෂණය ඔස්සේ පාස්කු කොමිසම වෙත අද (26) දෙවන දිනටත් සාක්ෂි ලබාදෙමින් අපරාධ…

දේශපාලන පලිගැනීම් පරීක්ෂණ කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක නොකරන්නැයි ජනපතිගෙන් උපදෙස්

දේශපාලන පලිගැනීම් පිලිබඳ පරීක්ෂණය කළකොමිසන්  සභාවේ නිර්දේශ අනුව පොලිස් සේවයේ උසස්වීම සිදු නොකරන ලෙස ජනාධිපති ගොඨාභය රාජපක්ෂ මහතා මහජන ආරක්ෂක අමාත්‍යංශයට උපදෙස් දී ඇති බව වාර්තා වෙයි. මෙම නිර්දෙස අනුව උසස්වීම් ලබාදීමට පොලිසියේ ඉහළ සිට පහළට නිලධාරීන් විශාල පිරිසක් විරුද්ධ බවත් , එලෙස උසස්වීම් ලබාදුන හොත් පොලිස්  සේවයේ පරිපාලනය බිඳ වැටෙනු ඇති බවත් , ඇමති…

තවත් කො‍විඩ් මරණ 4 ක් වාර්තා වෙයි

කොවිඩ්-19 වයිරසය ආසාදනය වීම හේතුවෙන් තවත් පුද්ගලයන් සිවුදෙනකු මරණයට පත්ව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ  (25) රාත්‍රියේ තහවුරු කළේය.ඒ අනුව වයිරසය ආසාදනය වීම හේතුවෙන් මියගිය සමස්ත මරණ සංඛ්‍යාව 287 ක් දක්වා ඉහළ ගියේය. බේරුවල සහ දැරණියගල ප්‍රදේශවල පදිංචි 49 සහ 43 වයස්වල පසුවන කාන්තාවන් දෙදෙනෙකුද, වරකාගොඩ සහ කොළඹ 8 ප්‍රදේශවල පදිංචි 76 සහ 71…

කොළඹ වගේ වරායක් හදාගන්න ඉන්දියාවට බෑ , කොළඹ ජැටියක් ඉල්ලන්නේ ඒකයි – ඇමති විමල් වීරවංශ

කොළඹ වගේ වරායක් හදාගන්න ඉන්දියාවට බෑ , කොළඹ ජැටියක් ඉල්ලන්නේ ඒකයි – ඇමති විමල් වීරවංශ

ඉන්දියාවෙන් කෙරෙන භාණ්ඩ ප්‍රති අපනයන කටයුතු සඳහා ඔවුන්ගේ ම වරායක් සාදා ගැනීමට ඉන්දියාවට හැකියාවක් නැති බව ඇමති විමල් වීරවංශ මහතා කියයි. එසේ හැකියාව තිබුනා නම් මේ වනවිටත් වරායක් හදාගන්නා  බවත්, කොළඹ නැගෙනහිර ජැටිය ඉල්ලන්නේ ඔවුන්ට වරායක් හදාගන්න බැරි නිසා බවත් වීරවංශ මහතා කියයි. කොළඹ වරායේ දැනටත් සියයට හැත්තෑවකට වඩා  සිදුවන්නේ ඉන්දියානු භාණ්ඩ ප්‍රති අපනයනය බවත්…

අද (25 ) කොවිඩ් ආසාදිතයින් 737 ක් ; සමස්තය 59,175 ක්

අද (25 ) කොවිඩ් ආසාදිතයින් 737 ක් ; සමස්තය 59,175 ක්

අද දිනයේ කොවිඩ් 19 ආසාදිතයින් 737 දෙනෙකු අලුතින් සොයාගත් බව වාර්තා වෙයි. ඒ අනුව මෙරටි හමුවූ කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 59,175 ක් දකවා ඉහළ ගොස් ඇත. වත්මන් රැල්ලේ සංඛ්‍යාව 55,288 කි. වසර අවසානයේ ජනයා  සිය ගම්  රටවල් බලා ගිය නිසා මෙලෙස රෝගීන් වැඩිවීම බලාපොරොත්තුව සිටි බව වැඩ බලන නියෝජ්‍ය  සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ හේමන්ත හේරත් මහතා පවසයි.

රුපියල බේරාගන්න මහ බැංකුව ඩොලර් කල්තියා විකිණීම තහනම් කරයි
|

රුපියල බේරාගන්න මහ බැංකුව ඩොලර් කල්තියා විකිණීම තහනම් කරයි

දිගින් දිගට රුපියල අවප්‍රමාණ වීම වලකාගැනීමේ පියවරක් ලෙස ඩොලර් ඉදිරිකාලීන විකුණුම් සහ මිල දී ගැනීම් නොකරන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව අද සියලු වාණිජ බැංකුවලට නියෝග කළේය. ඒ අනුව මාස තුනක්  වැනි ඉදිරි කාලය සදහා ඩොලර් නිකුත්කිරීමේ ගිවිසුම්වලට එළඹීම  වාණිජ බැංකුවලට තහනම් වෙයි. පසුගිය මාසයක කාලය තුළ ඩොලරය රුපියල් 185 සිට රුපියල් 200 දක්වා රුපියලේ…